වත්මන් රජය කිසිලෙසකින්වත් ජාත්‍යන්තර ආයතන වෙත යටත් නොවන බවත් දේශීය අධිකරණ හා දේශීය විනිසුරන්ගෙන් නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරන බවත් නිවා...
වත්මන් රජය කිසිලෙසකින්වත් ජාත්‍යන්තර ආයතන වෙත යටත් නොවන බවත් දේශීය අධිකරණ හා දේශීය විනිසුරන්ගෙන් නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරන බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පසුගියදා කුරුණෑගලදී පැවැති වැඩසහටනකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිිදී එ් මහතා මෙසේ අදහස් දැක්වීය.
“මානව හිමිකම් ගැන නම් මේ ජාත්‍යන්තර ආයතන අපට පැය 24 තුළම උපදෙස් ලබාදේවි. මානව හිමිකම් අතින් විවිධ දේ කරන්නැයි අපට නියෝග ලබා දෙනවා. අප කිසිම දවසක මේ ජාත්‍යන්තර ආයතනවලට යට වෙන්නේ නැහැ. මෙරට මිනිසුන් ආණ්ඩුවක්, ඇමති මණ්ඩලයක්, පාර්ලිමේන්තුවක් පත් කරගෙන තිබෙනවා. අප දේශීය අධිකරණවලින් සහ දේශීය විනිසුරුවරුන්ගෙන් නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කරනවා. සත්‍යය කතාව මෙයයි. නමුත් ඒ ඇත්ත තිත්ත විය හැකියි. ජාත්‍යන්තර සංවිධාන මිනිසුන්ගේ නැති බැරිකම උලුප්පා මාධ්‍ය සංදර්ශන නිර්මාණය කිරීම නතර කර අසරණ ජනතාවට නිවාස සෑදීමට මීට වඩා මැදිහත් විය යුතු යැයි මා විශ්වාස කරනවා. මානව අයිතීන් ගැන එක එක ප්‍රකාශ නිකුත් කරනවා වගේම මෙරට අසරණ ජනතාවට නිවාස හදන්න ආධාර මුදල් ලබා දෙන්නැයි එක්සත් ජාතීන්ගේ හැබිටෑට් ආයතනයට මා හඬ නඟා පවසනවා. ලබන වසරේදීත් ජනාවාස දිනය පැමිණෙනවා. තවදුරටත් මා ඇමති වී සිටියොත් ලබන වසරේ ලෝක ජනාවාස දිනය සමරනවද නැද්ද කියා තීරණය කරනවා. හෙට අනිද්දා කුමක් වෙයිද කියා අප දන්නෑ. මේ ආකාරයෙන් තවදුරටත් ලෝක ජනාවාස දිනය සමරන්නට මා සුදානම් නැහැ.”
COMMENTS