Loading... හම්බන්තොට ජාත්‍යන්තර වරාය චීන සමාගමකට බදු දීමෙන් පසු එම වරාය පරිශ‍්‍රමයේ පිහිටි සුළංබල විදුලි බලාගාරය ඉවත් කිරිමෙන් ජාතික වි...
Loading...
හම්බන්තොට ජාත්‍යන්තර වරාය චීන සමාගමකට බදු දීමෙන් පසු එම වරාය පරිශ‍්‍රමයේ පිහිටි සුළංබල විදුලි බලාගාරය ඉවත් කිරිමෙන් ජාතික විදුලිබල පද්ධතියට එක් වු මෙගා වෝට් තුනක විදුලිබල ධාරිතාවයක් මේවන විට අහිමි වී තිබේ.
මෙගා වෝට් තුනක විදුලිබල ධාරිතාවයක් දෛනිකව ජාතික විදුලිබල පද්ධතියට එක්කළ මෙම හම්බන්තොට සුළංබල විදුලි බලාගාරය ඉවත් කර මාස පහක පමණ කාලයක් ගතවී තිබේ
නියාමක සුළංබල ව්‍යාපෘතියක් ලෙස හම්බන්තොට සුළංබල විදුලි බලාගාරය මීට වසර තිහකට පමණ පෙර හම්බන්තොට කරගන් ලේවාය භූමියෙහි ඉහල කොටසේ ඉදිකරනු ලැබු අතර පසුව එම බලාගාරය හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ‍්‍රමයට අයත් විය.
එහෙත් පැවැති විදුලි අරබුදය හමුවේ මෙම විදුලි බලාගාරය ඉවත් කරිමට ශ‍්‍රි ලංකා වරාය අධිකාරියට අවශ්‍ය නොවු අතර වරාය ආරම්භ කර සේවා කටයුතු පවත්වා ගෙන ගිය අතර කිසිදු බාධාවකින් තොරව මෙම සුළංබල විදුලි බලාගාරයෙන් විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරිම සුපුරුදු පරිදි සිදුවිය
එහෙත් හම්බන්තොට වරය චින සමාගමක් වු ඉන්ටර්නැෂනල් පෝර්ට් ගෲප් සමාගමට බදු දිමෙන් පසු මෙම සුළංබල විදුලි බලාගාරය පවත්වා ගෙන යන්නේ නම් එම බලාගාරය පිහිටි ඉඩමට ඉහල බදු මුදලක් එම සමාගමට ගෙවීමට විදුලිබල මණ්ඩලයට සිදු වු අතර එම බදු මුදල් නොගෙවන්නේ නම් සුළංබල විදුලි බලාගාරය ඉවත් කර ගන්නා ලෙස චින සමාගම විදුලිබල මණ්ඩලයට දැන්වා තිබුණි.
-Divaina
COMMENTS