ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සිදුවූ මූල්‍ය වංචාවක් පිළිබඳ එහි ඉංජිනේරු අංශ ප්‍රධානියාට එල්ලවී ඇති චෝදනා පිළිබඳ මේවන විට පරීක්ෂණයක් ආරම්භ කර...
ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සිදුවූ මූල්‍ය වංචාවක් පිළිබඳ එහි ඉංජිනේරු අංශ ප්‍රධානියාට එල්ලවී ඇති චෝදනා පිළිබඳ මේවන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ලංකා විදුලි පෞද්ගලික සමාගමේ ඉංජිනේරු අංශ ප්‍රධානී නරේන්ද්‍ර ද සිල්වා විසින් සිදුකර ඇතැයි කියන එම මූල්‍ය වංචාව පිළිබඳ පරීක්ෂණ නිමවන තුරු ඔහුගේ සේවය අත්හිටුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා විසින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතා වෙත ලිපියක් යවමින් දන්වා තිබේ.
ඒ අනුව මේවන විට ඔහුගේ සේවය අත්හිටුවා තිබේ. ඉංජිනේරු අංශ ප්‍රධානීයා විසින් ලෙකෝ ආයතනයේ සිදුකළ වංචා පිළිබඳ පරීක්ෂණ කිරීමට පත්කළ කමිටුවට අනිසි බලපෑම් සිදුකරන බවට වෘත්තීය සමිති එකමුතුව දිගින් දිගටම ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයා මෙම පියවර ගෙන තිබේ.
ජනාධිපති ලේකම්වරයා එවූ ලිපියේ ඔහුව නිවාඩු යැවීම හෝ අමාත්‍යාංශයට මාරු කිරීම හෝ ඔහුගේ බලතල අඩු කිරීම සිදු කරන ලෙස සඳහන් බව විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේය.
COMMENTS