වස විසෙන් තොර කාබනික වගාව ව්‍යාප්ත කිරීම සඳහා කාබනික වගාවේ යෙදෙන ගොවීන්ට පොහොර සහනාධාරය වෙනුවට මුදල් ප්‍රතිපාදන ලබාදීමට රජය තීරණය කර තිබෙන...
වස විසෙන් තොර කාබනික වගාව ව්‍යාප්ත කිරීම සඳහා කාබනික වගාවේ යෙදෙන ගොවීන්ට පොහොර සහනාධාරය වෙනුවට මුදල් ප්‍රතිපාදන ලබාදීමට රජය තීරණය කර තිබෙනවා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
වස විසෙන් තොර කාබනික ගොවිතැන ශක්තිමත් කිරීම රජයේ මූලික අරමුණයි. ඒ සඳහා වත්මන් රජය ප්‍රමුඛත්වය ලබාදෙන බවත් ඒ අනුව අප රටේ ගොවීන්ට රසායනික පොහොර සඳහා සහනාධාර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා මෙන්ම කාබනික වගාවේ යෙදෙන ගොවීන්ටත් පොහොර සහනාධාරය වෙනුවට මුදල් ප්‍රතිපාදන ලබාදීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඊයේ (20)) දින පෙරවරුවේ අගුණුකොළපැලැස්ස තණකුඹුරුයායේ කාබනික වී වගාව නිරීක්ෂණය කරමින් අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
මේ වන විට අප රටේ කාබනික වී ගොවිතැනේ නිරත වන ගොවීන් ප්‍රමාණය 5000 ඉක්මවයි. කාබනික ගොවිතැන සඳහා අමාත්‍යවරයා ද සාමාජිකත්වය ලබාගෙන තිබේ. ඒ අනුව තණකුඹුරුයායේ ද කාබනික වී ගොවිතැන ආරම්භ කළ අමාත්‍යවරයා මේ වන විට පීදී ඇති තණකුඹුර නිරීක්ෂණය කිරීමට සහභාගී විය.
එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ වස විසෙන් තොර කාබනික වගාව රට තුළ ව්‍යාප්ත කිරීම සඳහා ලබාදිය හැකි සියලුම සහාය රජය විසින් ලබාදෙන බවයි.
COMMENTS