දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකාවේ තීරණ තීන්දු ගන්න අපිට අයිතියක් නෑ - එක්සත් රාජධානියේ මන්ත්‍රීවරයෙක් කියයි
Homeප්‍රවෘත්ති

ලංකාවේ තීරණ තීන්දු ගන්න අපිට අයිතියක් නෑ - එක්සත් රාජධානියේ මන්ත්‍රීවරයෙක් කියයි

PropellerAds

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධි නැතැයි එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නේස්බි සාමිවරයා පවසයි. ...

ඔබේ ජනතා නියෝජිතයාගෙන් සෘජුවම ප්‍රශ්න කරන්න - "සංවාදය" අද සිට
නව ආණ්ඩුකාරවරු පත් කරයි
විපක්ෂනායක ධුරය මහින්දට - පක්ෂ නායකයින් එකඟතාවයකට එයි
ලංකාවේ තීරණ තීන්දු ගන්න අපිට අයිතියක් නෑ - එක්සත් රාජධානියේ මන්ත්‍රීවරයෙක් කියයි

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධි නැතැයි එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නේස්බි සාමිවරයා පවසයි.


ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ඒ බව ප්‍රකාශ කළේය.


මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධි යැයි එම පාර්ලිමේන්තුවේම මන්ත්‍රීවරයකු වන සර් හියුගෝ ස්වයර් කරන ලද ප්‍රකාශය පිළිබඳව තමාගේ කිසිදු පැහැදීමක් නැතැයි ද රටක තීන්දු තීරණ ව්‍යවස්ථාවට අනුකූල ද නැද්ද යන්න ප්‍රකාශ කිරීමට විදේශිකයන්ට අයිතියක් නැතැයි ද හෙතම ප්‍රකාශ කර තිබේ.


තවදුරටත් අදහස් දැක්වූ නේස්බි සාමිවරයා,


“ශ්‍රී ලංකාවේ සිදු වූ කිසිවක් ව්‍යවස්ථා විරෝධි යැයි මා දකින්නේ නැහැ. එහෙත් එය අසාමාන්‍යයි. අසාමාන්‍යය දේවල් වෙනවා. එක්සත් රාජධානියෙත් එවැනි දේවල් වෙලා තියෙනවා. අප සම්පූර්ණ පාර්ලිමේන්තු කාලය අවසන් නොකරපු අවස්ථා තියෙනවා. මෙවැනි දේවල් තියෙනවා. මෙවැනි දේවල් හරි සාමාන්‍යයි. මේ දේවල් වෙනස් වෙනවා.


මේ සිදුවීම් දාමයට සම්බන්ධ පුද්ගලයන්, විශේෂයෙන්ම ජනාධිපතිවරයා රටේ යහපත වෙනුවෙන් කටයුතු කරනු ඇතැයි මා විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තමයි එරට විධායකය. ඔහු ඡන්දයෙන් තේරී පත්වුණු කෙනෙක්. ඔහු රටේ යහපත වෙනුවෙන් කටයුතු කරනු ඇතැයි මට විශ්වාසයි. මා අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා හමු වී තිබෙනවා. ඔහු බුද්ධිමත් පුද්ගලයෙක්.


මම ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව කියවා නැහැ. විවිධ නීතිඥයන් විවිධ අදහස් පළ කරනවා. එය ස්වභාවික දෙයක්. රටක සිදුවීම් ව්‍යවස්ථානුකූල ද නැද්ද කියන්න අයිතියක් විදේශිකයන්ට නැහැ. හිටපු කනිෂ්ඨ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සිදුවීම් ව්‍යවස්ථානුකූල නැතැයි සඳහන් කරමින් ප්‍රශ්නයක් නැගුවා.
එය එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ නීතිය නෙමෙයි. අපට අපේ ව්‍යවස්ථාවක් තිබෙනවා. මගේ පනස් වසරක සේවා කාලයේදී මම ඉතා පරෙස්සමෙන් තමයි කටයුතු කළේ. මම කිසිදු අවස්ථාවකදී එක් පාර්ශවකට සහාය දක්වා නැහැ. ව්‍යාපාර සිදු කර නැහැ. මගේ මිතුරන්ද එසේ කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා”. යැයිද ප්‍රකාශ කළේය.


එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රී සර් හියුගෝ ස්වයර් පසුගිය සතියේදී එරට පාර්ලිමේන්තුවේදී විදේශ ලේකම් (විදේශ අමාත්‍යවරයාට) ජෙරමි හන්ට්ට ප්‍රශ්නයක් යොමු කරමින් ජාත්‍යන්තර ප්‍රජාව රනිල් වික්‍රමසිංහ මහතා තවමත් ශ්‍රී ලංකාවේ නීත්‍යනුකූල අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගන්නා බව ප්‍රකාශ කර තිබිණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාවේ තීරණ තීන්දු ගන්න අපිට අයිතියක් නෑ - එක්සත් රාජධානියේ මන්ත්‍රීවරයෙක් කියයි
ලංකාවේ තීරණ තීන්දු ගන්න අපිට අයිතියක් නෑ - එක්සත් රාජධානියේ මන්ත්‍රීවරයෙක් කියයි
http://am.lk/media/k2/items/cache/26be0b700050b8f19b0baa3632c120f5_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_78.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_78.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy