“ඊ සිගරට්” නොහොත් ඉලෙක්ට්‍රොනික දුම්වැටි යන නාමය මෙරට ජනතාවට එතරම් හුරු පුරුදු දෙයක් නොවේ. එහෙත් මේ වනවිට එම දුම්වැටි වසංගතයක් මෙන් මෙරට ...
“ඊ සිගරට්” නොහොත් ඉලෙක්ට්‍රොනික දුම්වැටි යන නාමය මෙරට ජනතාවට එතරම් හුරු පුරුදු දෙයක් නොවේ.
එහෙත් මේ වනවිට එම දුම්වැටි වසංගතයක් මෙන් මෙරට තුළ ප්‍රචලිත කිරීම සදහා ෆේස් බුක් වැනි සමාජ මාධ්‍ය හරහා සංවිධානාත්මක පිරිසක් සුක්ෂමව ක්‍රියාත්මක වෙමින් සිටින බව වාර්තා විය.
ඉලෙක්ට්‍රොනික් දුම්වැටි ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන ඉලක්කය වී තිබුනේ මෙරට ඉහළ ධනපති පංතිය හා මධ්‍යම පාංතික පාසල් යන වයසේ පසුවන නව යොවුන් වියේ තරුණ, තරුණියන්ය.
මෙම නව ජාවාරම කොටු කර ගැනීම සදහා සුරා බදු දෙපාර්තමේන්තු නිලධාරීන් දුරකථන මාර්ගයෙන් ජාවාරම්කරුවෙකු සමග සම්බන්ධ විය.
ඉලෙක්ට්‍රොනික් සිගරට් ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන විකුණුම් මධ්‍යස්ථානය ලෙස ඔවුන් භාවිත කලේ කොළඹ - 07 ප්‍රසිද්ධ කාන්තා පාසලක් අසල පිහිටි දෙමහල් නිවෙසක උඩු මහලය.
මෙම ඉලෙක්ටොනික සිගරැට් රුපියල් 4,000 සිට රුපියල් 16,000 දක්වා මිල ගනන් යටතේ අලවිකිරීම් සිදු කෙරේ.
මීට යෙදිය හැකි විවිධ රසවලින් යුතු ද්‍රාවනයන් අලෙවිකරන්නේ රුපියල් 3000 ක මුදලකටය.
එම හිරු වීඩියෝව පහතින්,
COMMENTS