කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ වසර 10ක් සඳහා තාවකාලික මගී පර්යන්තයක් ඉදිකරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සි...
කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ වසර 10ක් සඳහා තාවකාලික මගී පර්යන්තයක් ඉදිකරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පෙරේදා (19) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.
කටුනායක ගුවන්තොටුපොළේ දෙවැනි මගී පර්යන්තය ජයිකා ආයතනය සමග එක්ව ඉදිකිරීමට තීරණය කළද, එය තවදුරටත් ප්‍රමාද වන බැවින් මෙම මගී පර්යන්තය ඉදි කරන බව අමාත්‍යවරයා පැවසීය.
තාවකාලික මගී පර්යන්තය වසර 10ක් භාවිත කළ හැකි පර්යන්තයක් බවත්, ඒ අතරතුර කාලයේදී දෙවැනි මගී පර්යන්තය ඉදිකරන බවත් සිරිපාල අමාත්‍යවරයා කීවේය.
COMMENTS