ඊ යේ රාත්‍රි 12ත් 1 ත් අතර රත්මලානේදී හා ගල්කිස්සේදී අනතුරු දෙකක් සිදු කළ කාර් රථයක් නිසා පුද්ගලයින් 3 දෙනෙකු මරණයට පත්ව 8 දෙනෙකු තුවාල ලබ...
ඊයේ රාත්‍රි 12ත් 1 ත් අතර රත්මලානේදී හා ගල්කිස්සේදී අනතුරු දෙකක් සිදු කළ කාර් රථයක් නිසා පුද්ගලයින් 3 දෙනෙකු මරණයට පත්ව 8 දෙනෙකු තුවාල ලබා තිබේ.
රත්මලාන අයි.ඕ.සී. ඉන්ධන හල අසලදී සහ ගල්කිස්ස උසාවිය අසලදී ගාලුපාරේ මෙම අනතුරු දෙකම සිදුකර ඇත්තේ බීමත් රියදුරෙකු බව පැවසේ.
කොළඹ දෙස සිට ගාල්ල දෙසට ගමන්කළ මෙම කාර් රථය
රත්මලාන අයි.ඕ.සී. ඉන්ධන හල අසලදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කාර් රථයක සහ යතුරු පැදි දෙකක ගැටීමෙන් සිදුවූ මුල් රිය අනතුරකින් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කාර් රථයේ රියදුරු හා එක් යතුරු පැදිකරුවෙකු මියගොස් ඇත. කාර් රථයේ සිටි දෙදෙනෙකු හා යතුරු පැදිකරුවකු තුවාල ලබා ඇත.
එම අනතුර සිදු කළ පසු නොනවත්වා ධාවනය කළ කාර් රථය ඊට ටික දුරක් ගිය තැන ගල්කිස්ස උසාවිය අසල සිදුකළ දෙවන රිය අනතුරින් එක් පුද්ගලයකු මරාදමා තවත් පුද්ගලයකුට තුවාල සිදු කර ඇත. අනතුර සිදුකළ කාර් රථයට දෙවන අවස්ථාවේ දැඩි අලාභ සිදුවූ අතර රියදුරු
එම අවස්ථාවේ තුවාල සහිතව වාහනය තුළ සිරව ඇත.
සිදුවූ රිය අනතුරු දෙකින් පුද්ගලින් 08 දෙනෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමේදී 03 දෙනෙකු මියගොස් ඇත.
මෘත ශරීර කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අනතුරට වගකිවයුතු කාර් රථයේ රියදුරු පොලිස් ආරක්ෂාව යටත්තේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි. මියගොස් ඇත්තේ වයස අවුරුදු 18 ක්වූ අක්කර 111 පුත්තලම පාර,පන්සුළුගම, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි දිල්ශාන් කුමාර එදිරිසිංහ, වයස අවුරුදු. 54 ක්වූ අංක 55/35 පඤ්ඤාලෝක මාවත,දෙහිවල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ගවුෆ් මොහොමඩ් රිස්වාන්
සහ වයස අවුරුදු 21ක්වූ අංක 13/3 පැරකුම්බා පාර,නැදිමාල දෙහිවල ප්‍රදේශයේ පදිංචි සප්පාස් කාදර් යන අයයි. මෙම අනතුරට වගකිව යුතු කාර් රථයේ රියදුරු අනතුර සිදු වන අවස්ථාවේ බීමත්ව සිටි බවට අනාවරණය වී ඇත. ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

COMMENTS