නියෝජ්‍ය අමාත්‍යවරයකුට වාහනයක් ලබා ගැනීම, රාජ්‍ය අමාත්‍යවරයකුගේ කාර්යාල නඩත්තුවට සහ තවත් රාජ්‍ය අමාත්‍යවරයකුගේ නිල නිවෙස අලුත්වැඩියා කිරීම...
නියෝජ්‍ය අමාත්‍යවරයකුට වාහනයක් ලබා ගැනීම, රාජ්‍ය අමාත්‍යවරයකුගේ කාර්යාල නඩත්තුවට සහ තවත් රාජ්‍ය අමාත්‍යවරයකුගේ නිල නිවෙස අලුත්වැඩියා කිරීම ඇතුළු කරුණු කිහිපයක් වෙනුවෙන් රුපියල් නව කෝටි හැට ලක්ෂ හතළිස් දෙදහසක වියදම් කළ මුදල් ලබා ගැනීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඊයේ (19) ඉදිරිපත් කළේය.
ජාතික, සහජීවන සංවාද හා රාජ්‍ය භාෂා නියෝජ්‍ය අමාත්‍යවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් හාර කෝටි තිස් ලක්ෂයක්ද, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙනුවෙන් අතිරේක ප්‍රතිපාදන සැලසීම සඳහා රුපියල් හාර කෝටි හැට ලක්ෂ හතළිස් දෙදහසක්ද, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ශබ්ද පද්ධතිය ස්ථාපිත කිරීම සහ රාජ්‍ය අමාත්‍යවරයාගේ නිල නිවෙස නවීකරණය කිරීම සඳහා වන වියදම් වෙනුවෙන් රුපියල් හැත්තෑ ලක්ෂයක්ද වියදම් කිරීම වෙනුවෙන් වූ ප්‍රතිපාදන පියවීම සඳහා මෙම මුදල් ඉල්ලා ඇත.
ආණ්ඩු පක්ෂ සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
COMMENTS