දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ජනපතිගේ මානසික සෞඛ්‍යය පරීක්‍ෂා කරන්නැයි ඉල්ලූ පෙත්සම ඉවතට ,රු.ලක්‍ෂයක් රජයේ ගාස්තු ගෙවීමට පෙත්සම්කාරියට නියෝග

Loading... ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්‍ෂා කිරීමේ නඩු කටයුත්තක් ආරම්භ කරන මෙන් පොලිස්පතිවරයාට නියෝගයක...

Loading...
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්‍ෂා කිරීමේ නඩු කටයුත්තක් ආරම්භ කරන මෙන් පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ ‘රිට්’ පෙත්සමක් අභියාචනාධිකරණය ඊයේ (7 දා) ගාස්තුවට යටත් කොට නිෂ්ප‍්‍රභ කළේය.
විභාගයක් පැවැත්වීමට තරම් පෙත්සමේ පදනමක් නැතැයි තීරණය කළ අභියාචනාධිකරණය රජයේ ගාස්තු වශයෙන් රුපියල් ලක්‍ෂයක් ගෙවන ලෙස ද පෙත්සම ඉදිරිපත් කළ කොළඹ 12 ශාන්ත සෙබස්තියන් ප‍්‍රදේශයේ පදිංචිකාරියක වන තක්‍ෂිලා ලක්මාලි ජයවර්ධන නමැත්තියට නියෝග කළේය.
ඉකුත් දෙසැම්බර් මස 10 දා ගොනුකර තිබූ මෙම පෙත්සම සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති ප‍්‍රීති පද්මන් සුරසේන සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ ඊයේ පෙරවරුවේ කැඳවන ලදී.
අධිනීතිඥ ජේ. පී. ගමගේ මහතා පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි අතර ඔහු පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා සූදානම් වූ විට නැඟී සිටි නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පෙත්සමට මූලික විරෝධයක් මතු කළේය.
ඔහු කියා සිටියේ මෙය ඉතා පැහැදිලිවම ජනාධිපතිවරයාගේ කීර්ති නාමයට හානි කිරීම සඳහා හිතාමතා ගොනු කළ නඩුවක් බවයි.
ජනාධිපතිවරයාට එරෙහිව අඩුම වශයෙන් කිසිවෙක් පොලිසියට පැමිණිල්ලක් කර නැති බවත් මෙවැනි නඩුවක් පැවරීමට පදනමක් කරගත් පිළිගත හැකි කිසිදු කරුණක් ඉදිරිපත් කර නැති බවත් ඒ නිසා පෙත්සම සලකා බැලීමෙන් තොරවම නිෂ්ප‍්‍රභ කළ යුතු බවත් අතිරේක සොලිසිටර් ජනරාල් ගුණතිලක මහතා පැවසීය.
පෙත්සම නිෂ්ප‍්‍රභ කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළේ ඉන් අනතුරුවය.
පොලිස්පති කොටුව පොලිස් ස්ථානාධිපති සහ නීතිපති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම පදනම් විරහිත බව කියා සිිටිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා ද ඉකුත් ජනවාරි 03 දා පෙත්සමක් ගොනුකරන ලදී.
- දිවයින පුවත්පත

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29581,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිගේ මානසික සෞඛ්‍යය පරීක්‍ෂා කරන්නැයි ඉල්ලූ පෙත්සම ඉවතට ,රු.ලක්‍ෂයක් රජයේ ගාස්තු ගෙවීමට පෙත්සම්කාරියට නියෝග
ජනපතිගේ මානසික සෞඛ්‍යය පරීක්‍ෂා කරන්නැයි ඉල්ලූ පෙත්සම ඉවතට ,රු.ලක්‍ෂයක් රජයේ ගාස්තු ගෙවීමට පෙත්සම්කාරියට නියෝග
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiyQx-4jkl8UdXMe4EpdIrc_jGv2kdyMTUJ379UYuT34gfLSRLbQ8WVUSDq4ryuMFIKVNrDfm7doEk4VXQPFgIVal5Q2tkfhAKiltX80iXM_AqlffmCcKNqHTS3HSgJZabRnENeFg0q7_c/s320/srilanka.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiyQx-4jkl8UdXMe4EpdIrc_jGv2kdyMTUJ379UYuT34gfLSRLbQ8WVUSDq4ryuMFIKVNrDfm7doEk4VXQPFgIVal5Q2tkfhAKiltX80iXM_AqlffmCcKNqHTS3HSgJZabRnENeFg0q7_c/s72-c/srilanka.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_169.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_169.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy