අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ කැබිනට් මණ්ඩලයට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය. පෙ....
අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ කැබිනට් මණ්ඩලයට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය.
පෙ.ව. 10.29 - පාර්ලිමේන්තුව හෙට උදෑසන 10.00 දක්වා කල් තැබේ.
පෙ.ව. 10.27 - ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව කතානායකවරයා පිළිගනී.
පෙ.ව. 10.24 - මහජන මතයට කන් දෙන්න. පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා කරන්න එපා - කතානායකවරයා මහින්ද රාජපක්ෂ පාර්ශවයේ මන්ත්‍රීවරුන්ට කියයි.
පෙ.ව. 10.24- මනූෂ නානායක්කාර, ඒ.එච්.එම් ෆවුසි, පියසේන ගමගේ එක්සත් ජාතික පෙරමුණට සහය ලබාදෙයි.
පෙ.ව. 10.23 - මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයේ මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා
පෙ.ව. 10.20 - ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.
පෙ.ව. 10.17 - පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්
පෙ.ව. 10.00 - පාර්ලිමේන්තුව රැස්වෙයි.
පෙ.ව. 10.00 - අග්‍රාමාත්‍යවරයාට සහ කැබිනට් මණ්ඩලයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසන් කතානායකවරයාට විශ්වාසභංග යෝජනාවක් භාර දෙයි.
පෙ.ව. 09.30 - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙයි.
පෙ.ව. 09.30 - අද පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරය හේතුවෙන් මේ වන විට පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබේ.
පොලීසීය, විශේෂ කාර්ය බළකාය, කැරලි මර්ධන ඒකකය කැඳවා ඇති අතර පොල්දුව හන්දියේ සිට සිට පාර්මේන්තුව දක්වා මෙම විශේෂ ආරක්ෂාවක් සපයා ඇත.
පෙ.ව.08.30 - කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම පාර්ලිමේන්තුවේ දී ඇරඹෙයි.
www.reporter.lk
COMMENTS