Loading... කාන්තාවගේ ආර්ථිකය ශක්තිමත් නොකර රටක ආර්ථිකය ශක්තිමත් කල නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ ගරු බැසිල් රජපක්‍ෂ මහත...
Loading...
කාන්තාවගේ ආර්ථිකය ශක්තිමත් නොකර රටක ආර්ථිකය ශක්තිමත් කල නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ ගරු බැසිල් රජපක්‍ෂ මහතා පවසනවා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ ලෝක කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කඵතර ආසන බළ මණ්ඩලය පිහිටුවිම සදහා අද (09) කලුතර නගර ශාලාවෙි පැවති උත්සවයේ ප්‍රධාන දේශණය සිදුකරමිනුයි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු එතුමා කියාසිටියේ "කාන්තා හිංසනය අද පොදු ප්‍රවාහන සේවයන් වලදි මෙන්ම වෙනත් තැන්වලදිත් සිදුවෙනවා. අද රට වෙලාගෙන ඉන්නා මත් උවදුර නිසා වැඩිම පිඩාවට පත්වන්නේ නිවසේ මව, බිරිද හෝ දියණියයි. ඉදිරියේ බිහිකරන පොදුජන පෙරමුණ රජයක් යටතේ මේ හිංසනය සහ පීඩාව නැති කිරිමට පියවර ගන්නවා."
අගමැතිගේ නායකත්වයෙන් යුත් එක්සක් ජාතික පක්‍ෂය සේම ජනාධිපති ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් සමග තරගකොට පසුගිය පළාත් පාලන මැතිවරණයේදි කොට්ටාස 3900ක් හා පළාත් පාලන ආයතන 231 ක් ජයග්‍රහනය කල බවත් ඒ උතුරු නැගෙනහිර නැතිව බවත්, ඉදිරි මැතිවරණ වලට පොදුජන පෙරමුණ ඉදිරිපත් වන්නේ එම ප්‍රදේශත් සංවිධානය කරමින් මුඵ රටම ජයග්‍රහණය කිරීමේ සූදානමක් සහිතව බවත් වැඩිදුරටත් පවසා සිටියා.
මෙම අවස්ථාවට පළාත් සභාල පළාත් පාලන මන්ත්‍රිවරුන් හා සම්භාවනීය අමුත්තන් සහ කලුතර පොදුජන කාන්තා පෙරමුණේ විශාල පිරිසක් සහභාගී වී සිටීමද විශේෂත්වයකි.
පොතුපිටිය සුමිත් රණවක-මවිබිම පුවත්පත
COMMENTS