2017 නොවැම්බර් මාසයේ දී හඳුන්වා දෙන ලද ‘සීනි බද්ද‘ හේතුවෙන් මේ වන විට සිසිල් බීම නිෂ්පාදනයේ නිරත සමාගම් ගණනාවකම ලාභදායීත්වය සීඝ්‍රයෙන් පහ...
2017 නොවැම්බර් මාසයේ දී හඳුන්වා දෙන ලද ‘සීනි බද්ද‘ හේතුවෙන් මේ වන විට සිසිල් බීම නිෂ්පාදනයේ නිරත සමාගම් ගණනාවකම ලාභදායීත්වය සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බව අනාවරණය වී තිබේ. මෙරට ලැයිස්තුගත විශාලතම සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි පාරිභෝගික ආහාර අංශයේ පසුගිය කාර්තුවේ මූල්‍ය වාර්තා පිරික්සීමේ දී මේ බව මනාව තහවුරු වේ.
2018 ජූනි 30 න් අවසන් කාර්තුවේ දී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි පාරිභෝගික ආහාර අංශය රුපියල් මිලියන 339 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කර තිබෙන අතර එය පසුගිය 2017/18 වසරේ අදාළ කාලපරිච්ඡේදයේ දී වාර්තා කර තිබෙන රු. මිලියන 627 ක ලාභය හා සන්සන්දනය කිරීමේ දී 46% ක පහළ යාමකි.
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සභාපති, සුසන්ත රත්නායක මහතා විසින් මෙම මූල්‍ය ප්‍රතිඵල සම්බන්ධයෙන් කර ඇති සමාලෝචනයේ දී මේ සම්බන්ධයෙන් විශේෂ සඳහනක් කරමින් කියා සිටින්නේ, සමාගමේ පාන ව්‍යාපාර අලෙවියේ වාර්තා වී ඇති 37% ක පහළ යාම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි. මෙහිදී වැඩිදුරටත් සභාපතිවරයා අවධාරණය කරනුයේ 2017 නොවැම්බර් මාසයේ දී හඳුන්වා දෙන ලද නවතම ‘සීනි බද්ද‘ හේතුවෙන් සිසිල් බීම ඇතුළු පාන වර්ග මිල ගණන් විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් මෙම අංශයේ ලාභදායීත්වය මෙලෙසින් පසු බා ඇති බවයි.
මෙරට ජනප්‍රිය ‘අලියා බීම‘ සන්නාමය යටතේ පාන වර්ග නිෂ්පාදනය කරනු ලබන සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගම, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි අනුබද්ධ සමාගමකි. 2018 ජූනි 30 න් අවසන් කාර්තුව තුළ දී සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් මිලියන 675.79 සිට රු. මිලියන 238.92 ක් දක්වා 65% කින් පහළ ගොස් ඇත.
COMMENTS