දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

විග්නේස්වරන් හා ගජේන්ද්‍රකුමාර් අතර විශේෂ හමුවක්

ඉදිරියේදී පැවැත්වෙන කුමන හෝ මැතිවරණයකදී  තමන්ගේ පක්ෂ දෙක දෙමළ ජාතික සන්ධානයට සහය දක්වන්නේද එසේත් නොමැති නම් තනිවම තරග කරන්නේද යන්න සාකච්ඡ...

විග්නේස්වරන් හා ගජේන්ද්‍රකුමාර් අතර විශේෂ හමුවක්
ඉදිරියේදී පැවැත්වෙන කුමන හෝ මැතිවරණයකදී  තමන්ගේ පක්ෂ දෙක දෙමළ ජාතික සන්ධානයට සහය දක්වන්නේද එසේත් නොමැති නම් තනිවම තරග කරන්නේද යන්න සාකච්ඡා කිරීම සදහා විශේෂ හමුවක් සී.වී.විග්නේස්වරන් මහතා හා ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා අතර යාපනයේදී පැවතුණි.
මේ සාකච්ඡාවේදී  ආර්.සම්බන්ධන් හිටපු මන්ත්‍රීවරයා සියළු දෙමළ දේශපාලන පක්ෂ එකතු කොට නව සන්ධානයක් ගොඩ නැගිය යුතු බවට කර ඇති ඉල්ලීම පිළිබදව  සී.වී.විග්නේස්වරන් මහතා ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ අදහස් විමසා තිබේ.
මෙහිදී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා පවසා ඇත්තේ තමන් කිසිම දිනක යළිත් දෙමළ ජාතික සන්ධානය සමග එක් නොවන බවයි.
සී.වී.විග්නේස්වරන් මහතාද පවසා ඇත්තේ තමන්ද ඒ ස්ථාවරයේ සිටින නමුත් දකුණේ රජයන් දෙමළ ජනතාව රවට්ටන අවස්ථා වලදී දෙමළ දේශපාලන පක්ෂ සියල්ලම එකට සිටීම ඉතා වැදගත් කාරණයක් බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ එළඹෙන මැතිවරණය කුමක්ද යන්නත් ඒ වන විට රටේ පවතින දේශපාලන පරිසරය කුමන අන්දමේ එකක්ද යන්න පැහැදිලිව අවබෝධ කරගැනීමෙන් පසුව බව මෙහිදී විග්නේස්වරන් මහතා පෙන්වා දී තිබේ.
අළුතින් පිහිටුවා ගන්නා ලද ටී.එම්.කේ පක්ෂයේ නායකයා සී.වී.විග්නේස්වරන් මහතා වන අතර දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායකයා වන්නේ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාය.
මේ දෙදෙනා එක්ව සන්ධාන ගත වීමට මීට පෙර සාකච්ඡා කළද විග්නේස්වරන් මහතාගේ නව පක්ෂය පිහිටුවීමේ අවස්ථාවට ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා සහභාගී නොවීය.
කෙසේ වෙතත් මේ දෙදෙනා යළිත් වරක් කුමන හෝ මැතිවරණයක්  ප්‍රකාශයට පත් කළ  අවස්ථාවක යළිත් මුණ ගැසී සාකච්ඡා කිරීමට තීරණය කොට ඔවුන්ගේ හමුව අවසන් කොට තිබේ.
(දිනසේන රතුගමගේ)

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29588,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විග්නේස්වරන් හා ගජේන්ද්‍රකුමාර් අතර විශේෂ හමුවක්
විග්නේස්වරන් හා ගජේන්ද්‍රකුමාර් අතර විශේෂ හමුවක්
http://am.lk/media/k2/items/cache/af441831eb90a506d54a26e40194d43a_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_597.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_597.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy