රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයට පරිභාහිරව සේවකයන් 7500ක් පමණ බඳවාගෙන නීති විරෝධී ලෙස වැටුප් ගෙවමින් තිබෙන බව මුදල් අමාත්...
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයට පරිභාහිරව සේවකයන් 7500ක් පමණ බඳවාගෙන නීති විරෝධී ලෙස වැටුප් ගෙවමින් තිබෙන බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
දේශපාලන හිතවත්කම් මත ඉකුත් වසර කිහිපය තුළදී එම සේවකයින් බඳවා ගෙන ඇතැත් ඒ සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමැතියක් ලබාගෙන නොමැති බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
විශේෂයෙන් පළාත් සභා හා ප්‍රදේශීය සභා ආදී ආයතන එලෙස එම සේවකයින් බඳවා ගෙන ඇති බවට කරුණු හෙළිවී ඇතැයිද ඒ පිළිබඳව එම ආයතන වලින් වාර්තාවක් කැඳවා තිබෙන බවද මුදල් අමාත්‍යාංශය පවසයි. එම වාර්තාව සලකා බලා ඒ ඒ ආයතනවලට අත්‍යාවශ්‍ය සේවකයින්ගේ සේවය පමණක් ස්ථිර කරන බවද අනෙක් සේවකයින් පිළිබඳව වගකීම අයතන ප්‍රධානීන් භාරගත යුතු බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අතර මින් ඉදිරියට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන වලට කිසිදු සේවකයකු බඳවා ගැනීම තහනම් කරමින් චක්‍රලේඛනයක් භාණ්ඩාගාරය නිකුත් කර ඇත.
COMMENTS