ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය තමන් යටතේ ම තබා ගැනීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතයි රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. ජනමාධ්‍ය...
ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය තමන් යටතේ ම තබා ගැනීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතයි රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සන්ධානයේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා (04) දිවුරුම් දුන්නේය.
රාජ්‍ය මාධ්‍ය ආයතනවල වැඩබලන සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වෙනුවට හෙට දිනයේදී නව සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීමට නියමිත බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.
එහිදී පොහොට්ටු පක්ෂයේ දෙදෙනෙකුට සභාපති ධුර ලබාදීමට ද එකඟතාවයට පැමිණ ඇතැයි ද ඒ අනුව අනුර සිරිවර්ධන මහතා යලි ITN සභාපති ලෙසත්, බන්දුල පද්මකුමාර මහතා යලි ලේක්හවුස් සභාපති ලෙසත් පත්වීමට ඉඩ බොහෝදුරට ඇතැයි පැවසේ.

COMMENTS