වවුනියාව බන්ධනාගාරයේ රදවා සිටි සිරකරුවන් පිරිසක් ඊයේ (07) මුලතිව් අධිකරණයේ නඩුවක් සදහා රැගෙන ගොස් සිටි අවස්ථාවේදී ඔවුන් අතර සිටි සිරකරුවන්...
වවුනියාව බන්ධනාගාරයේ රදවා සිටි සිරකරුවන් පිරිසක් ඊයේ (07) මුලතිව් අධිකරණයේ නඩුවක් සදහා රැගෙන ගොස් සිටි අවස්ථාවේදී ඔවුන් අතර සිටි සිරකරුවන් හතර දෙනෙකු බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණයෙ මිදී පළාගොස් තිබේ.
පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ නඩු විභාගයක් සදහා මෙම සැකකරුවන් රැගෙන ගොස් තිබුණි.
පැනගිය සැකකරුවන් සොයා බන්ධනාගාර නිළධාරීන් හා පොලිස් නිළධාරීන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කොට ඇති බවද මුලතිව් ආරක්ෂක අංශ පවසති.
සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය හා වවුනියාව බන්ධනාගාර නිළධාරීන් පරීක්ෂණ මෙහෙයවයි.
(දිනසේන රතුගමගේ)
COMMENTS