ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ගීතා කුමාරසිංහ මහත්මිය ජාතික ලැයිස්තුවට ඇතුලත්කොට එ.ජ.නි.සන්ධානයේ ගාල්ල දිස්ත...
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ගීතා කුමාරසිංහ මහත්මිය ජාතික ලැයිස්තුවට ඇතුලත්කොට එ.ජ.නි.සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරණු ලබන දකුණු පළාත් සභා මන්ත්‍රිවරයකුට බෙන්තර ඇල්පිටිය ආසනයේ අපේක්ෂකත්වය ලබාදෙන ලෙස ඉල්ලමින් දකුණු පළාත් සභාවේ මන්ත්‍රිවරු 10 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කොට ඇත.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් විශාල කැපකිරිමක් කළ ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරණ සන්ධානයේ පළාත් සභා මන්ත්‍රිවරයකුට මෙම අවස්ථාව ලබාදෙන ලෙස මන්ත්‍රිවරුන්ගේ අත්සනින් අගමැතිවරයා වෙත යොමුකොට ඇති ලිපියේ සදහන් වේ.
පාර්ලිමෙන්තු මැතිවරණයේ දි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවිමට සියලු දේනා දැඩි කැපවිමෙන් කටයුතු කරණ බව සදහන් කරණ මෙම මන්ත්‍රිවරු පක්ෂය ගොඩනැගිමට දායකවු සියලු නායකයින්ට තරග කිරිමට අවස්ථාව ලබාදිමට නොහැකි බව දන්නා බවද එම ලිපියේ සදහන් වේ.එහෙත් පක්ෂය ගොඩනැගිම සදහා කැපවු නායකයින්ට උපරිම වශයෙන් සාධාරණත්වය ඉටුවිය යුතු බවද මෙහි වැඩිදුරටත් සදහන් වේ.
මෙකි ලිපියේ පිටපත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, සභාපති ජි එල් පිරිස්, ලේකම් සාගර කාරියවසම්, හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රිවරුන් වන රමේෂ් පතිරණ හා නිතිඥ මොහාන් පි ද සිල්වා යන මහත්වරු වෙත යොමු කොට ඇත. මෙකි ලිපියට සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරණ දකුණු පළාත් සභා මන්ත්‍රිවරුන් වන චම්ලි විතානාච්චි, සිසිර කුමාරරත්න, චන්න සාලිය මෙන්ඩිස්,දුල්ෂාන් කාරියවසම්, එ.ජි.සි පියසිරි, පත්මසිරිද සිල්වා, සම්පත් අතුකොරල, බද්දේගම සමිත හිමි ඉසුරු දොඩංගොඩ හා ආරියවංශ සම්මු යන මන්ත්‍රිවරු අත්සන් තබා ඇත.
(ලලිත් චාමින්ද)

COMMENTS