ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සීමා හඳුනාගැනීමට කටයුතු කළ යුතු බවත් ඔහු තම සීමාවන් හඳුනා නොගත් බවත් සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ...
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සීමා හඳුනාගැනීමට කටයුතු කළ යුතු බවත් ඔහු තම සීමාවන් හඳුනා නොගත් බවත් සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදි සඳහන් කළේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“ජනපතිතුමා එතුමාගේ සීමාවන් හඳුනා ගත්තේ නෑ. එතුමා එතුමාගේ සීමාවන් හඳුනා ගන්න ඕන. අපි අනිත් කෙනාගේ සීමාවට ගියෝත් අර්බුදයක් ඇතිවෙනවා. අද අර්බුදයක් ඇති ව තිබෙනවා. ව්‍යවස්ථාවයි අධිකරණයි තමන්ගේ සිමා දන්නේ නැතිව අනිත් අයගේ සීමාවට ගියොත් අර්බුද ඇතිවෙනවා. ජනපතිවරයා තම බලතල සියල්ලම අගමැතිට දෙන්න හැඳුවා. ශ්‍රේෂ්ඨාධිකරණයි කිව්වේ එතුමාට ඒ දේ කරන්න බෑ කියලා. අපි කරපු දෙයක් නෙමෙයි මේක. එතුමා සීමාව ඉක්මවා ගියාම අපිට මැදිහත්වෙන්න සිදුවුණා.”
COMMENTS