යෝජිත භික්ෂු පනත හරහා ඉදිරියේදී සංඝ සමාජය තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවිය හැකි බව අස්ගිරි මහාවිහාර පරිවේණාධිපති පූජ්‍ය නාරම්පනාවේ ආනන...
යෝජිත භික්ෂු පනත හරහා ඉදිරියේදී සංඝ සමාජය තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවිය හැකි බව අස්ගිරි මහාවිහාර පරිවේණාධිපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි පවසයි.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙරට තුළ විසඳිය යුතු ගැටලු රැසක් පැවතිය ද මෙම පනත හරහා එම ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමුකර නොමැති බවයි.
යෝජිත භික්ෂු පනත පිළිබඳව ඊයේ (31) පස්වරුවේ අස්ගිරි මහා විහාර පිරිවෙණේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අස්ගිරි මහා විහාර පරිවේණාධිපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි මෙම අදහස් පල කළේය.
ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ භික්ෂුන් සම්බන්ධයෙන් විහාර දේවාලගම් ලෙස පනතක් ගෙන ඇති බවත්, එම කාලයේ දී වත් ධර්ම විනය සම්බන්ධ අන පනත් පාර්ලිමේන්තු නීතියකට ගෙන ඒමට උත්සහ නොකළ බව ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.
ඕනෑම ආගමක මූල ධර්මයක් මත පවතින නීති රීති පාර්ලිමේන්තුවක් යටතට ගෙන ඒම යෝග්‍ය නොවන බැවින් මෙම තීරණය ගත් බව ද උන්වහන්සේ කියා සිටියේය.
වර්තමානයේ මෙම පනත ක්‍රියාත්මක වීමේ දී යම් ගැටළුවත් ඇති වුවහොත් මෙම පනතට සංශෝධන ගෙන ඒමේ බලයක් කිසිදු භික්ෂුවකට නොමැති බවත්, එය පාර්ලිමේන්තුව තුළින් සිදු කිරීම විශාල ගැටළුවක් බවත් පැවසු උන්වහන්සේ අවසානයේ නීතිරීති අනපනත් සාසනය රැකීමට භික්ෂූන් වහන්සේලා නැති වෙන බවත් පැවසීය.
COMMENTS