දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සමන් දේවාලය ඇතුළු ඵෙතිහාසික පුදබිම් විධිමත් ලෙස සංවර්ධනය වේ.
Homeගොසිප්

සමන් දේවාලය ඇතුළු ඵෙතිහාසික පුදබිම් විධිමත් ලෙස සංවර්ධනය වේ.

PropellerAds

රත්නපුර සමන් දේවාලය ඇතුළු රට පුරා ඵෙතිහාසික පුදබිම් ඉදිරි වසර කිහිපය තුළ විධිමත් ලෙස සංවර්ධනය කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය ...

අර්බුධ රැසක් : පොහොට්ටුවේ නාමයෝජනා හිතවතුන්ට.
මන්ත්‍රී ලන්සා ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමට.
මෛත‍්‍රී-මහින්ද පොදු සතුරාට එරෙහිව එක්වෙයි?


රත්නපුර සමන් දේවාලය ඇතුළු රට පුරා ඵෙතිහාසික පුදබිම් ඉදිරි වසර කිහිපය තුළ විධිමත් ලෙස සංවර්ධනය කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා පවසයි. ඒ මහතා මෙම අදහස් පළ කරනු ලැබුවේ, වසර 400 කට පසු රත්නපුර සමන් දේවාලයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදුකර නැවත දේවාලය වෙත බාරදීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘2012 වර්ෂයේ අපි ඉතාම දරුණු අත්දැකීමකට මුහුණ දුන්නා. දැන් නම් එය සුලභ අත්දැකීම් බවට පත්වී තිබෙනවා. ඒක තමයි අපට මෝසම් වැසි 3 ක් මගහැරී ගියා. 2011 නිරිත දිග මෝසම, ඊසාන දිග මෝසම මග හැරී ගියා. 2012 දීත් අපට වාර්තා උනා නිරිතදිග මෝසම එන්නේ නැහැ කියලා. මේ අවස්ථාවේදී ආගමික වශයෙන්වත් යමක් කළ යුතුයි කියා අපේ නිලධාරීවරුන් අපට යෝජනා කළා. විශේෂයෙන්ම අපේ රත්නපුර හිටපු අතිරේක සාමාන්‍යාධිකාරීතුමා කිව්වා, ඒ කාළේ අපේ නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට සිටියෙත් පේ‍්‍රමලාල් ජයසේකර මැතිතුමා. අපිට යෝජනා කළා පූජාවක් තැබීමට, එවකට බස්නායක නිලමේ සුනිල් මැතිතුමා. එතුමට මතක ඇති අපි මහා කාලයක් පායලා ගිනි අව්වේ මෙතනට ආවේ. විනාඩි 45ක් අපි එම පූජාව සිදු කළා. හැබැයි අපි එළියට එනවිට මහා වැස්ස. පැය එකහමාරක දෙකක කාලය තුළ ගඟත් උඩට ගලලා තිබුණා. තවමත් එම විදුලි බල මණ්ඩලයේ වර්ෂාපතන තත්ව පද්ධතිය දකින විට එම දවස මතක් වෙනවා. ඒ අවස්ථාවේදී ස්පයික් එකක් එතන ඇතිවී තිබෙනවා. අපි බොහොම අමාරුවෙන් අපට ඒ තිබුණු අවස්ථාව එම අවස්ථාවේදී මගහැර ගත්තා.  අපි දන්නවා සර් ජෝන් කොතලාවල මැතිතුමත් ලක්‍ෂපාන බලාගාරය හදන අවස්ථාවේදීත්, ඒ වගේම රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ හිටපු රත්නපුරේ නියෝජිතයා වන විමලසුරේන්ද්‍ර මැතිතුමා ඒ කටයුතු කරන අවස්ථාවල දී සමන් දෙවි හාමුදුරුවන්ගේ ශක්තිය, සරණ ඒ විදුලි බලමණ්ඩලයේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට උපයෝගී කර ගත්ත බව.

ඒ නිසා එම අවස්ථාවේදීම මෙම ස්ථානයට කෘතවේදීත්වය පළකිරීමක් සිදු කළ යුතුයි කියා සිතට ගත් නමුත් එම අවස්ථාවේදී එය ඉටු කර ගැනීමට විදුලි බල අමාත්‍යාංශයේදී නොහැකි වුණා. නමුත් මේ අවස්ථාවේදී රත්නපුරය නියෝජනය කරන අපගේ සියළුම ජනතා නියෝජිතයින් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, බස්නායක නිලමේ, දියවඩන නිළමේ ඇතුළු සියළු දෙනාගේම සහයෝගය ලැබුණා මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට. ඉදිරිකාලයේදී මෙම ස්ථානය මෙයටත් වඩා විධිමත් ස්ථානයක් බවට පරිවර්ථනය කරන්න අපි ඇප කැප වීමෙන් කටයුතු කරනවා. ඒ වගේම මේ රත්නපුර ප‍්‍රචලිත වී තිබෙන අපේ ප‍්‍රධානම දේ අපගේ ශ‍්‍රී පාදස්ථානයේ අවශ්‍ය පහසුකම් සැපයීමක් තිබෙනවා නම් එය ඉටු කිරීමටත්  අපි කටයුතු කරන බව මේ අවස්ථාවේදී ප‍්‍රකාශ කළ යුතුයි. ඒ වගේම අපගේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා මෙන්ම ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියා ලෙස එතුමන්ට මෙම කටයුතු පිළිබඳ විශේෂ දැනුමක් තිබෙනවා.

ශ‍්‍රී දළඳා මාළිගාවේ කටයුතු අප විසින් අංග සම්පූර්ණ කළා. කිසිම ආකාරයකට නැවත ගොඩනැගිලි ඉදිකිරීමක් වෙනත් වෙනත් දෙයක් එතන අවශ්‍ය නොවන පරිදි, ජලය බැසයාම, මලාපවහන පද්ධතිය, වැසිකිලි කැසිකිලි පහසුකම් සහ විදුලි බලය ඇතුළු සියළුම කටයුතු අපි විධිමත්ව අවසන් කර තිබෙනවා. මේ දිනවල නාථ දේවාලයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබෙනවා. එයත් මේ වගේම පැරණි දේවාලය හුඟාක් අබලන් තත්වයකට පත්වෙලා තිබෙනවා. ඒ වගේම කතරගම අති විශාල සංවර්ධනයක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් අද ගෙනයනවා. ලබන කතරගම පෙරහැර වන විට  ඒ තිබෙන අවිධිමත් නගරය වෙනුවට විධිමත් නගරයක් කතරගමත් සෙල්ලකතරගමත් යන දෙකෙහිම ඇතිකරන්න අපි කටයුතු කර තිබෙනවා. ඒ වගේම අටමස්ථානය ඉදිරි අවුරුදු 5 දී ඉතාම විධිමත් අනුරාධපුර නගරය හා අටමස්ථානය ගොඩනැගීම සඳහා අපි කටයුතු කරමින් තිබෙන බව කිව යුතුයි.

ඒ වගේම මෙම රත්නපුර නගරය උපාය මාර්ගික නගරයක් ලෙස දියුණු කිරීමට විදේශ ආධාර මගින් ගොඩනැගීමට අපේ අගමැතිතුමාගේ ප‍්‍රතිපත්ති සම්පාදක අමාත්‍යාංශය යටතේ තිබෙන බාහිර සම්පත් පිළිබඳ ආයතනය හරහා ඉල්ලීමක් කළා  විදේශ රටවලින් අපට ඒ සඳහා සතුටු දායක ප‍්‍රතිපළ ලැබී තිබෙනවා.  ඒ අනුව අප සාකච්ඡුා කළ පරිද්දෙන් බලාපොරොත්තු වෙනවා එම ණය අධාර ලැබුණාහම සියළු දෙනාගේම හමුවක් කැඳවා ප‍්‍රමුඛතාවයන් මොනවාද කියා හඳුගෙන රත්නපුර නගරයත් වැදගත් බලගතු නගරයක් හැටියට ගොඩනගන්න අපි කටයුතු කරන බව කිව යුතුයි. දැනටමත් ගාල්ල, මහනුවර, අනුරාධපුරය සහ යාපනය කියන නගර අපි උපාය මාර්ගික නගර ලෙස මිලියන දස දහස් ගණනක් වියදම් කර ගොඩනගාගෙන යනවා. කුරුණෑගල, රත්නපුර සහ මාතර නගර අපේ ඊ ළඟට නගර ලැයිස්තුවේ ඉදිරියෙන්ම තිබෙන බව කිව යුතුයි. ඒ නිසා මෙම ප‍්‍රදේශය ඉතා වටිනා ප‍්‍රදේශයක්. දෙවෙනි පරාක‍්‍රමබාහු සමයේ දඹදෙණි යුගයේ දී සමන් දෙවියන් වැඩසිටින මෙම ස්ථානය ගොඩනැගීමට කටයුතු කළා ය කියන එක අපේ දියවඩන නිලමේ තුමා මතක් කළා. ම් වගේම මෙයත් සමග ගැටගැසී තිබුණු විදේශ වෙළඳාම අප අමතක කළ යුතු නැහැ.

විශේෂයෙන්ම ලෝකයේ පළවෙනි නිදහස් වෙළඳ කලාපය ඇතිකර තිබුණේ බේරුවල. මම චීනයේ බීජිං නගරයේ තිබෙන කෞතුකාගාරයට ගිය වෙලාවේ අපේ කිසිම නගරයක් නැහැ බේරුවල නගරය තමයි නම්කර තිබෙන්නේ පැරණි චීන සේද මාවතේ නගරය හැටියට. ඉන්දියාවේ කැලිකට් නගරය, මැලේසියාවේ මලක්කා නගරය සහ බේරුවල. ඇයි බේරුවල   වැදගත් කියල බැලූවහම කළුගඟ දිගේ එන මුතු මැණික් ඒ වගේම අලි ඇතුන් සම්පත තමයි ඒ බේරුවල නිදහස් වෙළඳ කලාපයේ මූලික වෙළඳාම වෙලා තිබෙන්නේ.  ඒ අනුව තමයි රයිගම රාජධානිය ගොඩනැගී තිබෙන්නේ. නැතිනම් එතන රාජධානියක් හදන්න කිසිම හේතුවක් නැහැ.

කෙසේ උනත් රත්නපුරය සඳහා අධිවේගී මාර්ගයක් ගෙන ඒමටත් යෝජනා කර තිබෙනවා. ඒ පරිසර අධ්‍යයන කටයුතු ආදිය විධිමත් උනාට පසුව රත්නපුර නගරයත් ප‍්‍රධාන නගරය ජාලයට එකතු වෙන්න නියමිතයි. ඒවගේම අද අපි ඉතාම ආඩම්බරයෙන් කිව යුතුයි. විශේෂයෙන්ම අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයෙන් රත්නපුරේ සීවලී විද්‍යාලය, ඇලෝසියස් විද්‍යාලය ඇතුළු විද්‍යාල අද ලංකාවේ ඉහළම ගනයේ පාසල් මට්ටමට පත්ව තිබෙනවා. ඉතාම වැදගත් උගතුන් පිරිසක් වෘත්තීය මට්ටමින් ගොඩනැගි තිබෙනවා. ඒ නිසා එම නගරය වෘත්තීය නගරයක් ලෙසත් ඉදිරි කාලයේදී ගොඩනැගිය යුතුයි. ඒ සඳහා අපට දායකවූ සියළුම දෙනාට අපගේ පුණ්‍යානුමෝදනාව සිදු කරනවා යැයි පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සමන් දේවාලය ඇතුළු ඵෙතිහාසික පුදබිම් විධිමත් ලෙස සංවර්ධනය වේ.
සමන් දේවාලය ඇතුළු ඵෙතිහාසික පුදබිම් විධිමත් ලෙස සංවර්ධනය වේ.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJa8qO84z9ljjgHnT8BHhkYNZHory4Csy6mf3dzCuYDv7mF8xz1NjW3JOYILupHZEPq8igif9WGbpqj4Zcb6gawj6xo68panTCGRC8xQvrQ4vl5dzBypCgIFoya_2eRMoAc5UJOUl3dHGG/s1600/01+%25284%2529.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJa8qO84z9ljjgHnT8BHhkYNZHory4Csy6mf3dzCuYDv7mF8xz1NjW3JOYILupHZEPq8igif9WGbpqj4Zcb6gawj6xo68panTCGRC8xQvrQ4vl5dzBypCgIFoya_2eRMoAc5UJOUl3dHGG/s72-c/01+%25284%2529.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_193.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_193.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy