දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ලබා දුන් ණය කපා හැරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය.
Homeගොසිප්

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ලබා දුන් ණය කපා හැරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය.

PropellerAds

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් කාන්තාවන්ට ලබා දී ඇති රුපියල් ලක්ෂය දක්වා වූ ණය මුදල් කපා හැරීමට රජය තීරණය කරයි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මං...

කැලිෆෝනියානු විලක වතුර බැසයන අමුතු සිදුරක්
අවශ්‍යම අයට කංසා - ගංජා දෙන්න පුළුවන් - ට්‍රම්ප් නීති වෙනස් කරයි
හමුදාව යුද සමයේ කාන්තාවන් අපයෝජන කළැයි චන්ද්‍රිකා කිව්වෙ නෑලු


ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් කාන්තාවන්ට ලබා දී ඇති රුපියල් ලක්ෂය දක්වා වූ ණය මුදල් කපා හැරීමට රජය තීරණය කරයි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද ඊට අදාළ සංදේශයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

ඒ අනුව මෑත කාලයේ දී ඇති වූ නියඟය හේතුවෙන් වගා කන්න 5ක් එක් දිගට හානි වූ දිස්ත්‍රික්ක 12ක කාන්තාවන් විසින් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වෙතින් ලබාගෙන තිබු පරිභෝජනය සඳහා නොවන ණය කපා හැරෙනු ඇත. ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වවුනියාව, මන්නාරම, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ණය ලබා ගත් කාන්තාවන්ට මෙම සහනය සැලසේ.

අදාළ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ඉදිරියේ දී ලබා දෙනු ලබන  සියලු ණය වෙනුවෙන් පොලිය 30%ක උපරිමකට යටත් කිරීමට ද රජය විසින් තීරණය කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ  සහ ලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ ලියාපදිංචි කර ඇති මූල්‍ය ආයතන මගින් ලබා දී ඇති පාරිභෝගික නොවන ක්ෂුද්‍ර මූල්‍ය ණය මෙලෙස කපා හැරෙනු ඇත.

මෙම ණය සඳහා අය විය යුතු පොලිය අදාළ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනය මගින් කපා හැරිය යුතු වේ.

ක්ෂුද්‍ර  මූල්‍ය ආයතන මගින් ලබා දුන් රුපියල් ලක්ෂයක් දක්වා වූ ණය මුදල් මහා භාණ්ඩගාරය මගින් අදාළ ආයතන වෙත ප්‍රතිපූර්ණය කරනු ලැබේ. එම මුදල් ආපසු ගෙවීම සඳහා රුපියල් මිලියන 500ක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ යටතේ ඇති සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව වෙත වෙන් කර ඇත.

මෙම ණය සහනලාභීන්ට එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා පොලී සහනාධාර වැඩසටහන යටතේ ණය ලබා ගැනීමේ දී ප්‍රමුඛතාව ලබා දීමට තීරණය කර ඇති අතර එම ණය ගෙවීම සඳහා වසර 2ක සහන කාලයක් ද හිමි වේ.

මීට අමරතව සමූපකාර සමිති හරහා ක්‍රියාත්මක වන ග්‍රාමීය ආර්ථිකය නැංවීමේ වැඩසටහන්වල දී ද මෙම ප්‍රතිලාභීන්ට ප්‍රමුඛතාව හිමි වනු ඇත.

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් ගෙයින් ගෙට ගොස් සුරැකුම් හා කොන්දේසි නොමැතිව ණය ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනු ලබන අතර ඔවුන් විසින් මේ සඳහා 40% සිට 220% දක්වා වාර්ෂික පොලියක් අය කරනු ලබයි. මෙසේ ලබා ණය ගැනීමේ දී වසර දෙකක් හෝ ඊට වැඩි කාලයක් සඳහා ගනු ලබන බහු ණය සඳහා ලබා ගත් මූලික ණය මුදලට වඩා වැඩි මුදලක් පොලිය වශයෙන් ගෙවීමට ණයලාභීන්ට සිදුවේ.

එහෙයින් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් ඉදිරියේ දී දෙනු ලබන සියලු ණය සඳහා අය කරනු ලබන පොලිය සඳහා 30%ක උපරිම සීමාවක් පනවා ඇති බැවින් ක්ෂුද්‍ර මූල්‍ය ණයලාභීන් ණය උගුලක හසු වීම වැළැක්වීමට මෙය රජය විසින් ගනු ලැබූ කාලීන පියවරකි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ලබා දුන් ණය කපා හැරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය.
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ලබා දුන් ණය කපා හැරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhM-by90TZXy_yPfWTE4P-3b4adXpX81uTyyA5lxmyqZPUjloQqZL_aNlJ6vRBDLURV9xUssuJYBtlz99yDWOQYNXn-EkEPO_SAZDv-P7-wo2IT9D1X2j_tdAq1qRU-a8HpX45szTKAED4v/s1600/mangala+samaraweera+infosrilankanews.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhM-by90TZXy_yPfWTE4P-3b4adXpX81uTyyA5lxmyqZPUjloQqZL_aNlJ6vRBDLURV9xUssuJYBtlz99yDWOQYNXn-EkEPO_SAZDv-P7-wo2IT9D1X2j_tdAq1qRU-a8HpX45szTKAED4v/s72-c/mangala+samaraweera+infosrilankanews.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_395.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_395.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy