Loading... විදේශයන්හි නිෂ්පාදිත සුඛෝපභෝගී මෙට්‌ට තුළ සඟවා මෙරටට නීති විරෝධී ලෙස ආනයනය කර තිබූ රුපියල් ලක්‌ෂ දහයකට අධික වටිනා විදේශීය මත...
Loading...
විදේශයන්හි නිෂ්පාදිත සුඛෝපභෝගී මෙට්‌ට තුළ සඟවා මෙරටට නීති විරෝධී ලෙස ආනයනය කර තිබූ රුපියල් ලක්‌ෂ දහයකට අධික වටිනා විදේශීය මත්පැන් තොගයක් සමග සැකකරුවකු සුරාබදු දෙපාර්තමේන්තු අපරාධ අංශයේ නිලධාරීන් විසින් 14 වැනිදා දා දින මාරවිල මූදුකටුව ප්‍රදේශයේදී අත්අංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වසර 16 ක සිට ඉතාලියේ ස්‌ථිර පදිංචිව සිටින්නකු බවත්, නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙමින් මේ ආකාරයෙන් ඉතාලියේ සිට නියමිත තීරුබදු නොගෙවා විදේශීය මත්පැන් ගෙනවිත් අලෙවි කිරීම සිදුකර ඇති බවත් විමර්ශනවලදී හෙළිවී ඇත.
සුරාබදු නිලධාරීන් විසින් සැකකරුගේ මාරවිල මූදුකටුව ප්‍රදේශයේ මත්පැන් බෙදාහරින ස්‌ථානය වටලන විට මෙට්‌ට තුළ සූක්‍ෂමව සඟවා තිබී ඇත. ඒ අනුව මත්පැන් තොග අත්අඩංගුවට ගෙන තිබෙන අතර එහි බෝතල් සියයකට අධික ප්‍රමාණයක් තිබී ඇතැයි සුරාබදු නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා කීය.
-divaina.
COMMENTS