ව සර අවසානයට පෙරාතුරව පැවැත්වෙන ජනාධිපතිවරණයේ නිසැක ජයග‍්‍රාහකයා බිහිවන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාවෙන් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරම...
වසර අවසානයට පෙරාතුරව පැවැත්වෙන ජනාධිපතිවරණයේ නිසැක ජයග‍්‍රාහකයා බිහිවන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාවෙන් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත‍්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා ප‍්‍රකාශ කළේය.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු රට හදන, රට දිනවන වේදිකාවක් බව පැවසූ රණතුංග මහතා එම පෙරමුණේ ප‍්‍රතිපත්තිවලට ගරු කරන ඕනෑ අයකුට එම වේදිකාවට ගොඩවිය හැකි බවත් දේශද්‍රෝහී යහපාලන ආණ්ඩුවට එරෙහි ප‍්‍රබලතම පෙරමුණ බිහි වන්නේ එම වේදිකාවෙන් බවත් පැවසීය.
ප‍්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කෙළ් මිනුවන්ගොඩ ආසනයේ ව්‍යාපාරික ප‍්‍රජාව උඩුගම්පොළ දී මුණගැසුණු අවස්ථාවේදීය. මන්ත‍්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප‍්‍රකාශ කළේය.
මෑත ඉතිහාසයේ උදාවෙච්ච අන්තිම නරකම සිංහල අවුරුද්ද තමයි 2019 දී අපට සමරන්න වෙලා තියෙන්නේ. මේ අවුරුද්ද නරක් වෙලා තියෙන්නේ නැකතේ වරදකින්වත්, ජනතාවගේ වරදකින්වත් නෙමෙයි, ආණ්ඩුවේ වරද නිසයි. මිනිස්සුන්ට බඩට කාලා, ඉණට ඇඳලා ඉන්න නැති අවුරුද්දක් උදා වුණේ මේ ආණ්ඩුවේ අ¥රදර්ශී වැඩපිළිවෙළ නිසයි.
අපේ ගම්වල දුප්පත් මිනිස්සු කුකුල් මස් ටිකක් උයලා කටට රහට කෑම වේලක් කන්නේ සිංහල අවුරුද්ද වගේ උත්සව දවසකට විතරයි. හැබැයි අද බලන්න කුකුල් මස් කිලෝ එකක් රුපියල් 750ත් පැනලා. අල කිලෝ එකක් රුපියල් 150යි. ඇඳුම් පැළඳුම් ගත්තත් එහෙමයි. මිනිස්සුන්ට මේ උදා වෙලා තියෙන් කන්න නෙමෙයි ලෙවකන්න වෙන අවුරුද්දක් කියලා අපි කියන්නේ ඒකයි.
2015 දී යහපාලන ආණ්ඩුව රටේ බිහිවෙන කොට රට තිබුණු තැනයි අද රට තියෙන තැනයි සන්සන්දනය කරලා බලන්න. මේකට දේශපාලනය ගාව ගන්න එපා. පාට කණ්නාඩි ගලවලා බලන්න 2015 දී කටට රහට කාපු අපි අද ලෙවකන තත්ත්වයට වැටිලා නැද්ද කියලා. අවුරුදු හතරක් වගේ කෙටි කාලයක් ඇතුළත රටට මේ වගේ තත්ත්වයක් උදා කරපු එක විශ්වකර්ම වැඩක්.
දිවයින

COMMENTS