දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"අපි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් අයින් වුණේ නෑ" - මහින්දගෙන් පැහැදිලි කිරීමක්
Homeප්‍රවෘත්ති

"අපි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් අයින් වුණේ නෑ" - මහින්දගෙන් පැහැදිලි කිරීමක්

PropellerAds

අපි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් අයින් උනේ නැහැ. ඔවුන් UNP එකත් එක්ක ආණ්ඩු කරන්න ගත්තම අපි විපක්ෂයේ වගකීම භාර ගත්තා යයි විපක්ෂ නායක මහින්ද ර...

යළි බැඳුම්කර සටන අරඹන්න ජවිපෙ සූදානම් (VIDEO)
ෆේස්බුක් ඔස්සේ ජනපතිට, අගමැතිට මරණ තර්ජන - තරුණයෙකු රිමාන්ඩ්
විහාරාධිපතිගෙන් කප්පම් ගත් හොර අමාත්‍යංශ ලේකම් දැලේ

අපි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් අයින් උනේ නැහැ. ඔවුන් UNP එකත් එක්ක ආණ්ඩු කරන්න ගත්තම අපි විපක්ෂයේ වගකීම භාර ගත්තා යයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ තංගල්ල කාල්ටන් නිවසේ පැවති නිදහස් කලා සංවිධානයේ හම්බන්තොට දිස්ත්‍රික් සංවිධානය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිණි.

වැඩිදුරටත් අදහස් දැක්වු මහින්ද රාජපක්ෂ මහතා,

"එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරණායක, ඩී.ඒ රාජපක්ෂ යන මහත්වරුන් UNP එකෙන් ඉවත් වී ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමට මුල් වු වුණා. එබැවින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට UNP එකත් සමඟ කිසිම ගණුදෙනුවක් නැහැ. අපිට ගියවර මහ මැතිවරණයෙන් ඡන්ද ලැබුනේ UNP එකත් සමඟ එකතු වී ආණ්ඩු කිරීමට නෙවෙයි. මොවුන් UNP සමඟ ආණ්ඩු කිරීමට යාම නිසයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ බිහි වුනේ. පසුගිය පළාත් පාලන මැතිවරණයේ තුන්වැනි බලවේගය ලෙස තරඟ කළ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සියලු පක්ෂ අභිබවා පළාත් පාලන ආයතනවල බලය ගත්තා. මම අගමැතිවරයාට කිව්වා සංවර්ධන ව්‍යාපෘතින් නවත්තන්න එපා ඒවායේ වැරදි සිදු වී තිබෙනවානම් පරික්ෂා කරන්න. ඒවා නැවැත්වුවොත් රටේ ආර්ථිකය කඩා වැටෙනවා කියලා. මෙයාලා අවුරුදු දෙකක් තිස්සේ පරික්ෂණ කරලා අපි ආරම්භ කල ව්‍යාපෘතීන්ගේ  බෝඩ් ලෑලී ගලවලා මෙයාලගේ නම් ගසා නැවත පටන් ගත්තා."

"දැන් හම්බන්තොට වරාය විකුණලා. මත්තල විකුණන්න හදනවා. කෝච්චිය බෙලිඅත්තට එන්න තිබුනේ මීට අවුරුදු දෙකකට කලින්. නුවරඅධිවේගි මාර්ගයේ වැඩ අවසන් වෙන්න තිබුනා. රත්නපුර අධිවේගී මාර්ගයේ ආරම්භ වෙන්න තිබුනේ. දැන් විදුලි අර්බුදයකුත් තියෙනවා. අපි නොරොච්චෝලේ, කෙරවලපිටිය, ඉහළ කොත්මලේ වැනි විදුලි බලාගාර හදපු නිසා තමුන්නාන්සේලාට මෙහෙමවත් විදුලිය ලැබෙනවා. අපි ආරම්භ කිරීමට සුදානම්ව තිබු සාමපුර් වැනි බලාගාර  නවතා දැම්මා තමයි. විදුලිය කප්පාදුවට හේතුව දැන් විදුලිය පිටින් වැඩි ගණනට අරගෙන එයින් කොමිස් ගන්නයි මේ උදවිය කටයුතු කරන්නේ. රටක විනයක්, ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. උදේට කියන දේ මේ ආණ්ඩුව දවල්ට වෙනස් කරනවා. දවල්ට කියනදේ රෑට වෙනස් කරනවා. මෙහෙම රටක් ගෙනියන්න බැහැ. එක ප්‍රතිපත්තියක් තිබිය යුතුයි" යැයි ඔහු වැඩිදුරටත් පැවසිය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29288,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "අපි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් අයින් වුණේ නෑ" - මහින්දගෙන් පැහැදිලි කිරීමක්
"අපි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් අයින් වුණේ නෑ" - මහින්දගෙන් පැහැදිලි කිරීමක්
http://am.lk/media/k2/items/cache/19c4008e61f04b5f237f08aeb9a6ae8d_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_343.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_343.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy