උතුරු සංවර්ධන,නැවත පදිංචිකිරීම්,පුනරුත්තාපන හා හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දුන් කාදර් මස්තාන් මහතා හින්දු කටයුතු නියෝජ්...
උතුරු සංවර්ධන,නැවත පදිංචිකිරීම්,පුනරුත්තාපන හා හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දුන් කාදර් මස්තාන් මහතා හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව මේ වන විට අමාත්‍යවරයා ජනාධිපති ලේකම්වරයා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වමින් සිටී.
නව රාජ්‍ය හා නි.අමාත්‍යවරු පත් කිරීමේදී හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරය කාදර් මස්තාන් මහතාට පිරිනැමීමත් සමඟ දෙමළ දේශපාලන ධාරාවෙන් එල්ල වූ විරෝධය හා විවේචන මත මෙම තීරණය ගෙන ඇති බවද පැවසේ.
තමාට පිරිනැමූ හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී උතුරු සංවර්ධන පුනරුත්තාපන හා නැවත පදිංචි කිරීමේ නි. අමාත්‍ය ධූරයේ යළි දිවුරුම් දීමට නියමිතව ඇති බවද එම ආරංචිමාර්ග තවදුරටත් කියා සිටීයි.
COMMENTS