දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝඨා ජනපතිවරණයට ආවොත් එජාපයට ගේමක් නැහැ
Homeදේශපාලන

ගෝඨා ජනපතිවරණයට ආවොත් එජාපයට ගේමක් නැහැ

PropellerAds

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් එය එක්සත් ජාතික පෙරමුණට වඩාත් වාසිදායක තත්ත්වයක් බව හිටපු...

වන විනාශ අවදානමක් ඇති ප්‍රදේශවලට STF කඳවුරු
කොටගල දමිල මහා විදුහලේ ගුරුවරුන් දෙදෙනෙකුට සහ දරුවන් දෙදෙනෙකුට කොවිඩ් පොසිටිව්
අගමැති මහින්දගෙන් අලුත් බලධාරියෙක්! අණ පනතුත් වෙනස් කරයි
ගෝඨා ජනපතිවරණයට ආවොත් එජාපයට ගේමක් නැහැ
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් එය එක්සත් ජාතික පෙරමුණට වඩාත් වාසිදායක තත්ත්වයක් බව හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා පුවත්පතකට ප‍්‍රකාශ කළේය.

සමස්ත ශ‍්‍රී ලංකාවාසීන් ගෝඨාභය යනු කුමනාකාකරයේ පුද්ගල චරිතයක් ද යන්න හොඳාකාරවම දන්නා බවත් අනුකම්පා විරහිත පුද්ගලයකු ලෙස ප‍්‍රකට ඔහු කෙරෙහි ජනතා ප‍්‍රසාදයක් නොමැති බව ද ඒ මහතා සඳහන් කළේය.

එම පුවත්පතට විශේෂ ප‍්‍රකාශයක් ලබා දෙමින් අදහස් දැක්වූ පාලිත රංගෙ බණ්ඩාර මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.

ඩලස් අලහප්පෙරුම මහතා කියා තිබුණා මේ දිනවල එයාගේ හෘද ස්පන්දනය වෙන්නෙත් ගෝඨා... ගෝඨා... කියලා. නමුත් මම කියන්න කැමතියි රටේ ජනතවගේ හෘද ස්පන්දනය වෙන්නේ ගෝඨා.... සුදු වෑන් ගෝඨා.. සුදු වෑන් කියලා. මේ රටේ මිනිස්සු මර බිය කුමක්ද කියලා හොඳාකාරවම දන්නවා. උතුරු නැෙඟනහිර, හම්බන්තොට, කොළඹ, දකුණ ප‍්‍රදේශවල ජනතාව කිසිදු පක්‍ෂ පාට, ජාති භේදයකින් තොරවම ගෝඨාභය පරාජය කරන එක සැකයක් නැහැ. මට බය නැතිව කියන්න පුළුවන් ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත්වුණොත් අනෙක් අපේක්‍ෂකයන්ට ‘ගේමක්’ නැහැ කියලා. මොකද මේ රටේ මිනිස්සුන්ට අමතකව ගිය සුදු වෑන් සංස්කෘතිය නැවත පැමිණෙනවාට කවුරුත් කැමැති නැහැ. ඒ නිසා මර බිය හඳුනන ජනතාව ගෝඨාභය රාජපක්‍ෂව එකහෙළා ප‍්‍රතික්‍ෂේප කරන බව ඉර හඳ වගේ විශ්වාසයි.

ඔහුට විරුද්ධව තිබෙන චෝදනා සුළුපටු නැහැ. මේ එකක්වත් ජනතාවට සඟවන්න බැහැ. මේ තිබෙන භයානක චෝදනා නිසාම ඔහු ජනාධිපතිවරණයට මුවා වෙන්න හදනවා. නමුත් සත්‍ය කවදා හෝ එළි වෙනවාමයි. එදාට ගෝඨාභය රාජපක්‍ෂ සිටිය යුතු තැන නීතිය තීරණය කරයි. රාජපක්‍ෂලා නිසා පීඩා විඳපු හුඟක් අය බලාගෙන ඉන්නේ මේ රටේ නීතිය නිසියාකාරව ක‍්‍රියාත්මක වී සත්‍ය ජය ගන්නා තුරු.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29567,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝඨා ජනපතිවරණයට ආවොත් එජාපයට ගේමක් නැහැ
ගෝඨා ජනපතිවරණයට ආවොත් එජාපයට ගේමක් නැහැ
http://am.lk/media/k2/items/cache/ace17755e0defb6520de8731a559a47b_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_370.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_370.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy