රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත් කර නව ආණ්ඩුවක් පිහිටුවීමට ගත් තීන්දුව තමා හොඳින් හිතා බලා ගත් තීන්ද...
රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත් කර නව ආණ්ඩුවක් පිහිටුවීමට ගත් තීන්දුව තමා හොඳින් හිතා බලා ගත් තීන්දුවක් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව හමුවේ ඊයේ (26) ප‍්‍රකාශ කර ඇත.
ඒ සම්බන්ධයෙන් තමා සම්පුර්ණ වගකීම බාරගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ ජනාධිපති නිල නිවසේ ඊයේ (26) රාතී‍්‍රයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීම අමතමිනි.
රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කිරීමට ගත් තීන්දුව කලින් සාකච්ඡා කර ගත්තේ නම් එම තීන්දුව ක‍්‍රියාත්මක කිරීමට හැකියාවක් නොලැබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙල පිළිබඳවද අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා තමන් පක්‍ෂයේ වැඩ නොකර අනෙක් අයට චෝදනා කිරීමෙන් පළක් නැති බවද සඳහන් කර ඇත.
හිටපු අගමැති දී.මු. ජයරත්න මහතාද 15 කණ්ඩායම නියෝජනය කරන ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල සහ ලක්‍ෂමන් වසන්ත පෙරේරා යන මන්ත්‍රීවරුන්ද මෙම මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගී වී ඇත.

COMMENTS