Loading... ලබන වසරේ (2019) රජයේ ණය වාරික සහ පොලී ගෙවීමේ කිසිදු ගැටලූවක් නැති බව ඊයේ (21 දා* පෙරවරුවේ මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්රජිත් ක...
ලබන වසරේ (2019) රජයේ ණය වාරික සහ පොලී ගෙවීමේ කිසිදු ගැටලූවක් නැති බව ඊයේ (21 දා* පෙරවරුවේ මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්රජිත් කුමාරස්වාමි මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දීඇතැයි රජයේ ජ්යෙෂ්ඨ අමාත්යවරයෙක් ‘දිවයින’ ට කීවේය.ජනාදිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් ඊයේඋදේ පැවති කැබිනට් රැස්‌වීමට මහබැංකු අධිපති ඉන්ද්රජිත් කුමාරස්‌වාමි,මුදල් සහ ආර්ථික කටයුතු අමාත්යාංශ ලේකම් එස්.ආර්. ආටිගල සහ ජනාධිපතිවරයාගේ ආර්ථික උපදේශක ආචාරය ලලිත් සමරකෝන් යන මහත්වරුන් ද සහභාගි වීඇත. එහිදී වත්මන් ආර්ථික තත්ත්වය මෙන්ම ලබනවසරේ ණය හාපොලී වගකීම් ගැන දඔවුන් අමාත්ය මන්ඩලය දැනුවත් කර ඇත.ලබන ජනවාරි මාසයේ ණය වාරික සහ පොලී ගෙවීමට ප්රතිපාදන සපයා ගැනීමට ගැටලුවක් මතුව නැතැයි ද එහිදී මහ බැංකු අධිපතිවරයා පැවසූ බව ද එම ජ්යෙෂ්ඨ අමාත්යවරයා කීවේය.අමාත්ය මණ්‌ඩල රැස්‌වීමෙන් පසුව එම රජයේ නිලධාරීන් මේ තත්ත්වය කැබිනට් අමාත්යවරුන්ට පැහැදිලි කර ඇත.
-divina
COMMENTS