ජනවාරි 08 වනදා ජනතාව බලය දුන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක...
ජනවාරි 08 වනදා ජනතාව බලය දුන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ ඊයේ (19) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයන් අමතමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“අද මේ රට පාලනය කරන්න බලය දුන්නේ 08 වෙනිදා මාව පරද්දලා ජනාධිපති සිරිසේන මහත්තයට. රනිල් වික්‍රමසිංහ මහත්තයට නෙවෙයි. අද රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හා එක්සත් ජාතික පක්ෂය මේ රට පාලනය කරනවා. ජනාධිපතිවරයා කියන්නේ. ඒ කවුරු පාලනය කලත් වගකීම තියෙන්නේ ජනාධිපතිවරයාට. මේ තුලින් ඇති වෙලා තියෙන්නේ රටේ සම්පත් ටික විකුණන එක. විරැකියාව වැඩි වෙච්ච එක. ආර්ථිකය කඩා හැලිච්ච එක. ණය බර කියලා මහා ලොකුවට කෑ ගැහුවා හැබැයි අපි ගත්තට වඩා ණය අරගෙන. මේ රට තව තවත් ණය බරින් හෙම්බත් කරන්න පියවර ගන්නවා කියන එක අපි කාටත් පැහැදිලියි.”
COMMENTS