"මාස දොළහක් ඇතුළත රේගුවේ එක් නිලධාරියකු රුපියල් මිලියන 100කට ආසන්න මුදලක් ප්‍රතිලාභ වශයෙන් ලබාගෙන තිබෙනවා" යැයි මුදල් හා ජනමා...
"මාස දොළහක් ඇතුළත රේගුවේ එක් නිලධාරියකු රුපියල් මිලියන 100කට ආසන්න මුදලක් ප්‍රතිලාභ වශයෙන් ලබාගෙන තිබෙනවා" යැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර පාර්ලිමේන්තුවේදී පැවැසීය.
නිලධාරීන් 21 දෙනෙක් වසරකදී මිලියන 400ක මුදලක් 'රිවොඩ්' වශයෙන් ලබාගෙන තිබෙන බව පැවසු ඇමතිවරයා,
සුළු පිරිසකට පමණක් ලැබෙන මෙවැනි මුදලක් රේගුවේ 1600ක් පමණ වන සියලුම දෙනාට සමව බෙදාදීමට අදහස් කරන බවත් ඒ සඳහා නව රේගු පනත ක්‍රියාත්මක කරන තෙක් මේ සඳහා වන නියෝග මේ සතියේ නිකුත් කරන බවත් කියා සිටියේය.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීය.
'' ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් අතරින් සියයට එකක පමණ පිරිසක් වාර්ෂිකව වැටුපට අතිරේකව විශාල මුදලක් ප්‍රතිලාභ වශයෙන් ලබාගන්නවා. නිලධාරීන් 21 දෙනෙක් මිලියන 400ක මුදලක් 'රිවොඩ්' වශයෙන් ලබාගෙන තිබෙනවා.
රේගු නිලධාරීන් 12 දෙනෙක් හැම අවුරුද්දෙම ඉහළ ප්‍රතිලාභ ලබාගෙන තිබෙනවා.
රේගු දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කරන්න අපි කටයුතු කරනවා. දැනට ක්‍රියාත්මකව තිබෙන්නේ 1885 රේගු පනත. එම පනත වෙනුවට නව පනතක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනවා.
සුළු පිරිසකට පමණක් ලැබෙන මේ මුදල රේගුවේ 1600ක් පමණ වන සියලුම දෙනාට සමව බෙදාදීමට අදහස් කරනවා. නව පනත ක්‍රියාත්මක කරන තෙක් එසේ කරනවා. මේ සඳහා වන නියෝග මම මේ සතියේ නිකුත් කරනවා.''
COMMENTS