දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

"උස නම් සිකුයුරිටි,කොට නම් කම්කරු කියලා රටේ ප‍්‍රශ්න විසඳන්න බෑ."- ඇමති රවි.

Loading... ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවාද...? පක්ෂය මාරු කරනවද...? යනාදී දහසක් ප‍්‍රශ්න මෑතක සිට ඔහු සම්බන්ධයෙන් මතුවී ඇත්තේ, ඔහු නගන සමහ...

Loading...
ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවාද...? පක්ෂය මාරු කරනවද...? යනාදී දහසක් ප‍්‍රශ්න මෑතක සිට ඔහු සම්බන්ධයෙන් මතුවී ඇත්තේ, ඔහු නගන සමහර ප‍්‍රකාශ නිසාය. විදුලිබල, බලශක්ති, සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවින්ද්‍ර සංදේශ් කරුණානායක මහතා සමග දිවයින ඉරිදා සංග‍්‍රහය සිදු කරන ලද මේ සාකච්ඡාව, එජාපයේ වත්මන් තත්ත්වය පිළිබඳව සිදු කරනා හෙළිදරව්වක් වැනිය.

 ප‍්‍රශ්නය - 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙක් අවශ්‍යයි කියලා, එ.ජා.ප.ය අභ්‍යන්තරයේ අරගලයක් කරපු චරිතයක් ඔබ. එහෙම හදපු මේ ආණ්ඩුව දැන් සිව් වසරක් සමරනවා මේ සිව්වසර පිළිබඳව ඔබ සතුටුද...?

 පිළිතුර - ඔව්... ඒ ජයග‍්‍රහණය පිළිබඳව මම සම්පූර්ණයෙන් සතුටු වෙනවා. එහි පූර්ණ සාර්ථකත්වයක් නොපෙනුනාට, මම හිතන්නේ අපි හොඳ ගමනක් ඇවිත් තියෙනවා. ඒ සඳහා එජාපයේ වගකීමත් අනිත් පාර්ශ්වයන්හි වගකීමත් යම්යම් අවස්ථාවලදී අතපසු වෙලා තියෙනවා.ඒ සඳහා අපේ පක්ෂයේ සමගිය කඩා වැටීමත් බලපාලා තියෙනවා. ඒ නිසා තමයි මේ ගමනේ විශ්වාසය සහ සාර්ථකත්වය යම් විදියට කඩාවැටිලා තියෙන්නේ.

 ප‍්‍රශ්නය - අසමගිය කියන කාරණය ගත්තොත්, එක පැත්තකට බර දාන්න බැහැ. ඔබත් මුදල් ඇමැතිකමම ඉල්ලා සිටින බව පෙනෙනවා. මේක ජාතික ආණ්ඩුවක් නෙමෙයි. මේ එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක්. ඇමැතිකම් සීමිතයි. එක පිරිසක් පිටිපස්සේ ඉඳන් ඇමැතිකම් ඉල්ලනවා. ඔබත් මස් රාත්තල ඉල්ලනවා වගේ මුදල් ඇමැතිකමම ඉල්ලනවා...

 ප‍්‍රශ්නය - අපි හදපු ආණ්ඩුවෙ මුදල් ඇමැතිකම මුලින්ම දුන්නේ මට. ඒ ඉල්ලන්නේත් නැතිවම. ආසියාවේ හොඳම මුදල් ඇමැති වශයෙන් සම්මාන ලබන්න අපිට හැකිවුණා. එහෙම තියෙද්දී, මොන හේතුවකටද මුදල් ඇමැතිකම මගෙන් ඉවත් කෙරුවේ කියලා, මම දන්නේ නැහැ. රනිල් වික‍්‍රමසිංහ සමග එක්සත් ජාතික පෙරමුණ, මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා සමග එක්වෙලා ශක්තිමත්ව ඉදිරියට යනකොට අපේ පක්ෂයේ දෙන්නෙක් තුන්දෙනෙක් මේකට ඊර්ෂ්‍යා වෙලා මේක නැති කළා. මට ඒ අය බොරු කළා. මුදල් ඇමැතිකම නැතිවුණාට පස්සේ, මම ඒ ගැන අහනකොට මුලින්ම අපේ අය මට කිව්වේ, ජනාධිපතිතුමා ඒ තනතුර මට දෙන්න අකැමැතියි කියලා. මම ඒ ගැන ජනාධිපතිතුමාගෙන් අහනකොට එතුමාට ඒ ගැන කිසිම ප‍්‍රශ්නයක් තිබුණේ නැහැ. මේ ප‍්‍රශ්නය අපේ පක්ෂය තුළ හදපු එකක් කියන එක එතැනින් හෙළිදරව් වුණා. මාස දහසයක කාලයක් මට මුදල් ඇමැතිකම දුන්නේ නැත්තේ, ජනාධිපති අකැමැතියි කියලා. පස්සේ ජනාධිපතිතුමා අපේ නම් එවන්න කිව්වනේ... ඒ වෙලාවේ ඇයි මේ අය අපේ නම දුන්නේ නැත්තේ... පක්ෂයේ ඉන්න තුන්හතරදෙනෙක් රනිල් වික‍්‍රමසිංහව බිත්තියට තල්ලූකරලා කිව්වා, මේක දුන්නොත් අපි ඇමැතිකම් ගන්නේ නැහැ කියලා. ඒක තමයි අපේ පක්ෂයේ ඇත්ත තත්ත්වය. අන්න ඒ වගේ දේවල් තමයි මේ පක්ෂයේ වුණේ.

 ප‍්‍රශ්නය - අගමැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකයා. ඔබ පාර්ලිමේන්තුවේ ඉන්න ජ්‍යෙෂ්ඨ එක්සත් ජාතික පක්ෂ සභිකයෙක්... ඔබට මුදල් ඇමැතිකම දෙන්න එපා කියලා අගමැතිට බලපෑම් කරන්න පුළුවන් අයත් පක්ෂයේ ඉන්නවාද.

 පිළිතුර - ඒක තමයි මම කියන්නේ... කිසි කෙනෙක් නැතිවෙලාවේ පක්ෂයට හිටියේ අපි. අපි පොල් පැළයක් හිටවලා ආරක්ෂා කරනවා. නමුත් ඵළය ආවම නෙළන්නේ වෙන කෙනෙක්. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි පක්ෂයේ අද ඇති වෙලා තිබෙන්නේ.

 ප‍්‍රශ්නය - මහින්ද රාජපක්ෂ මහත්තයට අගමැතිකම දෙනකොට, ඔබ තවත් පිරිසක් එක්ක ඇවිල්ලා එතුමාට සහයෝගය දෙන්න හැදුවා, කියලා කතාවක් පැතිරුනා. එම අවස්ථාවේදී රාජපක්ෂ මහත්මයා ඔබට මුදල් ඇමැතිකම නුදුන් නිසා, ඔබ යළිත් එජාපයට ගිය බවට කතාවක් පැතිරුණා...

 පිළිතුර - අපේ පක්ෂයේ ඉන්න කළු බැටළුවෝ පිරිසක් තමයි, මේ වගේ කතා පතුරන්නේ... මේ වගේ කතා හදලා, පතුරුවලා අනිත් අයට ප‍්‍රශ්න ඇති කරන්නේ මේ තුන්හතරදෙනාම තමයි.

 ප‍්‍රශ්නය - ඔබට හොඳ අමාත්‍යාංශයක් ලැබිලා තියෙනවා. විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශයෙන් ඔබට වැඩ පෙන්නන්න බැරිද...?

 පිළිතුර - අපි වැඩ බැරි ටාසන්ලා නෙමෙයි. ඕන එකක් දුන්නොත් හදලා ගන්නවා. ඒක නෙමෙයි මෙතන තිබෙන්නේ. මම ආර්ථික සහ මුදල් කියන විෂය සම්බන්ධයෙන් අවුරුදු 20 කටයුතු කරලා තිබෙන කෙනෙක්. ඒ විතරක් නෙමෙයි මුදල් ඇමැතිකම දරපු කෙටි කාලය ඇතුළත, ද බෑන්කර් අන්තර්ජාතික සම්මානය අපි ගත්තා. ආසියාවේ හොඳම මුදල් ඇමැති වශයෙන් මාව තෝරා ගත්තා. එහෙම තේරුණාට පස්සේ අපේ රටේ අයට ඒකෙන් වැඩක් නැතිවෙනවා. එහෙම කෙරුවාම අපිට දුකක් එන්නේ නැද්ද...? දොස්තරගේ වැඬේ නර්ස් නෝනා කරලා හරියනවාද...? අන්න ඒ වගේ දෙයක් තමයි අද අපිට වෙලා තිබෙන්නේ.

 ප‍්‍රශ්නය - ඉදිරියේදී මැතිවරණ පේළියක් එනවා. ජනාධිපතිවරණයක් එනවා. මේ නිසා ඔබ මේ සියලූ භේද අමතක කරලා පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් එකතු විය යුතු නැද්ද...?

 පිළිතුර - ඔක්තෝබර් 26 දා අපි මුහුණ දුන්න තත්ත්වය මතකනේ... ඒ වෙලාවේ, අද අපිව එපා කියන අය මොකද කිව්වේ... ”භේද බින්න පැත්තක තියන්න. අමනාප වෙන්න එපා. ඒවා කුණුකූඩෙට දාන්න... අපිව අරන් ගමන් කරමු.” කියලා තමයි කිව්වේ. මේ අය බලය ලැබුණට පස්සේ තමයි, ඔය වෙනස් වෙන්නේ. මෙහෙම අයව විශ්වාස කරන්නේ කොහොමද...?

 ප‍්‍රශ්නය - එදා ඇතිවුණු තත්ත්වයත් එක්ක නායකත්ව මණ්ඩලය පිළිබඳව අදහසක් පක්ෂය තුළ ඉදිරිපත් වුණා. දැන් කෝ ඒ නායකත්ව මණ්ඩලය?

 පිළිතුර - ඒක තමයි මමත් අහන්නේ... විපක්ෂයේ ඉන්න කොට, නායකත්ව මණ්ඩලය හොඳයි. ආණ්ඩුව හදන්න ගත්තට පස්සේ තමයි වෙනින් කෝකියෝ එන්නේ.

 ප‍්‍රශ්නය - ඔබ කියන්නේ ඒක නොකරන වෙදකමක් කියලද...?

 පිළිතුර - ඒකනේ දැන් වෙලා තියෙන්නේ. මේ පක්ෂයේ ශක්තිමත්ව ගෙනියන් පුළුවන් පිරිසක් තමයි අපි. එදා රනිල් වික‍්‍රමසිංහව විවේචනය කරපු, චන්ද්‍රිකා කුමාරතුංගගේ හෙන්චයියලා අද අපේ පක්ෂය විනාශ කරද්දි යූ. එන්. පී. කාරයෝ හැටියට අපිට බලාගෙන ඉන්න පුළුවන්ද...? ඒ පැත්තෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නැති කරනවා, මේ පැත්තෙන් යූ. එන්. පී. එක නැති කරනවා.

 ප‍්‍රශ්නය - ඔබ මේ එල්ල කරන චෝදනා සඳහා අවසාන වගකිවයුත්තා පක්ෂයේ නායකයා නේද...?

 පිළිතුර - ඔව්. ඒක සැබෑමයි. මම හැංගිහොරා කියන්නේ නැහැ. මෙතන තියෙන්නේ සුව කරන්න බැරි රෝගයක්.. මෙන්න මේක තමයි මම විවෘතව, හිතේ අමාරුවෙන් කියන්නේ. අපි යූ. එන්. පී. කාරයෝ ඒකරාශී කරලා, නායකත්වය දීලා කටයුතු කරන කොට, අපිට මෙහෙම කරනවනම්, පිටින් ආව අයට මෙහෙම බලතල දීලා කටයුතු කරනවානම්, මොකක්ද පක්ෂයට යන කල දවස...?

 ප‍්‍රශ්නය - පුදුමෙ තියෙන්නේ මේ ගැටලූ හැමදේම තියෙන්නේ ඔබට විතරනේ?

 පිළිතුර - ඵල තියෙන ගහටනේ ගල් ගහන්නේ... හොරුන්ට එකට ඉන්න පුළුවන්. එතකොට ප‍්‍රශ්නයක් නැහැ. මම මුදල් ඇමැති වශයෙන් ඉන්නකොට ඔය හොරු තුන්හතර දෙනෙක්ට නටන්න දුන්නේ නැහැ හැබැයි ඒක ගිහින් වැපුරෙව්වේ වෙනම විදියකට. අපිට පුළුවන් තරම් චෝදනා කළා. ඊට පස්සේ ඇමැතිකම නැතුව මාස 16 ඉන්නකොට ඒ කියපු එක දෙයක්වත් හොයා ගන්න බැරි වුණා.

 ප‍්‍රශ්නය - ඔබ දැන් එක එක අයට හොරු හොරු කියනවා. සමාජය තුළ පසුගිය කාලයේ ඔබටත් මේ ලේබලය කිහිපවාරයක් ඇලවුණා. පසුගිය සතියේදී ඔබට තවත් චෝදනාවක් එල්ල වුණා ලිට්රෝ සමාගමට අයත් වාහනයක් ඔබ විසින් බාර නොදී ළඟ තබාගෙන ඉන්න බවට... සියල්ලට පෙර ඔබ විසින් මේ චෝදනා නිරාකරණය කරගත යුතු වෙනවා නේද.

 පිළිතුර - මොකක්ද ඔය වාහනය. මම ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. අපි අතින් පෙට‍්‍රල් ගහලා, වාහන දුවන ඇමැතිවරු. මම ඔය වාහන පස්සේ දුවන්නේ නැහැ. ටෙලිෆෝන් බිලක්වත් මම රජයෙන් ගන්නේ නැහැ. ඉතින් මොකක්ද මේ කියන්නේ. අපි ජීවත් වන්නේ ආණ්ඩුවෙන් දෙන වාහන වලින්ද...? ඔය වගේ හොරු තමයි ඕවා කියන්නේ.

 ප‍්‍රශ්නය - ඔබ කියන්නේ යම් පිරිසක් විසින් සංවිධානාත්මකව ඔබට අපහාස කරනවා කියලද...?

 පිළිතුර - අනිවාර්යයෙන්ම ඔව්...

 ප‍්‍රශ්නය - ඒ ප‍්‍රහාරය එන්නේ විපක්ෂය පැත්තෙන්ද...?

 පිළිතුර - නෑ අපේ පක්ෂයෙන්... අපේම පක්ෂයේ ඉන්නවා මේ වගේ කතා හදලා ප‍්‍රචාරය කරන දෙතුන් දෙනෙක්.

 ප‍්‍රශ්නය - ඔබ මේ දේශපාලන තත්ත්වය පිළිබඳව කලකිරිලද ඉන්නේ...?

 පිළිතුර - නැහැ. මම කලකිරෙන්නේ නැහැ. වතුර යට පොරොප්පේ ගැහුවා වගේ තමයි අපි. අපිව නැති කරන්න බැහැ. එහෙම කරන්න හදන කරන අය නැති වේවි.

 ප‍්‍රශ්නය - පක්ෂයේ අනිත් පිරිසත් ඔබ වගේ කලකිරිලද ඉන්නේ

 පිළිතුර - අනිවාර්යයෙන්ම. මේ පක්ෂයේ ජාතිවාදි, ආගම්වාදි, කුලවාදි දේවල් නැහැ. මේ තුන්හතරදෙනා තමයි ඒවා ඇති කරන්නේ. මේවා කතා කරන්න සිදුවීම පිළිබඳව අපිට ලැජ්ජයි. එක පක්ෂයක් පවුලක් ගැන කතා කරනවා. අපේ පක්ෂය මේ වගේ සමාජයෙන් අහෝසි වෙලා ගිය දේවල් ගැන කතා කරනවා. එහෙම වුණත් පක්ෂයේ පසුපෙළ බොහෝම එකතුමුතුයි. ඒ වගේම බුද්ධිමත්. මේ තුන්හතර දෙනෙක් තමයි ඒවා විනාශ කරන්නේ. අප දේශපාලනයෙන් ජීවත් වෙන්නේ නැති බව ඒගොල්ලෝ දන්නවා. අපි අනිත් අයට උදව් කරනවා. මාස 16 ක් මම ආණ්ඩු පක්ෂයේ හිටියට, විපක්ෂයේ කෙනෙක් වගේ හිටියේ. අපේ පක්ෂයේ කට්ටියම මාව වේදිකාවට ගේන්න ඉඩ දුන්නේ නැහැ. අන්තිමට පක්ෂය වෙනුවෙන් හිටියේ අපි විතරයි.

 ප‍්‍රශ්නය - මේ තත්ත්වය උඩ ඉදිරි ජනාධිපතිවරණයකදී පක්ෂයට ජයග‍්‍රහණය කරන්න පුළුවන්ද...?

 පිළිතුර - මේ භේද භින්නකම් කරන්නේ අපි නෙමෙයිනෙ. අපි පක්ෂය රකින්න හදනවා. අපි පක්ෂය ආරක්ෂා කරනවා.

 ඒගෝලලෝ පක්ෂය විනාශ කරනවා, බෙදන්න හදනවා. අපේ පක්ෂයේ යූ.එන්.පී. කාරයෝ පැත්තකට දාලා, එයාලා අල්ලපු ගෙදර කට්ටිය ඇමැතිකම් වලට ගේන්න හදනවා. අපේ ගෙදර අයට වඩා අල්ලූපු ගෙදර අයව ආරක්ෂා කරන්න, අපේම කට්ටියක් පටන් අරන්.

 ප‍්‍රශ්නය - ඔබ සම්බන්ධයෙන් මතුවී ඇති මේ ප‍්‍රශ්නය පුද්ගලිකව මතුවූවක්ද...? නැත්නම් දේශපාලන වශයෙන් ඉදිරියට යන නිසා මතුවූවක්ද...?

 පිළිතුර - මම හිතන්නේ රනිල් වික‍්‍රමසිංහ ආරක්ෂා කරන්න ගිහින් තමයි මේ ලේබල් අපිට වැදුණේ. දැන් අපේ පක්ෂයේ ඉන්නේ දක්ෂයෝ නෙමෙයිනේ. එක පැත්තකින් තාත්තලාගේ දේවල් විකුණන අය ඉන්නවා. සමහරු උරුමයක් ගැන කතා කරකර පටු පාරවල් හොයනවා. මේ කිසි කෙනෙකුට පක්ෂයෙන් වැඩක් නැහැ. ඒ අයට ඕනේ, තමන්, තමන් කියලා කියා ගන්න. පක්ෂය ඇතුළේ ඉන්න දක්ෂයෝ මේ විකාර ගැන කලකිරීමෙන් තමයි අද ඉන්නේ. ජනාධිපතිතුමා කියපු දේ අරගෙන බලන්න. ඒ විවේචනයේ සත්‍යයක් තියෙනවා. ඒ කියපු දේවල් ඔක්කොම හරි කියලා මම කියන්නේ නැහැ. අපි ජනාධිපතිට බැන බැන ඉඳලා වැඩක් නැහැ. මේ දේවල් ගැන අපි පක්ෂය ඇතුළේ ප‍්‍රකාශ කළා. අපි අපේ දුර්වලකම් හදාගන්න ඕනේ... එහෙම නැතුව මේ ගමන යන්න බැහැ. රනිල් වික‍්‍රමසිංහ ඒ සද්ද කරන වීල් වලට තමයි ග‍්‍රීස් දාන්නේ. සද්ද නොකර වැඬේ කළාම, වැඩක් නැහැ. ඕක තමයි ප‍්‍රශ්නය.

 ප‍්‍රශ්නය - මේ රටේ ආර්ථිකය අද වන විට බිමටම වැටිලා ඉවරයි. ඔබ හිටපු මුදල් අමාත්‍යවරයා ලෙස මේ ආර්ථික වැටීම පිළිබඳව දකින්නේ කොයි විදිහටද...?

 පිළිතුර - හිරමනේ ප‍්‍රංශයට ගෙනිච්චත් ගාන්න වෙන්නේ පොල්නේ. ඒ වගේ හතරැස් තැනකට රවුම් දෙයක් දාන්න හැදුවම ලැබෙන ප‍්‍රතිඵලයත් ඒකමනේ. අපේ කාලයේ අපි ආර්ථිකය තල්ලූකරගෙන ආවා. අපි ගිය දවසේ ඉඳලා මොකද වුණේ කියලා, ප‍්‍රතිඵලය පේන්න තියෙනවා.

 ප‍්‍රශ්නය - ඔබ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙනවද...?

 පිළිතුර - මට ඕන එ.ජා.ප.යෙන් දිනන්න පුළුවන් කෙනෙක් ඉදිරිපත් කරන්න විතරයි. මම මා ගැන අධිතක්සේරුවකින් නැහැ. මම හිතන්නේ නැහැ මට ඒවගේ සුදුසුකමක් දැනට මට තියෙනවා කියලා. නමුත් මේ පක්ෂයෙන් දිනන්න පුළුවන් කෙනෙක් ඉදිරිපත් කරන්න අවශ්‍යයි කියන තැන මම ඉන්නවා. එ.ජා.ප.යෙන් දිනන්න පුළුවන් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි. ඒ සඳහා තාම මම සුදුසුයි කියලා, මම හිතන්නේ නැහැ. අපට වඩා වයසෙන් දැනුමෙන් පරිනත කරු ජයසූරිය, රනිල් වික‍්‍රමසිංහ වගේ අය ඉන්නවා. නමුත් වෙනින් අය පැන පැන තමන්ගේ නම දාගන්න හදනවා. ඔය වැඩ බැරි ටාසන්ලා වඩාගෙන ඉන්නකොට දුවන්න ඕන කියනවා. බිම තිබ්බම දණ ගාන්නවත් බැහැ. උම්බෑ ගානකල් වසුපැටියෙක් කියලා සමහරුන්ව අඳුනගන්න බැහැනේ.

 ප‍්‍රශ්නය - ඔබ ඇතුළු පිරිසක් කරු ජයසූරිය මහත්තයට එකතුවෙලා, ඔහුව පක්ෂයේ ඉදිරියට ගේන්න හදනවා කියලා කතාවක් තියෙනවා..

 පිළිතුර - මම එදා ඉඳන්ම කරු ජයසූරිය ආශ‍්‍රය කළා.

 අනුගමනය කළා. කරු ජයසූරිය මේ මෑතකදි පාර්ලිමේන්තුවේ කළ සුවිශේෂී වැඩපිළිවෙළ අපි අමතක කළ යුතු නැහැ. ඒ වගේම පක්ෂයේ තවත් දක්ෂයෝ ඉන්නවා. දැන් බලන්න අපේ පක්ෂයේ ජාතික ලැයිස්තුව දිහා. ජාතික ලැයිස්තුවෙන් එද්දි දක්ෂතාවට තැන දිය යුතුයි. සරත් ෆොන්සේකා මහතාට අනිවාර්යයෙන් තැනක් දිය යුතුයි. එතුමා මේ රටට සේවක් කළ දක්ෂයෙක්. ඞී. එම්. ස්වාමිනාදන් මහතා දෙමළ ජනතාව නියෝජනය කරනවා. නමුත් අනිත් අයට මොනවද තියෙන දක්ෂතා, සුදුසුකම්. මේ ගැන එළිපිට කතා කරන්න අපිට වගකීමක් තියෙනවා. ඒ වගේම උරුමයක් තියෙනවා.

 ප‍්‍රශ්නය - ඔබ සඳහන් කරන පරිදි වැඩ බැරි ටාසන්ලාට රනිල් වික‍්‍රමසිංහ මහත්මයා, ජාතික ලැයිස්තුවේ පත්වීම් දීලා, ඇමැතිකම් දෙයිද...?

 පිළිතුර - දුන්නේ නැත්නම් ඉන්න බැහැනේ. පැනලා ගන්න බැහැනේ. මේක තමයි පසුපෙළ මන්ත‍්‍රීවරු අද කියන්නේ. මේකට තමයි පක්ෂයේ බහුතරයගේ අදහස.

 ප‍්‍රශ්නය - මේක පක්ෂය ඇතුළේ තියෙන කාල බෝම්බයක් වගේ... අයවැයේ සමහර අමාත්‍යාංශ වැය ශීර්ෂ සඳහා ඡන්දය ලබා නොදෙන බව පසුපෙළ මන්ත‍්‍රීවරු සඳහන් කරනවා. ඔබ වගේ ජ්‍යෙෂ්ඨයොත් ඉන්නේ කළකිරිලා. මේ තත්ත්වය මත පක්ෂයේ අනාගතය කොයි වගේද...?

 පිළිතුර - ඔව්, අපි කළකිරිලා ඉන්නේ. පක්ෂය මේ තරම් ආරක්ෂා කරලා, අපිට අන්තිමට උරුම වුණේ මේ වගේ දෙයක් නම් අපි කලකිරෙන්නේ නැද්ද...? එක්සත් ජාතික පෙරමුණේ ඉන්න සියලූ පක්ෂ නායකයන්, ඒ කියන්නේ, රිෂාඞ් බදුර්දින්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, දිගම්බරන්, රාධක‍්‍රිෂ්ණන්, ආදී අයත් සමග මලික් සමරවික‍්‍රම වගේ පක්ෂයේ අයත් ඉස්සරහා තියාගෙන, අපි එකතු වෙලා වැඩ කරමු කියලා, අගමැතිතුමා කිව්වා. මට මුදල් ඇමැතිකම දෙනවා කියලා, ඒ සියලූදෙනා ඉදිරිපිට පොරොන්දු වුණා. ඊට පස්සේ ඒ සඳහා පස්ස ගහනවා. එහෙම කරද්දී අපි කලකිරෙන්නේ නැද්ද...? මම මේ අඬන්නේ මට නෙමෙයි. මට තියෙන කැක්කුම රට හදන්න තිබෙන අවස්ථාව ගිලිහී යෑමයි. රටේ ආර්ථිකය කියන එක එල් බෝඞ් එකක් දාලා හැප්පි හැප්පි යන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ප‍්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න බැරි නම් මුදල් ඇමැති කෙනෙක්ද...? ඉතින් මේකට මොකක්ද තණ්හාවක්. මට වඩා හොඳ වරලත් ගණකාධිවරයෙක් හෝ ඊට වඩා දක්ෂයෙක් ඉන්නවා නම්. මම එසේමයි කියලා එතුමාව මේ සඳහා පිළිගන්නවා. මේ පත්වෙලා ඉන්නේ ඒ වගේ අයද...?

 මං පක්ෂය වෙනුවෙන් මේ දේවල් කරේ ඥාතීන්ට උදව් කරන්න නෙමෙයි. මගේ ඥාතීන් කිසිවෙක් මේකේ නැහැ. හැම කෙනාම එක්සත් ජාතික පක්ෂයේ අය. සිරිකොතේ ඉන්න අය. මගේ පසුපෙළ මන්ත‍්‍රීවරුන් ටික. ඕන කෙනෙක්ගෙන් අහන්න, අපි ? 10, 11 වෙනකම් වැඩ කළා. අමාත්‍යංශයට ඇවිල්ලා සුරුට්ටුවක් ගහලා නිකම් ඉන්න හිටපු අය නෙමෙයි, අපි.. ඔතන අය පැය 12 ක් 16 ක් 18 ක් හිටියේ කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගන්න. ආර්ථිකය ගැන ලෝකයේ කට්ටිය ආවම ඒ අය එක්ක කතා කරලා ප‍්‍රශ්නය විසඳගන්න ඕන. යුනියන් අය ආවම ඒ ප‍්‍රශ්න විසඳන්න ඕන. ඒ ප‍්‍රශ්න සාකච්ඡා කරන්න, නිලධාරීන්ට දෙනවා නම්, ඕකට රජයේ නිලධාරියෙක් හිටියම ඇතිනේ... ඇමැතිවරයෙක් ඕනද...? ඔන්න ඔය වගේ දේවල් ඇති කරන්න ඕන. මේ මළගෙයක් වගේ තිබුණ ආර්ථිකය සාර්ථක මඟුල්ගෙයක් බවට පත් කළා. ඒ අය අපි කරපු දේ සම්පූර්ණයෙන්ම විනාශ කළා.

 සාකච්ඡා කළේ - මනෝජ් අබයදීර

- දිවයින පුවත්පත.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29596,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "උස නම් සිකුයුරිටි,කොට නම් කම්කරු කියලා රටේ ප‍්‍රශ්න විසඳන්න බෑ."- ඇමති රවි.
"උස නම් සිකුයුරිටි,කොට නම් කම්කරු කියලා රටේ ප‍්‍රශ්න විසඳන්න බෑ."- ඇමති රවි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiVxYuNn92-oygltZQmiWUB9ooKW4SpOEGtP1LA8h3-J81gbkR04fwLU6BsWrc003r8PxUtIhYKYuQ_Y5nhQK-zhiL29xzPuWd82NGtf8TqYaTloi-8eFoPGSj2hmgj8ukEwjgyQp0mwao/s400/lanka.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiVxYuNn92-oygltZQmiWUB9ooKW4SpOEGtP1LA8h3-J81gbkR04fwLU6BsWrc003r8PxUtIhYKYuQ_Y5nhQK-zhiL29xzPuWd82NGtf8TqYaTloi-8eFoPGSj2hmgj8ukEwjgyQp0mwao/s72-c/lanka.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_567.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_567.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy