මීළඟ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ කවුදැයි මෙතෙක් තීරණය කරන්න නැති බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්ත...
මීළඟ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ කවුදැයි මෙතෙක් තීරණය කරන්න නැති බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කරයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපතිවරණය ජය ගැනීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ලක්ෂ 14ක ප‍්‍රමාණයද අනිවාර්යයෙන්ම එකතුව යුතු බවත් කී ඔහු එසේ නොවන්නේ නම් වෙනත් අපේක්ෂකයෙක් ජය ගනු ඇති බවද කීවේය. එනිසා පක්ෂ දෙකෙන් අපේක්ෂකයින් දෙදෙනෙකු ඉදිරිපත් කර පරාජය වීමට නොහැකි නිසා කල්පනා කර බලා සුදුසු එක් අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු යැයි ද ඔහු සඳහන් කරයි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා යැයි කල්තබා ප්‍රකාශ කිරීම නිසා තම පාක්ෂිකයන් ඔහුගේ පාර්ශවය හා එකතු වීමට ඉඩ ඇති නිසා මේ මොහොතේ පක්ෂය පාවා නොදෙන තීරණයක් ගත යුතුව ඇති බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියේ ය.

COMMENTS