අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද(10) කැඳවනු ලැබූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද උදෑසන විදේශ ගතවී ඇතැයි ර...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද(10) කැඳවනු ලැබූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද උදෑසන විදේශ ගතවී ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග පවසයි.
අද පෙරවරු 09.00ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි දන්වා තිබියදී ඔහු අලූයම 03.00ට පමණ මෙක්සිකෝ රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇතැයි වාර්තා වේ.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා මෙලෙස විදෙස් ගත වී ඇත්තේ ජාතික නිදහස් සැමරුම් උත්සවයට සහභාගී වීමටය. ඔහුට මෙක්සිකෝ රජයෙන් එම උත්සවයට සහභාගී වන්නැයි මීට මාස 3කට පෙර ආරාධනා කර තිබේ.
කෙසේ වෙතත් එම උත්සවයට සහභාගීවීමෙන් අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන 19 වනදා මෙරටට පැමිණීමට නියමිතය. ඔහුට විදෙස් ගතවීමට අධිකරණය විසින් තහනම් කර නොතිබූ අතර ලංකාවට පැමිණි පසු යළිත් රහස් පොලීසියට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිතය.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විදෙස්ගත වීමට ජනාධිපතිවරයාගේ කිසිදු සම්බන්ධතාවටයක් නොමැති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පැවසී ය.
කප්පම් ගැනීමට තරුණයන් 11දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධ නඩුවක වරෙන්තුකරුවකුට රැකවරණය දීම සම්බන්ධයෙන් ඔහු අද රහස් පොලිසියට කැඳවා තිබිණි.
COMMENTS