Loading... එක්සත් ජාතික පක්‍ෂය සමග එක්වී නැවතත් ජාතික ආණ්ඩුවක් කරගෙන යාම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායමක් දැඩි උත්සාහය...
Loading...
එක්සත් ජාතික පක්‍ෂය සමග එක්වී නැවතත් ජාතික ආණ්ඩුවක් කරගෙන යාම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායමක් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බව වාර්තා වෙයි.
මීට හේතුව වී ඇත්තේ මෙම පිරිස තනි තනිව එජාප ආණ්ඩුව හා එක් වුවහොත් ලබා දිය හැකි ඇමති ධුර ගණන කැබිනට් 06ක්ද ඇතුළුව 11ක් පමණක් බව දැනටමත් දන්වා තිබීමයි.
ශ‍්‍රීලනිප කණ්ඩායම විසින් යෝජනා කර ඇත්තේ තමන් සියළු දෙනා කලින් දරන ලද තනතුරු ඒ ආකාරයෙන් ලබා දෙන ලෙස වුවත් ජාතික ආණ්ඩුවක් නොවන තත්වයක් යටතේ එය කිසිසේතම සිදු කල නොහැකි බව එජාපය පාර්ශවයෙන් දන්වා තිබේ.
මේ තත්වය මත කෙසේ හෝ ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ජනාධිපතිවරයා එකග කරවා ගැනීමට ශ‍්‍රීලනිප කණ්ඩායමක් කටයුතු කරමින් සිටී.
යම් හෙයකින් එම උත්සාහය අසාර්ථක වුවහොත් කිහිප දෙනෙකු පුද්ගලික තනි තනිව එජාප ආණ්ඩුව සමගින් එක්වීමට තීරණය කර ඇත.
-cybernews
COMMENTS