දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'දැවෙන විහඟුන්' මට බොහෝ දේ අහිමි කළා - සමනලී.
Homeගොසිප්

'දැවෙන විහඟුන්' මට බොහෝ දේ අහිමි කළා - සමනලී.

PropellerAds

'දැවෙන විහඟුන්' චිත්‍රපටය පසුගියදා තිරගත වීම ආරම්භ කළ අතර මෙම චිත්‍රපටය ආන්දෝලනාත්මක ස්වරූපයක් ගෙන ඇති බව සමාජජාල ඔස්සේ සිදුකරන ...

”මහ රජාණෝ” පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙනෙක් කළ අයට හෙන ගහනවා - ඇමති දුමින්ද
බැංකි මූන් ජනපති හමුවූ හැටි
ෆේස්බුක් රොකට්ටුව පිපිරුමක් සමග ගිනිගනී


'දැවෙන විහඟුන්' චිත්‍රපටය පසුගියදා තිරගත වීම ආරම්භ කළ අතර මෙම චිත්‍රපටය ආන්දෝලනාත්මක ස්වරූපයක් ගෙන ඇති බව සමාජජාල ඔස්සේ සිදුකරන පලකිරීම් මගින් පෙනීයයි.

මේ වන විට මෙහි අධ්‍යක්ෂකවරයා සහ රංගන ශිල්පීන් අතරද යම්කිසි මත ගැටුමක් හටගෙන ඇති බවද එයින් සැලවේ.

කෙසේ වෙතත් එහි ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරන සමනලී ෆොන්සේකා මහත්මිය මේ පිළිබඳව සිය ෆේස්බුක් පිටුවේ මෙවන් සටහනක් තබා තිබුණි.

"මා මාගේ පෞද්ගලික ජීවිතයේ හෝ වෘත්තීය ජීවිතයේ ප්‍රශ්න මුහුණු පොතේ ලියන්නේ නැත. එහෙත් මෙය ලියන්නට දැන් කාලය පැමිණ ඇත. තමා රඟපෑ චිත්‍රපටයක් තිරගතවීමේදී ඒ සඳහා කෙරෙන ප්‍රචාරන කරයුතු වලට සහාය දැක්විය යුතුය යන කාරණාව ලංකාව වැනි රටක රංගනශිල්පීන් සිදුකරන්නේ කිසිඳු අමතර මුදලක් නොමැතිව, හුදු නිහතමානී වගකීමකිනි. 'දැවෙන විහඟුන්' චිත්‍රපටය තුල පැනනැඟුණු අනේක විද ප්‍රශ්න හමුවේ මා හැම මොහොතකම සිටගත්තේ චිත්‍රපටය සමඟ පමණි. එහෙත් පූර්ව ප්‍රචාරන කටයුතු උදෙසා මුල් අවස්තාවේ චිත්‍රපටයේ සහාය චරිතයක් වන මාගේ රූපය භාවිතා කිරීමේදී මා අධ්‍යක්ෂකගෙන් විමසා සිටියේ එසේ කරන්නේ ඇයි කියා හා එය එසේ නොකරන ලෙසටත් ය. මන්ද එමඟින් නරක ප්‍රතිරූපයක් ගොඩනැගෙන්නේ ඔබලා කවුරුන් ගැනවත් නොව, ප්‍රධාන රංගන ශිල්පිනියගේ තැන රැගෙන පෝස්ටරයේ සිටින සහාය චරිතයකට පණ පොවන මා ගැන බව මම ඔහුට පවසා සිටියෙමි. ඔහු කීවේ මා පමණක් නොව අනෙත් චරිතත් ඉදිරියේදී මේ සඳහා පාවිච්චි කරන බවය. එමෙන්ම ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට යන චිත්‍රපටය වෙනස් එකක් වන නිසා එහි ප්‍රචාරන කටයුතු වෙනස් ආකාරයකින් සිදුකරන බවය. එය එසේ වුවත් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන රංගන ශිල්පිනියගේ රූපය ඉතා අවම ලෙස ප්‍රචාරන කටයුතු සඳහා භාවිතා කිරීමත්, මේ හේතුවෙන්ම අනෙක් සෙසු චරිත අතරින් මා සිටින ප්‍රචාරන වලට වැඩි අවදානයක් යොමුවීමත් හේතුවෙන් ජාත්‍යාන්තරය හමුවේ ප්‍රදර්ශනය කෙරූ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය අනෝමා ජනාදරී මහත්මිය වුවත් ලංකාව තුල තිරගත වීමට නියමිත චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මා බවට ප්‍රචාරයක් පැතිර ගියේය. අධ්‍යක්ෂකගේ ආරාධනාවෙන්, මාගේ පෞද්ගලික වියදමින් (ගුවන් ටිකට් පත්) මේ චිත්‍රපටය නියෝජනය කළ Rotterdam හා Gothernburg චිත්‍රපට උළෙලවල් වලට මම සහභාගී වූ අවස්තාවේදී මම ජාත්‍යාන්තරයට ප්‍රදර්ශනය කළ චිත්‍රපටය නරඹා තිබූ මුත්, යාපනයේදී මෙම ලංකාවේ ප්‍රදර්ශනය වන්නට නියමිත චිත්‍රපටය ප්‍රදර්ශනය කළ අවස්තාවේදී මට එය නැරඹීමට නොහැකි විය. එහෙත් මෙවැනි ප්‍රචාරයක් යද්දී අධ්‍යක්ෂක වරයාගෙන් මා ඒ ගැන විමසූ විට ඔහු කීවේ එවැන්නක් සිදු නොවී ඇති බවයි. තවද යාපනයේ දර්ශනය නැරඹූ මගේ හිතවතුන්ගෙන් අසා දැනගත් පසු ඔවුන්ද කීවේ එහි ප්‍රධාන භූමිකාව කර ඇත්තේ අනෝමා ජනාදරී මහත්මිය බවයි. ඒ මොහොතේ යමක් ලියන්නට සිත්වී ද මා එය නොකළේ ප්‍රදර්ශනය වීමට නියමිත චිත්‍රපටය ගැන සිතාය. මේ සියල්ලටම හේතුව මේ චිත්‍රපටයේ එන ප්‍රධාන භූමිකාව හිමි රංගන ශිල්පිනියට ඇයට වෘත්තීයව හිමිවිය යුතු නිසි ආස්තානය ලබා නොදීමයි. මා මෙන්ම චිත්‍රපටයට දායක වූ සෙසු බොහෝ පිරිස් අනෝමා ජනාදරී මහත්මිය සමඟ සිටගත්තත්, චිත්‍රපටය සම්බන්ධයෙන් ඇය මුහුණුපොතේ සිදුකරන අප එකඟ නොවූ හැසිරීම් නිසා මා මෙන්ම ඔවුන් ද ඇයගෙන් ඈත් විය. මෙය පෞද්ගලිකව හෝ නීති මාර්ගයෙන් බේරාගත යුත්තක් බවත් මෙලෙස එම ප්‍රශ්න මුහුණුපොතේ දැමීම නොකළ යුතු බවත් අප සැවොම ඇයට කියා සිටියද, ඇය ඒවාට ඇහුම්කන් දුන්නේ නැත. ඇය ඉතාම දක්ෂ වෘත්තීය රංගන ශිල්පිනියක්, ඉතාම හොඳ යෙහෙළියක් වූවත් මාගේ මේ විවේචනය මා ඇයටත්, වෙනත් අයටත් නොයෙක් වර පවසා ඇත. අවසාන වශයෙන් මෙම ප්‍රශ්නය තවදුරටත් චිත්‍රපටයේ ප්‍රශ්නයක් නොවී දෙදෙනෙකුගේ 'ඊගෝ' ගැටුමක් ලෙස දිස්විය. එහෙයින් එවැනි දෙයකට මැදිහත් වීමට වඩා පසෙකට වීම හොඳයැයි මම තීරණය කළෙමි. කෙසේවෙතත් මේ මොහොත වනවිට පෙර කියූ ජාත්‍යාන්තරයේ ප්‍රදර්ශනය කළ චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශන කිරීමට අධ්‍යක්ෂක හා නිෂ්පාදකයන් තීරණය කර ඇත. ඒ සඳහා මොවුන් යලිත් වරක් චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් වන මා හා දසුන් පතිරණ මහතාව ප්‍රචාරනය සඳහා පාවිච්චි කර ඇත. දැන් අධ්‍යක්ෂක පවසන පරිදි ලංකාව තුල පෙන්වූ චිත්‍රපටයේ ප්‍රචාරන කටයුතු වෙනස් ආකාරයකට සිදු වූවා නම්, ජාත්‍යාන්තරයට පෙන්වූ ඔරිජිනල් චිත්‍රපටයේ ප්‍රචාරනය සඳහා චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පිනිය යොදා නොගන්නේ ඇයිදැයි මට නොවැටහේ. ඇය සමඟ ඔතරම්ම පෞද්ගලික ප්‍රශ්නයක් ඇත්නම් ඇය සිටින සියලු දර්ශන චිත්‍රපටයෙන් ඉවත් කළ යුතු නොවේද? ඇයගේ මුහුණ දැකීමට පවා අකමැති නම් දිගටම ඇය හා ඇති ප්‍රශ්නය වෘත්තීය පළිගැනීමක් දක්වා රැගෙන යනවා නම්, ඇය පෙනී සිටින 'චිත්‍රපටය' ප්‍රදර්ශනය සඳහා භාවිතා කරන්නේ කුමන තර්කයකින්දැයි මට නොවැටහේ. පෞද්ගලිකව අනෝමා ජනාදරී මහත්මියගේ ප්‍රතිචාර විලාසය මා අනුමත නොකළත් ඇයව තම සිනමා පටයේ ප්‍රධාන රංගන ශිල්පිනිය ලෙස මේ මොහොතේත් අධ්‍යක්ෂක පිලිගන්නවා නම්, ඇයට හිමි ඇගේ වෘත්තීය අයිතිවාසිකම ලබාදිය යුතුය යන්න මාගේ මතයයි. කෙසේවෙතත් අවසානයේ "චිත්‍රපටය වර්ෂන් කීයකට කඩනවාද?", "පෝස්ටරේ ඉන්නේ කවුද?", "පබ්ලිසිටි වලට පාවිච්චි කරන්නෙ කාවද?", "ටයිට්ල් එකේ මුලින් නම දාන්නේ කාගෙද...?" වැනි කිසිම කරුණක් සම්බන්ධව නිර්මාණකරුවාව නීතිමය වශයෙන් ප්‍රශ්න කිරීමට අපට අයිතියක් නැත. අපට මුදල් ගෙවා අපේ දායකත්වය නිර්මාණයට ලබාගෙන හමාරය. නිර්මාණයේ අයිතිකරු ඔහුය. එහෙත් මේ දිගින් දිගටම සිදුවන වෘත්තීයමය සදාචාර විරෝධී ක්‍රියාව ප්‍රශ්න කිරීමේ හෝ විවේචනය කිරීමේ සදාචාරාත්මක අයිතිය අප සතුව ඇත. 
මෙතෙක් මා පැමිණි මේ වෘත්තීය ගමනේදී මා කිසිවෙකුගේ අවස්තාවක් උදුරා ගැනීමටවත්, කිසිවෙකු පරාජය කිරීමටවත්, කිසිවෙකු අබිබවා යෑමටවත්, කිසිවෙකුගේ වෘත්තීය අයිතිවාසිකම් හෝ වෘත්තීය ගරුත්වය නැති කිරීමටවත් ක්‍රියා කර නොමැති බව මා හඳුනන සියලු දෙනා දනී. නිර්මාණයකට දායක වන සියලුම දෙනා සමඟින් එකතු වී මා, මට ලැබෙන චරිතයට උපරිම දායකත්වය ලබාදීමට පමණක් උත්සාහ කරන කෙනෙකි. මා ද ඇතුලුව අපේ යුගයේ බොහෝ දෙනා අප දායක වන චිත්‍රපට වලින් මහා මුදලක් උපයන්නේ නැත. උපයන්නේ එකිනෙකා ගැන විශ්වාසය, සහෝදරකම්, ආදරය හා අත්දැකීම් පමණි. 'දැවෙන විහඟුන්' චිත්‍රපටය මට මිනිසුන් ගැන අත්දැකීම් අතිවිශාල ප්‍රමාණයක් ලබාදුන් අතර සහෝදරකම්, විශ්වාසය හා ආදරය අහිමි කළේය...!"

- සමනලී ෆොන්සේකා.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29387,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'දැවෙන විහඟුන්' මට බොහෝ දේ අහිමි කළා - සමනලී.
'දැවෙන විහඟුන්' මට බොහෝ දේ අහිමි කළා - සමනලී.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi0RaZJV1T0oNFeEUXt9_3ayJc24s7_6dahyphenhyphenEuOJAnhzdxoL8CqQQv2RP8atsLXv48p8gShs-XTYNIcScOmyrvhnPkTBx_mOhVVX_Z0nc7x0lzI4KhYsij0BGpoKucdc3zE8sLs0ZI8gHxd/s1600/samanali.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi0RaZJV1T0oNFeEUXt9_3ayJc24s7_6dahyphenhyphenEuOJAnhzdxoL8CqQQv2RP8atsLXv48p8gShs-XTYNIcScOmyrvhnPkTBx_mOhVVX_Z0nc7x0lzI4KhYsij0BGpoKucdc3zE8sLs0ZI8gHxd/s72-c/samanali.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_302.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_302.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy