ව්‍යවස්ථා විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළට එරෙහිව පුළුල් ජනතා සන්ධානයක් ගොඩනඟන බව හිටපු සෞඛ්‍ය හා දේශීය වෙෙද්‍ය අමාත්‍ය රාජි...
ව්‍යවස්ථා විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළට එරෙහිව පුළුල් ජනතා සන්ධානයක් ගොඩනඟන බව හිටපු සෞඛ්‍ය හා දේශීය වෙෙද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
ඒ ‘‘ප්‍රජාතන්ත්‍රවාදය වල දමයි. රට අනතුරේ. ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන්ට ජන බලයෙන් පිලිතුරු දෙමු‘‘ යනුවෙන් සිවිල් සංවිධාන එකමුතුව සංවිධානය කළ ජන හමුවකට කොළඹ නව නගර ශාලාවේදී එක්වෙමින් ඒ මහතා මේ බව පැවැසීය.
එහිදී අමාත්‍යවරයා මෙසේද කීය.
‘‘මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා බවට පත්වෙලා එදා පළමු මාධ්‍ය හමුව පැවැත්වුනේ මේ නව නගර ශාලාවේදියි. ඉන් පසුවත් එතුමත් මමත් අවස්ථා ගණනාවකදී මෙම ස්ථානයේ විවිධ උත්සව වලට සහභාගි වුණා. අද මට සහභාගි වෙන්න තියෙන්නේ එතුමන්ට විරුද්ධවයි. ඒක තමයි මේ දේශපාලනයේ දෛවය කියන්නේ.
විධායක ජනාධිපතිධූරයට එරෙහිව අපි මේ සටන ආරම්භ කළේ 1978 අවුරුද්දේ සිටයි. මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ගිය ආණ්ඩුවෙන් එළියට එන්නත් ප්‍රධාන සටන් පාඨයක් බවට පත්වුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි.
ඒ වෙනුවෙන් මගේ ස්ථාවරයේ මම දිගටම ඉන්නවා. කිසිදු වෙනසක් නැහැ. මම ඔය විධායක පුටුවේ වාඩි වුනත් මමත් වෙනස් වෙන්න පුලුවන්. ඒ නිසා අපි මේ විධායක ජනාධිපති ධුරය කෙසේ හෝ අහෝසි කළ යුතුයි.
විධායක ජනාධිපතිධුරයට විරුද්ධව අපි 78 සටන් කරනවිට අපි තරුණයි. දැන් අපි මහලුයි. ඒත් අපි තවමත් මේ විධියක ජනාධිපතිධුරයට එරෙහිව සටන් කරනවා.
විධායක බලය නැති කරන්න ආපු මෛත්‍රීපාල සිරිසේන මහතා දැන් නැති බළතලත් පාවිච්චි කරමින් සිටිනවා.
මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වගේ කටයුතු කරයි කියලා කවුරු හරි අඩුම තරමින් හිනෙන්වත් හිතලා තියෙනවද? පොළොන්නරුවට වෙලා රට පාලනය කරන්න ආපු මෛත්‍රීපාල සිරිසේන මහතා අද මේ විදියට වෙනස් වෙලා තියෙනවා.
අපි මේ ව්‍යවස්ථා විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවළට එරෙහිව පුළුල් ජනතා සන්ධානයක් ගොඩනැගිය යුතුය. ඒක පාටවල් දෙකක් තුනක් නෙමෙයි දේදුනු සන්ධානයක් අපි ගොඩනගනවා‘‘ යැයිද ඔහු එහිදි පැවැසීය.
www.reporter.lk
COMMENTS