ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතාව ඉදිරිපත් කිරීමට තීරණය කර නැතැයි මහින්ද රාජපක්ෂ මහතා විසින් පෙරේදා (15) කල ප්‍රකාශයත්, ඊට සමාන්...
ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතාව ඉදිරිපත් කිරීමට තීරණය කර නැතැයි මහින්ද රාජපක්ෂ මහතා විසින් පෙරේදා (15) කල ප්‍රකාශයත්, ඊට සමාන්තරව කුමාර වෙල්ගම මහතා හා වාසුදේව නානායක්කාර යන ඒකාබද්ධයේ නායකයින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රසිද්ධියේ පහරදීමත් 'වියත්මඟ' සංවිධානයේ කනස්සල්ලට හේතුවී ඇත.
ඒ සම්බන්ධයෙන් සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබා ඇති 'වියත්මඟ' සංවිධානයේ ප්‍රධානියකුවන නාලක ගොඩහේවා මහතා පවසන්නේ, අවසානයේ ජනතාව පිලිගන්නා අපේක්ෂයා නැතුව දිනිය නොහැකි බව කෘතහස්ත දේශපාලනඥයෙක් වන මහින්ද රාජපක්ෂ මහතා තේරුම් ගන්නා බව මටනම් විශ්වාස බවයි.
එම ෆේස් බුක් සටහන පහත දැක්වේ.

''සුලු පිරිසක් රෑ දවල් නිදි වරා ඉතා අමාරු තත්වයන් යටතේ, පොදු ජන පෙරමුණ නොසාදන්නට අදත් යූ ඇන් පී විරෝදීන්ට ඇති ව්‍යාජ විසඳුම සිරිසේන නායකත්වය දරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.
අපට කුමන ජනාධිපති අපේක්ෂකයා ගැන සිහින තිබුනත් ඔහුට ඉල්ලන්නට ස්වාධින පක්ෂයක් නැහැ. 2015 මහ මැතිවරණය අමතකද ? පක්ෂයක් නැතුව චන්ද පොලට නියෝජිතයෙකුවත් යවන්නේ කෙලෙසද ?.
අපි පටු ලෙස නොසිතමු. ප්‍රායෝගික වෙමු. පුද්ගල විරෝදය ප්‍රධාන අරමුණට බාධාවක් කර නොගනිමු. මීලඟ චන්දය විශාල සටනක්.
පුලුල් සංවිධාන ජාලයක් නොමැතිව අන්තර්ජාලයෙන් පමනක් චන්ද දිනිය නොහැකියි. අපේක්ෂකයා නම් කල වෙලාවට බලමු.
අන්තර්ජාල මාධ්‍ය ජාලය අපේ ප්‍රබලම අවියයි:
දේශපාලනයේ සියල්ල 100% පොතේ විදියට නිවැරදිව සිදුවන්නේ නැහැ. කවුරු කවුරුත් බලනවා පෞද්ගලික වාසි ගන්නට. නමුත් අවසානයේ ජනතාව පිලිගන්නා අපේක්ෂයා නැතුව දිනිය නොහැකි නොහැකි බව කෘතහස්ත දේශපාලනඥයෙක් වන මහින්ද රාජපක්ෂ මහතා තේරුම් ගන්නා බව මටනම් විශ්වාසයි.
එදාට කොයි කවුරුත් එක තැනකට ඒවි. අන්තර්ජාල මාධ්‍ය ජාලය මෙතෙක් අපේ ප්‍රබලම අවියයි. ඉදිරියටත් එය එසේම වේවි. නමුත් එය දෙපැත්ත කැපෙන කඩුවක් . පරිස්සමෙන් භාවිත කල යුතුයි. ඒ නිසා කලබල නොවෙමු. මෙතෙක් කලාක් මෙන් අපි ජනතාව දැනුවත් කරමු.''
මහින්ද කියපු කතාව !
පෙරේදා (15) පිළියන්දල පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා සිටියේ, ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන එන බවක් තමා කිසිවිටෙක ප්‍රකාශකර නොමැති බවය.
''ඔබතුමා අපිට නොකීවට ලොකු හාමුදුරුවෝ දන්නවා ඊළඟට ඉදිරිපත් වෙන්නේ කව්ද කියලා ? ගෝඨාභය මහත්තය බලයට ආවහම කරගන්නවා කියලා උන්වහන්සේ කිවා'' යයි පවසමින්, මාධ්‍යවේදියකු ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන්නේදැයි ව්‍යංගාර්ථයෙන් විමසු අවස්ථාවේදී ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා, ''මම එහෙම දෙයක් ප්‍රකාශ කරලා නැ. මම අයෙත් බලයට ආවහම ගෝඨාභය රාජපක්ෂ මහත්තයට වැඩ කරන්න පුළුවන්'' යයි පැවසිය.
මේ අතර දකුණෙන් හිට්ලර් කෙනෙක් බලයට පත්වුවහොත් අපේ රටම විනාශවන බව ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරමින් පවසද්දී, ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසන්නේ, ''ගෝඨාභය රාජපක්ෂ මහතා පසුපස සිටින බලවේග අතිශය භයානක බවයි.
COMMENTS