දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වාර්ෂිකව වකුගඩු රෝගීන්ගේ අඩුවක්.
Homeගොසිප්

වාර්ෂිකව වකුගඩු රෝගීන්ගේ අඩුවක්.

PropellerAds

වකුගඩු රෝග නිවාරණයට රජය ගෙන යන පුළුල් වැඩපිළිවෙළ යටතේ මෙරට වකුගඩු රෝගින්ගේ සංඛ්‍යාව වාර්ෂිකව සැලකිය යුතු මට්ටමකින් අඩුවෙමින් පවතින බව ජනා...

මෙවර MRS. SRI LANKA කිරුල මිලියන 30 ක් : තීන්දුව අද.
හෝමාගම මාර්ග පද්ධති 6 ක් කඩිනම් සංවර්ධනයට.
රුපියල රකින්න බැංකු පොලී මුක්කුවක්.


වකුගඩු රෝග නිවාරණයට රජය ගෙන යන පුළුල් වැඩපිළිවෙළ යටතේ මෙරට වකුගඩු රෝගින්ගේ සංඛ්‍යාව වාර්ෂිකව සැලකිය යුතු මට්ටමකින් අඩුවෙමින් පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටිනවා. 

මෙම රෝගයට ගොදුරුවන්නේ රටේ අහිංසක පොදු ජනතාව බව පැවසු ජනාධිපතිවරයා රෝගය නිවාරණයට, මර්දනයට සහ වැළැක්වීමට මෙන්ම වකුගඩු රෝගින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය සඳහා ද රජය ඉකුත් වසර තුන හමාර තුළ පුළුල් වැඩකොටසක් ඉටු කළ බව කියා සිටියා.

ජනාධිපතිවරයාමේ බව සඳහන් කළේ රුපියල් මිලියන 800ක වියදමින් ස්ථාපිත කරන ලද ප‍්‍රති ආශ‍්‍රැතිකරණ ජල පද්ධති 500හි පිරිසිදු පානීය ජලය අති උතුම් ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කිරීමේ පුණයෝත්සවයට සහ 500 වැනි ප‍්‍රති ආශ‍්‍රැතිකරණ ජල පද්ධතිය ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (21) පෙරවරුවේ එක්වෙමින්. 

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ 2016 වසරේ අලුතින් එක් වූ වකුගඩු රෝගින්ගේ සංඛ්‍යාව 3372 ක් වූ අතර එය 2017 වසරේ 2478 ක් බවට පත්ව ඇති බවත්, 2018 වසරේ මේ වන විට වාර්ෂිකව එක් වන එම රෝගින්ගේ සංඛ්‍යාව 1500ක පමණ අවම මට්ටමකට පැමිණ ඇති බවත්ය.

තමා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අවස්ථාවේ දී මැතිවරණ ව්‍යාපාරයේ කටවුට් සහ පෝස්ටර් සඳහා ලැබුණු මුදල් තැන්පත් කර ඇරඹූ වකුගඩු අරමුදල අද පිළිගත් ශක්තිමත් ජාතික අරමුදලක් බවට පත්ව ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ යටතේ වකුගඩු රෝගින් වෙනුවෙන් පුළුල් වැඩකොටසක් ඉටුකරමින් සිටින බවත් ඒ සමඟ අත්වැල් බැඳගෙන සිටින රාජ්‍ය අංශයේ, පෞද්ගලික අංශයේ, ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ මෙන්ම ජාත්‍යන්තරයේ ද සියලුදෙනා වෙත තම සිය ස්තූතිය පුද කරන බව ද සඳහන් කර සිටියා. 

එමෙන්ම රටේ අහිංසක ජනතාව මුහුණ දී ඇති මෙම ඛේදවාචකයෙන් ඔවුන් සම්පූර්ණයෙන් නිදහස් කර ගැනීම සඳහා එම සියලුදෙනාගේ සහය ඉදිරියට ද අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ. 

වකුගඩු රෝගී අවදානම් ප‍්‍රදේශවල මහජනතාව වෙනුවෙන් පිරිසිදු පානීය ජලය සම්පාදනය කිරීම සඳහා වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ මුල්‍ය ප‍්‍රතිපාදන මගින් ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ශ‍්‍රම දායකත්වය යටතේ මේ වන විට ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජල පද්ධති 500ක් ස්ථාපිත කොට තිබෙනවා.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වාර්ෂිකව වකුගඩු රෝගීන්ගේ අඩුවක්.
වාර්ෂිකව වකුගඩු රෝගීන්ගේ අඩුවක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg7_TjlQE_CsOjpUwovAVSJUS9q9kedKNc0JScqF_tVdRKmBByYCTcjZlzbf-PyjVEr3K9PU6gcC0yhZ64u0N-1oNTlGrtlFYS_dFPGf-JShLFjTXsczsRJzQ0XKgk3a7YoRhmmcWzKvrPG/s1600/maithripala.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg7_TjlQE_CsOjpUwovAVSJUS9q9kedKNc0JScqF_tVdRKmBByYCTcjZlzbf-PyjVEr3K9PU6gcC0yhZ64u0N-1oNTlGrtlFYS_dFPGf-JShLFjTXsczsRJzQ0XKgk3a7YoRhmmcWzKvrPG/s72-c/maithripala.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_450.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_450.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy