වමේ සිට දකුණට: ඩිමොක්‍රටික් පක්ෂයේ ග්‍රේචන විට්මර්, රිපබ්ලිකන් පක්ෂයේ සූසන් හචිසන් සහ නිසැකව ම කොංග්‍රසයට පිවිසෙනු ඇතැයි සැලකෙන පළමු මුස්...
වමේ සිට දකුණට: ඩිමොක්‍රටික් පක්ෂයේ ග්‍රේචන විට්මර්, රිපබ්ලිකන් පක්ෂයේ සූසන් හචිසන් සහ නිසැකව ම කොංග්‍රසයට පිවිසෙනු ඇතැයි සැලකෙන පළමු මුස්ලිම් කාන්තාව රෂිඩා ට්ලයිබ්
ප්‍රාන්ත 4 ක් පුරා අඟහරුවාදා (අගෝ 7) පැවති ප්‍රාථමික ඡන්ද විමසීම්වලින් අනතුරුව ආණ්ඩුකාර ධුර සඳහා තරග වැදීමට අපේක්ෂිකාවන් 11 ක් ද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා තරග වැදීමට අවම වශයෙන් අපේක්ෂිකාවන් 173 ක් පමණ ද නාමයෝජනා ලබා සිටිති.
මේ ප්‍රතිඵලය, දේශපාලනයේ කාන්තා නියෝජනය වෙනුවෙන් හඬ නගන ක්‍රියාකාරිකයින් නොකඩවා ලබන ප්‍රගතියක් ලෙස පිළිගැනීමට ලක්වී ඇත.
කාන්තාවන්ගේ පිම්මක්
අඟහරුවාදා ප්‍රාථමික ඡන්ද පැවති කැන්සාස්, මිචිගන්, මිසූරි හා වොෂිංටන් ප්‍රාන්තවල ඡන්ද විමසීම අවසන් කළ පසු, ඉතා පැහැදිලිව පෙනුනේ ආණ්ඩුකාර ධුර හා නියෝජිත මන්ත්‍රී මණ්ඩල නාමයෝජනා වෙනුවෙන් කාන්තාවන්ට වාර්තාගත අවස්ථාවක් ලැබී ඇති බවය.
මිචිගන් ප්‍රාන්තයෙන් ග්‍රේචන් විට්මර් සහ කැන්සාස් ප්‍රාන්තයෙන් ලෝරා කෙලී ඩිමොක්‍රටික් පක්ෂ ප්‍රාථමික ඡන්ද ජයග්‍රහණය කිරීමත් සමග එළඹෙන නොවැම්බරයේදී ආණ්ඩුකාර ධුර සඳහා තරග කරන අපේක්ෂිකාවන් සංඛ්‍යාව 11 ක් බවට පත්විණි. එය 1994 දී වාර්තා වූ අගයට වඩා එක් අපේක්ෂිකාවකගේ වැඩිවීමකි.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා කාන්තාවන් 173 දෙනෙකුවත් පක්ෂ නාම යෝජනා ලබා ඇති අතර එය 2016 වසරේ වාර්තාගත අපේක්ෂිකා සංඛ්‍යාව වූ 167 අභිබවා ගොස් ඇත.
නියෝජිත මන්ත්‍රී මණ්ඩල අසුන සඳහා තරගවදින අපේක්ෂකයින් අතර සිටින එක් අපේක්ෂිකාවක් නිසැකයෙන් ම, කොංග්‍රසයට පිවිසෙන පළමු මුස්ලිම් කාන්තාව වනු ඇති බව කියැවේ. ඩිමොක්‍රටික් පක්ෂයේ නාමයෝජනා ලද රෂිඩා ට්ලයිබ් හට නොවැම්බරයේ පැවැත්වෙන මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂය එරෙහි නොවනු ඇතැයි ද කියැවේ. ඇය පළමු පලස්තීන - ඇමෙරිකානු කොංග්‍රස් සභිකාව ද වනු ඇත.
මේ අතර කාන්තාවන් ම එකිනෙකාට එරෙහිව තරගවදින මැතිවරණ දෙකක් වොෂිංටන් ප්‍රාන්තයේ පැවැත්වෙනු ඇත. එහිදී නියෝජිත මන්ත්‍රී මණ්ඩල අසුන වෙනුවෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ ලීසා බ්‍රවුන්, කැතී මැක්මොරිස්ට මුහුණ දෙන අතර රිපබ්ලිකන් පක්ෂයේ සූසන් හචිසන් සෙනෙට් අසුන සඳහා මාරියා කැන්ට්වෙල් සමග තරග වදින්නීය.
මෑතදී කරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබෙන්නේ, නොවැම්බරයේ පැවැත්වෙන මැතිවරණයෙන් අනතුරුව ඩිමොක්‍රටික් පාක්ෂික මන්ත්‍රීවරියන් ගණන ඔවුන්ගේ පිරිමි සගයින්ගේ ප්‍රමාණය අභිබවා යා හැකි බව ය.
COMMENTS