දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වනජීවියේ එකට වැඩ කළ ෆොන්සේකා තෙවරප්පෙරුම වාදය
Homeගොසිප්

වනජීවියේ එකට වැඩ කළ ෆොන්සේකා තෙවරප්පෙරුම වාදය

PropellerAds

ඔ ක්තෝබර් 26 ට පෙර ඇමති මණ්ඩලයේ වනජීවී ඇමති හා එම නියෝජ්‍ය ඇමති ලෙස කටයුතු කළ සරත් ෆොන්සේකා හා පාලිත තෙවරප්පෙරුම යන දෙදෙනා මේ දිනවල වාදයක ප...

කෝට්ටේ සම්බාහන මධ්‍යාස්ථාන වැහිවැහලා 99%ක්ම නීති විරෝධියි
මාලිංගගේ බිරිය ටාන්යා පැන්ඩාට කරපු අරියාදුව මුහුණු පොතේ
ඉතිහාසයේ ප්‍රථම වරට ලාංකේය සිනමා නිර්මාණ දෙකක් ඔස්කාර් සම්මාන උළෙලට නිර්දේශ වෙයි
ක්තෝබර් 26 ට පෙර ඇමති මණ්ඩලයේ වනජීවී ඇමති හා එම නියෝජ්‍ය ඇමති ලෙස කටයුතු කළ සරත් ෆොන්සේකා හා පාලිත තෙවරප්පෙරුම යන දෙදෙනා මේ දිනවල වාදයක පැටලී සිටිති. නව අමාත්‍ය මණ්ඩලයට ෆොන්සේකා ඇතුළත් නොකරන්නට ජනපති තීරණය කර
තිබූ අතර පෙර පැවති නියෝජ්‍ය ඇමති ධූරය තෙවරප්පරුමට පමණක් හිමිව  ඇත. මෙම පසුබමි යටතේ ඔවුන් දෙදෙනා එකිනෙකාට පහර ගසමින් සිටී.

කැලණියේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින් සරත් ෆොන්සේකා මෙසේ කියා තිබේ.
'මට තෙවරප්පෙරුම පාලනය කරන්න සිදු වුණේ කුලප්පු වූ හරකකු ලණුව කොට කරගෙන බඳිනවා වගෙයි. වැඩිය වටේ දුවන්න බැරින්වෙන්න මට එයා පාලනය කරන්න සිදුවුණා. බොඩිය තිබුණට පාර්ලිමේන්තුවේ ගුටි කාපු හැටි අපි දැක්කනේ.
වාහනයක නැගගෙන වටේ දිව්වාට නියෝජ්‍ය ඇමැතිවරයෙක් වෙන්නේ නැහැ.

2010 ජනාධිපතිවරණයේදී මා වෙනුවෙන් වැඩ කර හිරේ ගියේ නැහැ. ගල්කටස් වගේකුයි තවත් මොනවාද පුපුරණ ද්‍රව්‍ය වගේකුයි වාහෙන් දාගෙන යනකොට පොලිසියෙන් අල්ලා හිරේ දැම්මා. එයා මගේ ෆීල්ඩ් මාෂල් තනතුරට මට නොලැබිය යුතු දෙයක් කියලා කියනවා. එයා නාවික හමුදාවේ හිටපු රියදුරෙක්, යුද්දේ කාලේ හමුදාවෙන් පැනල ගිහිල්ලා..

හමුදාවෙන් පැනල ගිය කෙනකුට පුළුවන්ද හමුදාපති කෙනෙකු ලැබිය යුතු එනතුරු මොකක්ද නොලැබිය යුතු තනතුර මොකක්ද කියලා කියන්න. කළුතර දිස්ත්‍රික්කයේ ජනතාචගෙනුත් මා ඉල්ලා සිටිනවා මේවාගේ අය පාරිලිමේන්තුවට ඉදිරියටත් එවනවාද නැද්ද කියලා ඉතා වැදගත් තීරණයක් ගන්න කියලා. ජනතාව දැනුවත් කරන්නත් ඉදිරියේදි ඒ ප්‍රදේශයට එන්න බලාපොරොත්තු වෙනවා.

එයා කියන තවත් දෙයක් තමා මම රටපුරා යනකොට හෝටල්වල හිටියා කියනවා. රටපුරා යනකොට මග නතරවෙන වෙනචා. එයා හිටියා වගේ තැන්වල මට ඉන්න බෑනේ. සමහර තැන්වල තරුපහේ ඒවා විතරනම් තියෙන්නේ ඒවායෙත් හිටියා. තරුතුනේ හෝටල්වලත් නතර වුණා. තරු නැති හෝටලන් තර වුණා. ඒක රජයෙන් ගෙවන්නේ නැතිව අපට අතින් ගෙවත්ත අවශ්‍ය නෑ. රාජකාරියට් ගියාම. පසුගිය දවස්වල මෙයා තමන්ගේ අවුරුදු 17 දරුවත් එක්ක උපවාස කළා. එහිදී දරුවට අසාධ්‍ය වුණාම දරුවා බේරා ගන්න රෝහලට රැගෙන යන්න කියලා නෝනා මගෙන් ඉල්ලා සිටියේ. ඒ නෝනගේ යම් වැදගත්කමක් තියෙනවා.

ඉදිරියේදි එයාට නාම යෝජනා ලැබුණත් නැතත් එයාට පාර්ලිමෙන්තු එන්න අපි ඉඩ තියෙන්නේ නැහැ. මාගේ කාර්ය මණ්ඩලයේ මගේ ඥාතී සහෝදරියක් ඉන්නවා තමයි. ඒ ඉන්න හැමෝම හොද උගත් අය. ඔවුන් සියල්ලම උපාධිධාරීන්. හැමෝටම ඉංග්‍රිසියෙන් වැඩ කරන්න පුළුවන්. ඒ නිසා මගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට මා අරගෙන තිබෙනවා. පුද්ගලික කාර්ය මණ්ඩලයට මට ඕනෑනම් ඕනෑ කෙනෙක් තියාගන්න පුළුවන්. ඒකවත් තේරුම් ගන්න බැහැ වගේ මට පේන්නේ.

එයා වටේ ඉන්න අය වගේ නෙවෙයි. මහින්දට මම මෙහෙම කියලා මහින්දට කඩේ යන්න හදනවා. මට හිතෙනවා ඔය පොහොට්ටුවෙන් සල්ලි අරගෙන තමා ඔය විදියට හැසිරෙන්නේ,
නුගේගොඩ පැත්තෙ කවුද දුන්න කියනවා ලක්ෂ හතක්ද කීයක්ද. ඒවා ඒ විජයදාස රාජපක්ෂ කියපු කතා, ජනාධිපතිවරණයේදී පෝලිමට මිනිස්සු ඇවිල්ලා සල්ලි දුන්නා තමයි ඒවා ජනාධිපතිවරණයට වියදම් කළා. හැබැයි මෙයා මට කීවා ගිය මහ මැතිවරණයට ගියේ අතේ සතයක් නැතිව. මහ මැතිවරණයෙන් පස්සේ අතේ ලක්‍ෂ 50ක් ඉතිරිවුණා කියා. එයාගේ දේශපාලනය පටන් ගත්තේ අනිල් මුණසිංහ ගාවින්. එයා මෙයාව පන්නල තියෙනවා.
 ඊට පස්සේ ගියා වෙල්ගම ගාවට. එතැනින් පැන්නුවට පසේ මහින්ද සමරසිංහ ළගට ගිහින් පස්සේ මහින්ද සමරසිංහට ද්‍රෝහී වුණා.
වැරදි කර කර අපට මඩගහන අයට අපි හොඳ පාඩමක් උගන්වනවා. ඔය මනුස්සය මං ගාවට ඇවිත් අනේ බුදු සර්ට මාව ගන්නකෝ ඔයාගේ අමාත්‍යංශයට කියා ඉල්ලා සිටියා. ඉදිරියේදි ඔය පුද්ගලයා ගැන යම් යම් තීරණ ගත යුතුයි.'


------------------------------
මේ අතර කළුතර ප්‍රදේශයේ සිය පාක්ෂිකයින් අමතා නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම මෙසේ කියා සිටී.

' දැයේ වාසනාවට මේ මනුස්සයා ජනාධිපති වුණේ නැහැ. මට ෆොසේස්කා නිසා මා දවස් 400ක් හිරගත වුණා. මගේ පක්ෂය තහනම් කර ගත්තා. කැම්බල් එකේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව රැස්වීමක් තියන්න ලැහැස්ති වෙලා තනිවෙලා ඉන්නකොට මමයි රංගේ බණ්ඩාරයි, අශෝක අබේසිංහ, ශිරාල් ලක්තිලක, මෛත්‍රී ගුණරන්නයි ගියේ නැත්නම් එදා ෆොන්සේකාගේ රෙද්ද ගැලවෙන්නේ කැමබල් එකේදී..

ඒ රැස්වීමට ගියා කියලා මගේත් අශෝක අබේසිංහගේ සහ රංගෙ බණ්ඩාරන්ගේ පක්ෂ සාමාජික්තයත් අහෝසි කළා. අද වෙනකම් ඇහුවේ නැහැ උඹලට මොකද වුණේ කියලා, ෆොක්කා හිරගෙ දරින් එළියට එද්දී පළමුවැනි පිළිගැනීම කළේ මම. මතුගමින් චාහන 400ක් 500ක් පමණ ගෙනවා. හැබැයි ආරක්ෂාව මදියි කියල මතුගම නගරයේදී වාහනයෙන් බහින්න බෑ කීවා. බහින්න බැරි නම් ඔයා යන්න කීවාම තමයි එයා වාහනයෙන් බැස්සේ.

මම වනජීවී නියෝජ්‍ය ඇමැතිකම වැඩ බාර ගන්න අවස්ථාවට එන්න ෆොන්සේකා බෑ කීවා. තේකක් බොන්න බැහැ කිචා, කථා කරන්නත් බැහැ කිව්වා. මම අමාත්‍යාංශයට ගිය දවසේ ලේකම් මහතාගේ කාමරයට අසල වාඩිවෙලා හිටියා. ඒ වෙලාවේ ෆොන්සේකා ආවා. පාලිත මට මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. මම කතා කරලා එනකම් ඉන්න කියලා ඇතුළට ගියා. ඒ මාධ්‍ය සාකච්ඡාවට පුටු දෙකක් තිබුණා. එක පුටුවක් නියෝජ්‍ය අමැතිවරයාට කියලා දැන ගත්තාම එය එතැනින් අයින් කළා. ඒ වගේ දරුණු මිනිහෙක් තමයි ෆොන්සේකා කියන්නේ.
කුහකකම්, කෙනෙහිලිකම් මට ආවත් ඒවා දරාගෙන හිටියේ මේ රටේ මැරෙන අහිංසක අලි ටික බේරාගන්න. මේ රටේ මිනිස්සුන්ට අඳෝනාව නවත්තන්ත. අලි වැටවල් ටික ගහගත්ත ලොකු කැපකිරීමක් කළා. ඒ ටික නොකෙරුණ නිසා මා මැදිහත් වුණේ. කෙරුණා නම් මැදිහත්වෙන්න අවශ්‍ය නැහැනේ,

118000ක් මට මනාප දුන්නේ ඒවාට ඡන්ද 2000ක් අරගෙන එක එකා පිටිපස්සේ ගිහින් මං ඇමැතිකම් ගන්නේ නැහැ. ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ තිබෙනවා කැබ් එකක්. ඒක ආරක්ෂකයන් යන එකක් නොවෙයි. ෆොන්සේකාගේ ආරක්ෂිකයන් කවදාවත් ඒකේ ගිහින් නැහැ. ඒක රථ ගාලේ තිබුණේ. මට
හොරොව්පොතානේ අලි වැටෙන් අලියකු පැන ඉන්නවා ඌව බේරගන්න කියලා කීවේ ෆොන්සේකාම තමයි.
එයාගෙ කීමටයි මම එහේ ගියේ. සහකාර ලේකම් ආනන්ද මහතාට ලිපියක් දී නීත්‍යනුකුලවයි අමාත්‍යාංශ රියෑදුරකුත් අරගෙන මා හොරොව්පොතානට ගියේ. ඒවා මාධ්‍යයේ යනකොට ලොක්කට දරා ගන්න බැරිව ගියා. කුහකකමට ඊර්ෂ්‍යාවට තුප්පහිකමට වාහනය ගෙන්න ගත්තා. සුරියවැව ලොකු අලි ප්‍රශ්නයක් තිබුණා. දේශපාලන අධිකාරියේ මිනිස්සු කෙහෙල් වවනවා. පස් කපනවා. අලින්ට ඉන්න තැනක් නෑ. ඒක ගැසට් කරල නවත්වන්න මම මැදිහත් වුණත් ෆොන්සේකා , ඒක කළේ නැහැ. අමාත්‍යාංශ ලේකම්ටයි අධ්‍යක්ෂටයි මා යෝජනා කළ සුරියවැවට ගිහින් මේක ගොවියන් සමඟ සාකච්ඡා කරන්න කියලා,
ලේකම් සහ අධ්‍යක්ෂි පොරොන්දු වුණා යමු කියලා.

මම අහිංසක දරුවන්ට අයිස්ක්‍රීම් අරන් දුන්නා. ඒක ඇත්ත, හැබැයි මම මගේ දරුවන්ගේ මගුලට ක්‍රීඩා පිටියක් වෙන්කර ඒචා වායු සමනය කරන්න හමුදාවේ සල්ලි පුච්චලා දැම්මේ නැහැ. අපි සිකුරාදා යනවා දිස්ත්‍රික්කයේ මිනිසුන්ගේ ප්‍රශ්න ගැන සොයා බලන්න.
තව කියලා තිබුණා මට නාමයෝජනා දෙන්නේ නැහැ කියලා. ඡන්ද 2000ක් ගත්ත කෙනාටද ඡන්ද 1,18,000 ගත්ත කෙනාටද නාමයෝජනා දෙන්නේ කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයයි නීරණය කරන්නේ. ඒක ෆොන්සේකාට තීරණය කරන්න බෑ. නියෝජ්‍ය ඇමැතිකමින් මා අස්කළාට අගමැතිට ස්තුති කර තිබුණා. අගමැතිතුමා එහෙම හිතලා කළා නම් රටේ තිබෙන අලි මිනිස් ගැටුමට අගමැතිතුමා වහාම උත්තර දිය යුතුයි. නීතිය හා සාමය ඉල්ල ඉල්ලා ඉදලා නොලැබුණ තැන වනජීවීය ලැබුණාම ඒකේ සල්ලි ටික කාලා විනාශ කරපු මනුස්සයකු තමයි ලොක්කා කියන්නේ. ෆොන්සේකා වනජීවියට කරපු දෙයක් නෑ,'

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29585,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වනජීවියේ එකට වැඩ කළ ෆොන්සේකා තෙවරප්පෙරුම වාදය
වනජීවියේ එකට වැඩ කළ ෆොන්සේකා තෙවරප්පෙරුම වාදය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhpy0GcOYv5eV5li_dP1OEQXTyu206ekWcQhjUp54M14MjKp7B2xA2pT8u2m2WruQcasGkkU29q7yrGEWjtKucJi4OGoTUgz-IKZ6_7lGpBPlWOxZCd3c8wFEz0AYF_3suhYn7SsW7tRwM/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhpy0GcOYv5eV5li_dP1OEQXTyu206ekWcQhjUp54M14MjKp7B2xA2pT8u2m2WruQcasGkkU29q7yrGEWjtKucJi4OGoTUgz-IKZ6_7lGpBPlWOxZCd3c8wFEz0AYF_3suhYn7SsW7tRwM/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_65.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_65.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy