දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මගී ජනතාවනි, දුම්රිය වර්ජනයේ තිත්ත ඇත්ත මෙන්න...
Homeගොසිප්

මගී ජනතාවනි, දුම්රිය වර්ජනයේ තිත්ත ඇත්ත මෙන්න...

PropellerAds

දීප ව්‍යාප්ත සේවාවන් හට අයත් නිලධාරීන් මෙන්ම  දේපාර්තමේන්තුගත සේවාවල නිලධෘරීන්ගේද මූලික වැටුපට වඩා වැඩි වැටුපක් දුම්රිය සේවකයන් හට ලැබෙන...

ජාතිය ගොඩ නැගීමේ බද්ද : මත්පැන් වලට ඇවිත් තවත් රැසකින් හැලෙයි.
කුරුණෑගල මහ නගර සභාවේ බලය පොහොට්ටුවට.
සූර්යාභිෂේකය : මහානගරයේ මහ අවුරුදු අපේ‍්‍රල් 08දා.


දීප ව්‍යාප්ත සේවාවන් හට අයත් නිලධාරීන් මෙන්ම  දේපාර්තමේන්තුගත සේවාවල නිලධෘරීන්ගේද මූලික වැටුපට වඩා වැඩි වැටුපක් දුම්රිය සේවකයන් හට ලැබෙනු ඇත. මෙය, රාජ්‍ය සේවයේ මෙතෙක් පැවත ආ වැටුප් ව්‍යුහයේ විශාල පරතරයක් ඇතිවීම වැළැක්විය නොහැක. 

දුම්රිය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් පසුගිය අඟහරුවාදා ප්‍රතික්ෂේප කර  සිටියේ  ශ්‍රේණි කිහිපයක  වැටුප් හිතුමතේ වැඩිකිරීමට ගියහොත් ඊට සමාන්තර ශ්‍රේණිවල රජයේ සේවකයින් ද  තමන්ගේ වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා පාරට බසින තත්ත්වය පාලනය කර ගන්නටය. 

එසේම  දුම්රිය ද  ඇතුළුව සමස්ථ රාජ්‍ය සේවයේ වැටුප් සම්බන්ධව ක්‍රියා කිරීමට වැටුප් කොමිසමක් පත් කිරීමටත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව  ලබන සතියේ කැබිනට් මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කරණ බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය මේ වන විටත් නිවේදනය කර ඇත.

දුම්රිය වෘත්තීය සමිති විසින්  ජනතාව දැඩි පීඩාවකට පත්වන ආකාරයට හදිසි වර්ජනයක් දියත් කරේ එතරම් පැහැදිළි විසඳුමක් ලබාදී තිබියදීය.

අවම වශයෙන් උසස් පෙළ විභාගය මේ දිනවල පවතින බවත් එම අහිංසක සිදුන් ප්‍රවාහන දුෂ්කරතා හමුවේ මුහුණ දෙන පීඩනය ගැනවත් හිතන්න තරම් පපුවක් මේ තලෙයිබාන් පන්නයේ වෘත්තීය සමිති වලට තිබුණේ නැත. 

සැබවින්ම මේ දුම්රිය වෘත්තීය සමිති කිහිපය පමණක් නොව රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පවා එහෙමය. ඔවුන් දැඩි  ආත්මාර්ථකාමී අසාධාරණ ඉල්ලීම් වෙනුවෙන් දෙවරක් නොසිතා ජනතාව ප්‍රාණ ඇපයට ගැනීම දැන් විලාසිතාවක් කරගෙන ඇත.

මේ  දෙස බලා දත් විලිස්සාගෙන සිනාසෙන රාජපක්ෂ කල්ලියේ උත්සාහයත්  වෘත්තීය සමිති කෙරුම් නිසා පීඩාවට පත්වූ ජනතාව  ආණ්ඩු විරෝධයක් වෙත යොමුකරන්නය. ඒ  මිස ජනතාවට සිදුවන අසාධාරණය ගැන තැකීමක් රාජපක්ෂ කල්ලියටද  නැත.

ඒ කියන්නේ රාජපක්ෂ කල්ලියත් මේ නින්දිත වෘත්තීය සමිති කල්ලිත් එක වල්ලේම පොල් බවය. ජනතාව වැඩි වැඩියෙන්  පීඩාවට පත්වීම  ඔවුන්ගේ එකම අපේක්ෂාවය.

දෙගොල්ලොන්ගේම වැඩ වලින්ම ඔප්පු වන ඇත්ත එසේ බැවින්  මේ ප්‍රජා පීඩකයින්ට පාඩම් ඉගැන්විය යුතුව ඇත්තේද ජනතාවමය. 

ඉතිහාසය පුරා වෘත්තීය සටන් සඳහා පොදු ජනතා සහය ලැබුණේ ඒ වෘත්තීය සටන් සාධාරණ මෙන්ම පොදු සුභ සිද්ධිය අරමුණු කරගත් අවස්ථා වලදී පමණය.

ඊයේ දුම්රිය වෘත්තීය සමිති වර්ජනය ජනතාවගේ බලවත් අප්‍රසාදයට ලක්වූයේ අන්න ඒ කියන පොදු සුභ සිද්ධිය ඒ වර්ජනයේ නොතිබූ නිසාය.

එහෙත් වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සාකච්ඡා සඳහා එන්නේ නැත.  වෘත්තීය සමිති අදත් කියන්නේ   වර්ජනය අඛණ්ඩව සිදුකරන බවය.

ඇත්තටම වෘත්තීය සමිති සාකච්ඡා මඟ හරින්නේ අන් කිසිවක් නිසා නොව තමන් කරන මේ අසාධාරණ වර්ජනය අනාවරණය වනවාට ඇති බය නිසාය.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29320,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මගී ජනතාවනි, දුම්රිය වර්ජනයේ තිත්ත ඇත්ත මෙන්න...
මගී ජනතාවනි, දුම්රිය වර්ජනයේ තිත්ත ඇත්ත මෙන්න...
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiIDi5gt1Oun1b8F5-p7rEXKG54hyphenhyphen8M2jydjZKINRRPN7Xr4ril_RRvS2f7WTKN3eKdlEO5-B615ll0YjJQJwYnDxGPjArzp6xVZjiltAIkTf4ync4gB_AH9mFN84wCPzrDKY8qJN464QWl/s1600/Train_Sri_Lanka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiIDi5gt1Oun1b8F5-p7rEXKG54hyphenhyphen8M2jydjZKINRRPN7Xr4ril_RRvS2f7WTKN3eKdlEO5-B615ll0YjJQJwYnDxGPjArzp6xVZjiltAIkTf4ync4gB_AH9mFN84wCPzrDKY8qJN464QWl/s72-c/Train_Sri_Lanka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_348.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_348.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy