යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වුවහොත් රට කොටස් 9 කට කැඩෙන බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි. ඒ ඊයේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකදීය. ...
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වුවහොත් රට කොටස් 9 කට කැඩෙන බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.
ඒ ඊයේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකදීය.
එහිදී උන්වහන්සේ මෙසේ අදහස් දැක්විය.
“අද අපි දන්නවා ශ්‍රී ලංකාව නමැති ගහේ අතු එකින් එක කපනවා. සියුම් කුමන්ත්‍රණයක්. අක්,මුල් නැති ජාතියක් බිහි කිරීමේ අත්තිවාරම දාලා අවසන්. අපි දැන් දන්නවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වුණොත් මේ රට කෑලි 9කට කැඩෙනවා. හැම අම්මා, තාත්තාම අධිෂ්ඨාන කර ගන්න ඕනේ මගේ දරුවට රටක් දෙනවා කියලා. ඒ රට කෑලි කඩපු නැති රටක්. ඒ රට අභිමානයෙන් ජිවත් වන රටක්. අපිට පමණක් නෙවෙයි දෙමළ සහෝදර ජනතාවටත් ඒ අයිතිය, උරුමය තියෙනවා. ඒ නිසා මම දෙමළ සහෝදර ජනතාවටත් කියනවා, මුස්ලිම් සහෝදර ජනතාවටත් කියනවා, මැලේ හා බර්ගර් සහෝදර ජනතාවටත් කියනවා. එකතුවෙමු අපි එකම අම්මගේ දරුවෝ හැටියට මේ දේශද්‍රෝහී පාලනය ඉවත් කරන්න.”
COMMENTS