මුලතිව් කෝකිලායි පළාතේ අලුතින් සිංහල ජනාවාස ඉදි කිරීම කෙරෙහි දෙමළ ජාතික සන්ධානය විරෝධය පලකොට තිබේ. මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කරුණ...
මුලතිව් කෝකිලායි පළාතේ අලුතින් සිංහල ජනාවාස ඉදි කිරීම කෙරෙහි දෙමළ ජාතික සන්ධානය විරෝධය පලකොට තිබේ.
මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කරුණු සෙවීමට දෙමළ ජාතික සන්ධානය විසින් පත් කළ විශේෂ කමිටුව උතුරු පළාත් සභාවට යෝජනා කොට ඇත්තේ කෝකිලායි ප්‍රදේශයේ දැනට පදිංචිව සිටින හා ඡන්දහිමි නාමලේඛනයේ නම සදහන් පුද්ගලයෝ හැර වෙනත් පිරිස් පදිංචි කරවීම සදහා උතුරු පළාත් සභාව අවසර ලබා නොදිය යුතු බව බවයි.
උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ටී.රවිහරන් මහතාගෙන් සමන්විත පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් දෙමළ ජාතික සන්ධානය විසින් මේ කරුණ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම සදහා පත් කොට තිබූ අතර ඔවුන් විසින් එම වාර්තාව බාර දීමට පෙර 30 දා මුලතිව් කෝකිලායි ප්‍රදේශයේ යළි සංචාරය කොට තිබේ.
මේ පිරිස මීට මාස දෙකකට ඉහතදී මුලතිව් කෝකිලායි පළාතේ සංචාරය කොට තොරතුරු එක් රැස් කරණ ලද අතර ඒ අවස්ථාවේදී කෝකිලායි ශ්‍රී සම්බුද්ධ විහාරයේදී එහි විහාරාධිපති හිමියන් වූ ශ්‍රී තිස්සපුර ගුණරතන හිමියෝද හමුවී එම ඉඩම් පිළිබදව සාකච්ඡා කොට තිබේ.
මේ කමිටුව විසින් කියා සිටින්නේ මුලතිව් කෝකිලායි හා නායාරු පළාත් වල රජය විසින් සිංහල ජනාවාස ඇති කිරීමට පියවර ගෙන ඇති අතර ඒ සදහා ආරක්ෂක අංශ ආගමික නායකයින් හා මහවැලි සංවර්ධන ව්‍යාපාරය සහය දක්වන බවයි.
මුලතිව් පළාතේ අළුතින් පිහිටුවන සිංහල ජනාවාස සදහා දකුණේ ධීවර පවුල් වලට අයත් පිරිස් රැගෙන ඒ මට නියමිත බවත් ඒ පිරිස 7000 ක් පමණ වන බවත් දෙමළ ජාතික සන්ධානය විසින් පත් කරණ ලද කමිටුව විසින් පෙන්වා දී තිබේ.
මෙවැනි විශාල සිංහල ධීවරයින් පිරිසක් මුලතිව් පළාතට අලුතෙන් පදිංචියට පැමිණියහොත් මුලතිව් පළාතේ ධීවර කර්මාන්තයට විශාල බාධාවක් මෙන්ම එහි වැසියන්ගේ එදිනෙදා ජන ජීවිතයට විශාල බලපෑමක් එල්ල වන බවද කමිටුව විසින් පෙන්වා දී ඇත.
(දිනසේන රතුගමගේ)
COMMENTS