දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මහින්දට 113 හදාගන්න බැරි වුණ නිසයි මේ අවුල ඇති වුනේ - මෛත්‍රී

ජ නාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග ඩේලි මිරර් පුවත්පත පැවැත්වූ අලුත්ම සම්මුඛ සාකච්ඡාවකදී වර්තමාන දේශපාලන අර්බුදයට හේතුව ඔහු විසින් පැහැදිලි ක...

https://www.gossiplankanews.com/2018/12/113-mahinda-maithree-reveals.html#more
නාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග ඩේලි මිරර් පුවත්පත පැවැත්වූ අලුත්ම සම්මුඛ සාකච්ඡාවකදී වර්තමාන දේශපාලන අර්බුදයට හේතුව ඔහු විසින් පැහැදිලි කර තිබුනේ පහත පරිදිය.
'මන්ත්‍රීවරු මිල වෙච්ච ආකාරය..මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ මිල ගණන් කැඳවීම් කළානේ. හරියට මේ ටෙන්ඩර් දැම්ම වගේ තමා. මං පුද්ගලිකවම දන්නවා සමහර අය මිලියන 500 ඉල්ලුවා කියලා මට දැනගන්න තියනවා. මගේ දේශපාලන ජීවිතයේදී
ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකුටවත් රුපියලක්වත් දෙන්නෙ නෑ. මෙහෙම කතාවක් මං මුලින්ම ඇහුවෙ 1964 විතරයි.
මේ ප්‍රශ්නය මං හිතන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයාට 113 හදාගන්න බැරිවෙච්ච කාරණාව ඔය මිල ගණන් ඉහළයාම ඒ උඩ තමයි මේක මේ... මේ විදියෙ තත්වයක් ඇතිවුනේ අවුලක් ඇතිවුනේ.

නැත්නම් මහින්ද මහත්තයට 113 හදාගන්න තිබුණනම් මාස එකහමාරක් මේ ප්‍රශ්නෙ මෙච්චරම ඇදෙන්නෙත් නැ මෙහෙම අර්බුදයකුත් නෑ. මෙහෙම දේශපාලන නොසන්සුන්තාවයකුත් නෑ

එතකොට දැන් ශ්‍රේෂ්ඨාධිකරනයේ විභාගවන පාර්ලිමේන්තුව විසිරිවීම පිලිබඳ නඩු විභාගයේ මේ ස්ථිරවම දැන්... හෙටින් අවසන් වෙනවා.. මොකද පාර්ලිමේන්තුව විසිරවීම පිලිබඳ තීන්දුවෙන් මේ අර්බුදයත් ඉවර වෙනවා. ඡන්දයකට යන්න පුලුවන් කියලා තීන්දුවක් ආවොත් ඡන්දෙකට යනවා එතකොට මේ ප්‍රශ්නෙ ඒත් ඉවරයි.
එහෙම නැත්නම්
පාර්ලිමේන්තුව විසුරන්න බෑ කියල තීන්දුවක් ආවොත් පාර්ලිමේන්තුව පවත්වන්න මං තීරණයක් ගන්න ඕන

මම කැමති අගමැතිවරයෙක් පත්කරගෙන. රනිල් වික්‍රමසිංහ මහත්තයට 224 ක් ඉන්නවනෙ. එයා කියන දේශපාලන පක්ෂ වලට තව එක්කෙනෙක්වත් නැද්ද... හෙහ් හෙහ් හේ...
සාමාන්‍යයෙන් ගමේ කථාවක් තියනවනේ ඉගිලෙනකොටයි පාට පේන්නෙ කියලා. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයත් පාට පෙනුනෙ ඉගිලෙනකොට තමයි. බලය ලැබුනාම. එයා කොච්චර ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකළත් අවුරුදු 25 ක් තිස්සේ තමන්ගේ පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය නොදුන් කෙනෙක් රනිල් වික්‍රමසිංහ මහත්මයා. මේ පහුගිය අවුරුදු තුනහමාරේ අගමැති විදිහට විතරක් නෙමේ..මගේ ජනාධිපති බලතලත් එයා පාවිච්චි කළා. මං කලගුණ සලන්න ඒවා නොදැක්ක වගේ හිටියා.

එයා සමහර වෙලාවට මං ජනාධිපති නෙමේ ප්‍රාදේශීය මන්ත්‍රී කියලවත් තැකුවෙ නෑ. මහ බැංකු බැඳුම් කර සම්බන්ධ හොයන්න දෙපාර්තමේන්තු

රාශියක් වැඩ කළා. පොලිස් හා අපරාධ පරීක්ෂණ වලින් රනිල්ට අවහිර වුණා කියල ඒ නිලධාරීන්ට විරුද්දව පරීක්ෂණ කළා. ඒ කාලෙ විදිහට මාවනෙ අඩි 6 ක් යටට යන්නෙ. මෙහෙම ගියානම්  මං නෙමේ මගේ මාතෘ භූමිය අඩි 6 ක් යටට යනවා.

19 වන සංශෝධය රටට හොඳයි ඒක ආරක්ෂා කරගන්න ඕන. නමුත් ඒකෙ සමහර ඇතැම් අංශවල දේශපාලන වශයෙන් පවතින දුර්වලතා තියනවා. අද කාටවත් වගනොකියන පාර්ලිමේන්තුවක් තියෙන්නෙත් ඒ නිසා. ඒ අවහිරතා නැති කරගන්න ඕන. මේ කාරණා අධිකරණයට යන්න ඕන නැ කියල මං කියන්නේ 19 වන සංශෝධනයට හදිසි වෙලා සහය දුන් අතලොස්සක් පිරිස මේකට වගකියන්න ඕන.

දැන් අගමැති ඇමතිලා නැතිව ජනාධිපති රට ගෙනියනවා. රට හොඳට යනවා දෙයියන්ගෙ පිහිටෙන් තෙරුවන් සරණින් ගැටලුවක් නෑ රට හොඳට යනවා. මේකට හේතුව රටේ ජනතාවගෙ ගුණයහපත් කම. දේශපාලන ලෝකයේ සෑම කෙනෙක්ම ඒ ලෝකයටම අයිතියි. දේශපාලන ලොකයේ පුද්ගලිකත්වය තුල සදාකාලික සතුරන් හෝ මිතුරන් නෑ.

කතානායක තුමාගෙ ක්‍රියාමාර්ගය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විවේචන කරා. ඒත් දැන් මාත් එක්ක අවස්ථා 15 ක් පමණ එතුමා හමුවෙලා බොහෝ ගැටලු නිරාකරණය කළා. එතුමාගේ අත්දැකීම් නිසා මටයි එතුමටයි මේ ගැටලු විසඳගන්න පුළුවන් වුණා. මේ විදිහට එජාප නායකයත් වැඩ කරනවනම් මේ ප්‍රශ්නය මේතරම් දුර දිග නොගිහිං විසඳගන්න පුළුවන්'

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29585,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්දට 113 හදාගන්න බැරි වුණ නිසයි මේ අවුල ඇති වුනේ - මෛත්‍රී
මහින්දට 113 හදාගන්න බැරි වුණ නිසයි මේ අවුල ඇති වුනේ - මෛත්‍රී
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi8fQVJuJWHGvsJEeY30ZmZu17g-VQeAaRCrj4xSrqG6n9Fe_A_DV4MNQE-GpNsNoMD5Zsix6qgx8VJAkRT4hDrthKAbrBrCJNBSc1oVCmJpxYKG7x5KNjWWhUbdAfyhoX20nPxEOCgCOM/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi8fQVJuJWHGvsJEeY30ZmZu17g-VQeAaRCrj4xSrqG6n9Fe_A_DV4MNQE-GpNsNoMD5Zsix6qgx8VJAkRT4hDrthKAbrBrCJNBSc1oVCmJpxYKG7x5KNjWWhUbdAfyhoX20nPxEOCgCOM/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/113.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/113.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy