දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජන පවුර: වියදම කෝටි ගණනින්, සංයමයෙන් කටයුතු කරන්නැයි පොලිසියට උපදෙස්.
Homeගොසිප්

ජන පවුර: වියදම කෝටි ගණනින්, සංයමයෙන් කටයුතු කරන්නැයි පොලිසියට උපදෙස්.

PropellerAds

ඒකාබද්ධ විපක්ෂය අද (5දා) ජන පවුර ලෙස හඳුන්වමින් කොළඹට සෙනඟ අද්දන්න වියදම රුපියල් කෝටි ගණනින් වැයකරන බවට තොරතුරු අනාවරණය වී ඇත. මෙතරම් වි...

අප්‍රිකාව හමුවේ ලංකාවට පිටපිට තෙවැනි වරටත් දරුණු පරාජය..
විමල් වීරවංශ එක වාහනයක්වත් පාවිච්චි කර නෑ - මුසම්මිල්
ඔබේ සහකාරිය මින් මොන වර්ගයේද?


ඒකාබද්ධ විපක්ෂය අද (5දා) ජන පවුර ලෙස හඳුන්වමින් කොළඹට සෙනඟ අද්දන්න වියදම රුපියල් කෝටි ගණනින් වැයකරන බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙතරම් විශාල මුදලක් වැය කරන්නේ මේ මෙහෙයුමට එක්වන හිතවතුනට මත්පැන්, ආහාර, ටීෂර්ට්, වතුර බෝතල්, කැප් තොප්පි සහ ප්‍රවාහන වියදම් සඳහා බව ද අනාවරණය වී ඇත.

උද්ඝෝෂණය පවත්වන නිශ්චිත තැනක් ද සඳහන් නොකරන මේ මෙහෙයුමේ ප්‍රධානම අරමුණ ගෝඨාභය සහ බැසිල් රාජපක්ෂ සොහොයුරන් යටපත් කැර හිටපු ජනාධිපතිවරයාගේ පුත් නාමල් රාජපක්ෂ ඔසවා තැබීමට ඒකාබද්ධයේ පිරිසකගේ ඕනෑකමට සිදුවන්නක් බවට ද කරුණු හෙළි වී ඇත.

පෙර සූදානමක් නැති තැනකට කිසිම ආරක්ෂාවක් පිළිබඳ තහවුරු කිරීමක් නොමැතිව මහජනතාව ගැන සුළුවෙන් හෝ නොසිතා ක්‍රියාත්මක කරන මේ සැලසුම හුදෙක්ම නාමල් රාජපක්ෂ ගැන පමණක්ම සිතා කරන ව්‍යාපෘතියක් බව ඒකාබද්ධයේම බහුතරයකගේ අදහස බව ද දැන් හෙළිදරව් වී ඇත.


සංයමයෙන් කටයුතු කරන්න

ඒකාබද්ධ විපක්ෂය අද (5) දිනයේ කොළඹට පැමිණ ප්‍රකෝපකාරී ලෙස හැසිරුණත් ඉතා සංයමයෙන් යුතුව කටයුතු කරන ලෙස ආණ්ඩුව පොලීසියට උපදෙස් ලබාදී තිබෙන බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා පවසයි.

එසේ වුවත් ඒකාබද්ධ විපක්ෂයේ මෙම උද්ඝෝෂණය හා පෙළපාලිය හේතුවෙන් මහජනතාවට සිදුවන පීඩා අවම කිරීමට ආණ්ඩුව පොලිසියට අවශ්‍ය උපදෙස් ලබා දී තබෙන බවද ඒ මහතා සඳහන් කරයි.

එසේම, උද්ඝෝෂකයන් කොළඹ නගරයට ඇතුළුවන හා පිටවන සෑම මාර්ගයක් ම අවහිර කරමින් ජනතාව තලා පෙළා දැමීමට කටයුතු කළහොත් අවම බලය පාවිච්චි කරන බව පොලිස්පතිවරයා සඳහන් කර තිබෙන බවද ඒ මහතා කියයි.

එමෙන්ම, මෙම උද්ඝෝෂණය රාජපක්ෂවරුන් තමන්ගේ බල උන්මාදය නැවත පෙන්නුම් කිරීමක් යැයිද නියෝජ්‍ය ඇමැතිවරයා පෙන්වා දෙයි.

නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා මේ බව පැවැසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (4) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඒකාබද්ධ විපක්ෂය අද දින කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය සම්බන්ධයෙන් මතු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා, බදාදා දිනය කියන්නේ අමාත්‍යාංශ ඇතුළු රජයේ ආයතනවල මහජන දිනයයි. ජනතාව තමන්ගේ කටයුතු ඉටු කරගන්න මේ ආයතනවලට එන්නේ ඒ දිනයටයි. ඒ නිසා මට කියන්න තිබෙන්නේ මේ අය ජනතාවට ආදරේ නම් තමන්ගේ උද්ඝෝෂණ පෙළපාලිවලට අද (5) දිනය නොගෙන එන්න තිබුණා කියලයි.

මේ අය ඇවිත් කොළඹ වටලනවා කියනවා. ඒ විදිහට වටලන්න යන්නේ මොනවාද කියන්න අපි දන්නේ නෑ. කොළඹට ඇවිත් පෙළපාලි යන්න, විරෝධතා දක්වන්න ඕනෑම කෙනෙකුට අයිතියක් ඇතත් රාජ්‍ය දේපොළවලට හානි කරන්න, රජයේ ආයතනවල කටයුතුවලට බාධා කරන්න, බස්රථවලට පහර දෙන්න, ජනජීවිතයට බලපෑම් කරන්න අපි කිසිසේත් ඉඩ දෙන්නේ නෑ. ඒකාබද්ධ විපක්ෂයට වුවමනාවී තිබෙන්නේ පොලීසිය සමඟ ගැටුමක් ඇතිකර ගෙන එමඟින් පුද්ගල ඝාතනයක් සිදු කර ගන්නයි. ඔලු පලා ගෙන ලේ හලා ගන්නයි. ඒකෙන් මේ අය පෙන්වන්න හදන්නේ පසුගිය ආණ්ඩුව සමයේ තමන් කටයුතු කළ ආකාරයත් වත්මන් ආණ්ඩුව කටයුතු කරන ආකාරයත් අතර වෙනසක් නැති බව ජනතාවට පෙන්වන්නයි. ඒත් අපි මේ අයට පහර දෙන්න කිසිසේත් කටයුතු නොකරන බව ප්‍රකාශ කරනවා.

ඒ වගේම, රාජපක්ෂලාගේ අරමුණ වෙනුවෙන් කටයුතු කරන්න එපා කියලා අපි ජනතාවට කියනවා. මේ අයගේ අරමුණ කුමක්ද කියා ඔවුන් දැන් තේරුම් අරගෙනයි සිටින්නේ. කකුළුවා නටන්නේ හැලියේ වතුර රත්වන තුරු පමණයි. පසුගිය ආණ්ඩුව සමයේ වංචා දූෂණ සිදුකළ අයට එරෙහිව අධිකරණ ක්‍රියාවලිය මේ වනවිට වේගවත් කර තිබෙනවා. ජනතාව පළිහක් කර ගෙන තමන්ගේ අතට ආණ්ඩු බලය ලබා ගෙන මේවා වළක්වා ගන්න තමයි මේ අය උත්සාහ දරන්නේ.

කොළඹ ඇවිත් නැවතී සිටියා කියලා මේ අයට ආණ්ඩු බලය ගන්න බෑ. ඒකට 2020 වනතුරු බලා ඉන්න වෙනවා. ඒ නිසා මේ අය අද කොළඹ ඇවිත් ආණ්ඩු වෙනසක් සිදුනොවන නිසා හීනෙන් නැගිටලා වගේ ආපහු තමන්ගේ ගම්බිම්වලට යයි. මම මේ අයට අභියෝග කරනවා ආව පිරිසෙන් සියයට පහක්වත් රෑට කොළඹ නැවතිලා ඉඳලා පෙන්වන්න කියලා.

රාජපක්ෂවරුන්ගේ උද්ඝෝෂණය අපිට නම් ප්‍රවෘත්තියක් නෙවෙයි. මේ අය ආණ්ඩුව පෙරළනවා කියන එක අපිට අහලා අහලා එපා වෙලා. මට නම් අද දිනයේ වැදගත් ම කාරණාව සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා එකවර නිවාස ව්‍යාපෘති 130ක් ප්‍රජාගත කරනවා. ඒක තමයි මට නම් මෙතැන තිබෙන වැදගත් ම ප්‍රවෘත්තිය. හැබැයි රටේ ජනතාවගේ ඔලුවට දාලා තිබෙනවා, 'ඔන්න රාජපක්ෂ මහත්මයා හෙට එනවෝ' කියලා. මේ අද ඊයේ නෙවෙයිනෙ මේ එන ඒම. මේ විදිහට අවස්ථා ගණනාවකදී ආණ්ඩුව පෙරළන්න කොළඹට ආවා. ඒ කැරැල්ලට නම් ජනතාව කියන්නේ 'හොරුන්ගේ රස්තියාදුව' කියලයි. මේ රස්තියාදුව ගැන වැඩිපුරම කිව්වේ වෙන කවුරුත් නෙවෙයි හිටපු ජනාධිපතිතුමායි. අපිට මතකයි එතුමා මීට අවුරුද්දකට කලින් කීවා එතුමාට පාරවල් ගානේ රස්තියාදු වෙන්න සිද්ධ වෙනවා කියලා. ඒක තමයි අද වෙලා තිබෙන්නේ. ඊට අමතරව මහින්ද මහත්තයාගේ ගෝලයන්ටත් අද පාරවල් ගානෙ රස්තියාදු වෙන්න සිදුවෙලා තිබෙනවානේ. එක්කෝ එෆ්.සී.අයි.ඩී. එකේ රස්තියාදු වෙනවා. එක්කෝ සී.අයි.ඩී. එකේ එක්කෝ මහාධිකරණයේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ රස්තියාදු වෙනවා. පාරවල් ගානේ, අධිකරණ ගානේ ඇවිදිනවා. එක්කෝ බන්ධනාගාර ගානේ ගිහින් තමන්ගේ හොරු රැළ බලනවා. ඊයේ පෙරේදා ඉඳලා විශේෂ අධිකරණයේ ගිහින් මොනවාද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා.

අද ඒ අය කොළඹට එනකොට, මීගමුව පැත්තෙන් එන අයට පුළුවන් කටුනායක රොෂේන් චානක මරා දැමූ තැනට ගිහින් පොඩ්ඩක් බලලා එන්න. හලාවත පැත්තෙන් එන අයට එන්න පුළුවන් ඇන්ටනී ධීවර සහෝදරයාව මතක් කරලා එන්න. නුවර පැත්තෙන් එන අයට පුළුවන් වැලිවේරියෙන් මලක් පූජා කරලා ජලය ඉල්ලූ අය සිහිපත් කරලා එන්න. හයිලෙවල් පාර පැත්තෙන් එනකොට පුළුවන් ලසන්ත වික්‍රමතුංග මහත්මයා ඝාතනය කළ තැනට ගිහින් ටිකක් සිහිපත් කරලා එන්න. නාරාහේන්පිට පැත්තෙන් එනකොට පුළුවන් තාජුඩීන් ඝාතනය කරපු තැනට ගිහින් මලක් පූජා කරලා එන්න. එන්නේ කොහොමද, මේ කොතැනින්ද?


මේ අයගේ සටන් පාඨයක් තිබුණා, ජාතික සම්පත් විකිණීමට විරුද්ධව කියලා ඒ අය කොළඹට ඇවිත් කොහොමද ගෝල්ෆේස් එකට ගිහින් හිටගෙන ඉන්නේ. එතැනට පේනවා චීන්නුන්ට සින්ක්කරව දුන් ෂැංග්‍රිලා භූමිය. මේ මම කියන්නේ කොළඹ හදවත ගැන. මේ විදිහට කොළඹ හදවත තමයි වික්කේ. පෝට් සිටිය විකුණුවා. කොළඹ හදවත විකුණපු අයට පුළුවන්ද ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණය කරන්න. බෑ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29435,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජන පවුර: වියදම කෝටි ගණනින්, සංයමයෙන් කටයුතු කරන්නැයි පොලිසියට උපදෙස්.
ජන පවුර: වියදම කෝටි ගණනින්, සංයමයෙන් කටයුතු කරන්නැයි පොලිසියට උපදෙස්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiWPS9kShXqKdsK_UudC3JiGUTaMCRd2zE1Oefy5cTYVqbPlKWeITO7k_UVmFFbFtu4uO3QGNeigpUU1UerwCVfckm2l3XE8OsIE1roJM_wfL0dFCsyAYMbkdKysorZXiv2rJmePdlqL7VB/s1600/Namal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiWPS9kShXqKdsK_UudC3JiGUTaMCRd2zE1Oefy5cTYVqbPlKWeITO7k_UVmFFbFtu4uO3QGNeigpUU1UerwCVfckm2l3XE8OsIE1roJM_wfL0dFCsyAYMbkdKysorZXiv2rJmePdlqL7VB/s72-c/Namal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_48.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_48.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy