ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා ඉකුත් සමයේ සන්නස් පත්‍රයකින් පවරාගෙන හොර අලියකු ළඟ තබාගෙන සිට ඇති බවට තොරතුරු ලැබ...
ආරක්‌ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා ඉකුත් සමයේ සන්නස් පත්‍රයකින් පවරාගෙන හොර අලියකු ළඟ තබාගෙන සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයි වනජීවී හා තිරසර සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
ඒ මහතාගේ නිවසේ අලින් දෙදෙනකු සිට ඇති බවද ඉන් සන්නස් පත්‍රයකින් පැවරූ මෙම අලියා හොර අලියකු බවද ආණ්‌ඩුව පරාජයට පත්වීමෙන් පසුව අලින් දෙදෙනාම ආපසු භාර දී ඇති බවද ඇමැතිවරයා එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
එවකට ජනාධිපතිවරයා අලි 05 දෙනකු සන්නස් පත්‍ර මගින් පවරා ඇති බව කී ඇමැතිවරයා එම අලි හොරෙන් අල්ලාගෙන පැමිණි අලි බවට තොරතුරු ලැබී ඇති බවද කීය.
සන්නස් පත්‍රයකින් කතරගම දේවාලයට අලියකු පවරා ඇති නමුත් එහි භාරකාරත්වය ශෂීන්ද්‍ර රාජපක්‌ෂ මහතාට පවරා ඇති බවද තවත් පන්සලකට පැවරූ අලියකුගේ භාරකාරත්වය හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්‌ෂක නිලධාරියාට පවරා ඇති බවද කී ඇමැතිවරයා තවත් අලියකු පන්සලකට පවරා හිටපු ජනාධිපතිගේ ඥාතියකුගේ භාරකාරත්වයට පත්කර ඇති බවද කියා සිටියේය.
මේ පිළිබඳව සියලු තොරතුරු ලබාගෙන ඊට එරෙහිව නඩු පැවරීමට ක්‍රියාකරන බවද ෆොන්සේකා මහතා කියා සිටියේය.
ඉකුත් ආණ්‌ඩුව සමයේදී කැලයෙන් අල්ලාගෙන විත් ජාවාරම් කළ අලි ඇතුන් 39 දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවද ඒ පිළිබඳව මේ වනවිට නඩු 17 ක් ගොනුකර ඇති බවද හෙතෙම කියා සිටියේය.
කොටුවූ අලි ජාවාරම්කරුවෝ තිදෙනාට ඇප
මේ අතර වනාන්තර වෙසෙන අලි පැටවුන් අල්ලාගෙන ගොස් විවිධ පුද්ගලයන්ට අලෙවිකරන බවට චෝදනා එල්ලවී ඇති ප්‍රකට අලි ජාවාරම්කරුවෙකු වන පන්නිපිටිය පැලැවත්ත ගැමුණු මාවතේ පදිංචි නිරන්ජන් රොෂාන් නොහොත් අලි රොෂාන් නැමැත්තා ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.
මෙම සිද්ධියටම අදාලව වනජීවි දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ විෂය භාරව කටයුතු කළ ලිපිකාරිනියක වූ ප්‍රියංකා සංජීවනි සහ වනජීවි දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ (නීති) පැස්කුවන් ෆොන්සේකාලාගේ උපාලි පත්මසිරි යන දෙදෙනා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.
කූඨ ලේඛන සකස්කර බලපත්‍ර රහිත අලි පැටවුන් සන්තකයේ තබාගෙන ඇතැයි ඔවුන්ට චෝදනා එල්ලවී ඇත.
එසේ අත්අඩංගුවට ගත් අලි රොෂාන් නැමැත්තා ඇතුළු තිදෙනා රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප මත හා රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.
COMMENTS