හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් (දේශපාලන මණ්ඩලයෙන්) ඉවත්කර ඇතැයි ...
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් (දේශපාලන මණ්ඩලයෙන්) ඉවත්කර ඇතැයි වාර්තාවේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස පත්වූ පසු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය එම පක්ෂයේ එකම අනුශාසක ලෙස පත් කරනු ලැබිය.
වත්මන් සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ සභාපති ධුරයට පත්වීමෙන් පසු ද ඇයව අනුශාසක මණ්ඩල සාමාජිකාවක් ලෙස පත්කළ අතර මෑතකදී අනුශාසක මණ්ඩලය විසුරුවා හැර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය උපදේශකවරුන් ලෙස නම්කර තිබිණ.
අනුශාසකවරියකව සිටියදී ඇය ශ්‍රීලනිප මාධ්‍ය කාරක සභාව නියෝජනය කරනු ලැබුවාය.
'කව්රුහරි කේලමක් කියලා ඇති'
කෙසේවුවද ඊයේ (08) පැවති මධ්‍යම කාරක සභාවට ඇයට ආරාධනා නොකිරීම සම්බන්ධයෙන් පලවන වාර්තා පිළිබඳව 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පැවසුයේ, මධ්‍යම කාරක සභා රැස්වීමක් ඊයේ පැවති බව දැනගත්තේ එහි සාමාජිකයින් කිහිප දෙනෙකු කල විමසිමකදී බවයි.
'' ඇත්තටම මම ඒගැන දැනගෙන හිටියේ නැහැ. මට ආරාධනාවක් ලැබුනෙත් නැහැ. පක්ෂයේ කීපදෙනෙක්ම අද ඒගැන මගෙන් විමසුවා. මටත් පුදුමයි. මගේ හිතේ කව්රු හරි කේලමක් කියලා ඇති.. '' ඇය වැඩිදුරටත් පැවසුවාය.
COMMENTS