ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ව්‍යාපාරික පංතියේ ගමන් ගන්නා මගීන් වෙනුවෙන් කජු ලබාදීම අත්හිටුවා ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම තීර...
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ව්‍යාපාරික පංතියේ ගමන් ගන්නා මගීන් වෙනුවෙන් කජු ලබාදීම අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රසිද්ධ රැස්වීමක ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමත් සමග ය.
ඒ අනුව කජු තොග ඉවත් කරන ලෙසත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට කජු ලබා දුන් ඩුබායි සැපයුම්කරුවන් වෙනස් කිරීමටත් සමාගම මේ වන විට කටයුතු කරමින් සිටී.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හම්බන්තොට ප්‍රදේශයේ පැවැත්වූ උත්සවයකට සහභාගී වෙමින් සඳහන් කර තිබුණේ "දැන් මම නේපාලයේ ඉදලා ශ්‍රී ලංකාවට ආවේ ශ්‍රී ලංකා ගුවන් සේවයේ. එහෙම එනකොට කජු පීරිසියක් ගෙනත් දුන්නා (ගුවන් යානයේදී). බල්ලෙකුට කන්න බෑ මිනිහෙකුට තියා. කවුද මේවා අනුමත කරන්නේ?." යනුවෙනි.
COMMENTS