ඒකාබද්ධ විපක්‍ෂය පසුගිය පස් වැනිදා පවත්වන ලද ජනබලය - කොළඹට විරෝධතා ව්‍යාපාරය අතරතුරදී කිසියම් පිරිසක් විසින් බෙදාහරින ලද කිරිපැකට් පානය කි...
ඒකාබද්ධ විපක්‍ෂය පසුගිය පස් වැනිදා පවත්වන ලද ජනබලය - කොළඹට විරෝධතා ව්‍යාපාරය අතරතුරදී කිසියම් පිරිසක් විසින් බෙදාහරින ලද කිරිපැකට් පානය කිරීමෙන් තමන්ද දින තුනක් පමණ රෝගාතුරව සිටි බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
ඒ ඒකාබද්ධ විපක්‍ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (12) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
විරෝධතාවය අතරතුරදී කිසියම් පිරිසක් විසින් බෙදාහරින ලද කිරිපැකට් තුනක් පමන තම රියදුරා ගෙනවිත් තිබූ බවත් තමන් ඉන් එක් කිරිපැකට් එකක් පානය කිරීමෙන් එම අජීර්ණ තත්ත්වය ඇතිවූ බවත් එම රෝගී තත්ත්වය තවමත් සුවවී නැති බවත් ඔහු කීවේය.
තමන්ට ලැබුණු කිරිපැකට්ටුවේ නිෂ්පාදිත දිනය ලෙස පසුගිය මස 24 වැනිදාත් කල් ඉකුත්වන දිනය ලෙස මේ මස 30 වැනිදාත් සටහන්ව තිබූ බවද ඔහු පැවසීය.
COMMENTS